Friday, August 12, 2016

හින්දු පූජකයින් ලවා බෞද්ධයින්ට බන දේශනා කරවා නිර්මල බුදු දහම විකෘති කරන ආකාරය ගැන සංවේදී වන්න...

හින්දු පූජකයෙකු ලවා ධර්මය විකෘති කොට දේශනා කරමින් බුදු දහම විනාශ කරන බෞද්ධ විරෝදී මාෆියාව පිටු දකිමු
නිර්මල බුදුදහම අනතුරේ...
ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධයිනි මෙම වීඩියෝවට අනිවාර්යෙන් සවන් දෙන්න. 
බෞද්ධයින්ට බුදුදහම දේශනා කරන මිත්‍යාදෘෂ්ඨික හින්දු භක්තිකයෙක් හඳුනාගන්න....
මොවුන් පසුපස සිටින, නිර්මාංසය ඉදිරියට දාගෙන බුදුදහම විනාශ කරන මාෆියා සංවිධානය හඳුනාගන්න ....
ඔබත් නොදැනුවත්ව හෝ මොවුන්ගේ පරගැති ව්‍යාපාරයට අනුබලයක් වී නම් ඉතා ඉක්මනින් ඉන් ඉවත් වන්න.....



මොහු මොහුගේ දේශනය ආරම්භ කරන්නේ හින්දු බක්තියක්යින් අදහන ලෝක තුනට ඉහලින් තිබෙන තවත් ලෝකයක් ලෙස නිර්වාණය හුවා දක්වමිනි. 
සිංහල බෞද්ධයාගේ මූලික පදනම වන නිර්වාණය නිර්දය ලෙස විකෘති කර අභියෝග කරද්දී අසල සිටින ස්වාමීන් වහසේත් බෞද්ධ යයි කියා ගන්නා පරගැති නිර්මාංස නඩය වචනයක් හෝ කතා නොකරයි. මොවුන් මේ මුසාවාද දෙසා බාන්නේ ප්‍රසිද්ධ නාලිකාවක් හරහා සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාවටයි.


මේ සිටින්නේ සත්ව අවිහිසාව නමින් NGOවක් අටවාගෙන විවිධ මිත්‍යා දෘෂ්ටිකයින් යොදවාගෙන නිර්මල බුදුදහම නිර්මාංස සිල් වෘතයක් බවට පත්කර බුදුදහම අවමානයට ලක් කිරීම වෙනුවෙන් විශාල මුදලක් ලබන NGO නඩේ ගුරා... නිහාල් විජේරත්න නම් නිඝන්ට නායකතුමයි... 

මේ පහල දැක්වෙන්නේ  සත්ව අවිහිංසා  NGO නඩේ ගුරා ගැන දන්නා හඳුනන අය කියන දේයි.
නිර්මල බුදු දහම පිලිබඳ හරි අවබෝධයක් නොමැත තරුණ හා ළමා පරපුර නිර්වාණය යනු මරණයෙන් පසු යන තවත් ලෝකයක් ලෙස මේ වැඩසහන නැරඹීමෙන් පසු සිතනවා නොඅනුමානයි. 
මොවුන්ගේ මේ අවලජ්ජ් අර්ථකථනය නිවැරදි කල යුතු නිසා නිර්වානය පිලිබඳව කෙටි හදුන්වාදීමක් කරමු. 
අති උතුම් වූ නිර්වාණය නම් මේ ඔබ ලැබූ උතුම් මිනිසත් භාවයෙදීම් ලබා ගතයුතු උත්තරීතර තත්වයකි. එසේ නොමැතිව මරණින් පසු යන තවත් ලෝකයක් නොවේ. අප නොදන්නවා උවද නිවන අවබෝධ කරගත් බෞද්ධයන් අප අතරද සිටිනවා විය හැකිය. 
මේ භාවයේදීම නිවන අවබෝධ කරගැනීමට උත්සාහ දරන බෞද්ධයා මූලික වශයෙන් ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරයි. ඉන්පසු ලෝකෝත්තර ආර්ය ආශාතන්ගික මාර්ගයේද, පසුව සතර සත්පට්ඨානය වැඩීමද ආරම්භය කරයි. ඒ තුල තමා පිලිබඳ ත්‍රිලක්ෂණයට අනුව මෙනෙහි කරමින් නිර්වාණයේ මග සලකුණු හතර ක්‍රමයෙන් පසු කරයි. 
බුද්ධ දේශනාව අනුව නිර්වාණය අංග හතරකි.
  1. පලමු නිර්වාණය සොතාපන්නයයි 
  2. දෙවන නිර්වාණය සකෘදාගාමී වීමයි 
  3. තෙවන නිර්වාණය අනාගාමි වීමයි
  4. හතරවන නිර්වාණය අරිහත් වීමයි
මෙම නිවන්මාර්ගයේ ගමන් කරන බෞද්ධයා නිර්මාන්ස විය යුතු යැයි ත්‍රිපිටකයේ කිසිඳු තැනක සඳහන් නොවේ. තමාට අවශ්‍ය යයි සිතෙනවානම් නිර්මාංස විය හැකියි. නැතිනම් ත්‍රිකෝටි පාරිශුද්ධ වූ මාංසය වැළදීමෙන් නිවන් මගට කිසිඳු බාදාවක් නොවේ. 
නිර්මල බෞද්ධයා ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලක දකින්නේ සත්වයෙකු නොවේ. එය නිර්මාණය වී ඇති මූල ධාතු පමණි. එහි ඇති අනිත්‍ය ස්වාභාවය පමණි. ඇති නැතිවන ස්වාභාවය පමණි. නිර්මාංසය වෘතයකි. දෙවිදත්තර මෙම වෘතය භික්ෂූන් වහසේට අනිවාර්ය කල යුතුයැයි බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට එය එකහෙලා ප්‍රතික්ෂේප කල සේක. පළමු නිර්වානය වන සෝතාපන්න මාර්ගයට එලබීමේ පළමු අංග තුන සක්කාය දිට්ඨි, විචිකිච්චා හා සීලබ්බත පරාමාසයයි. නිර්මාංසය වෘතයක් බැවින් එය අනුගමනය කරන්නන් එක හෙලා සීලබ්බත පරාමාසයට වැටේ. නිර්වාණය අවබෝධ කරගැනීමේ ඉඩකඩ ඔවුනට එකහෙලා ඇහිරී යයි. මේ හේතුව නිසයි නිර්මාමාංස නඩය බෞද්ධ විරෝදී මාෆියාවක් ලෙස අප හඳුන්වන්නේ.  
මොවුනට මෙම ව්‍යාපෘතිය නිසා මුදල් ලැබෙනවානම් තමන්ගේ බඩගෝස්තරය රැකෙනවා නම් ඒ පිලිබඳ අපේ විරුද්ධත්වයක් නැත. නමුත් මීට නිර්මල බුදුදහම ගාවා ගැනීමට ගැනයි අපේ විරෝධය. නිර්මල බුදුදහමට කරන විකෘතියටයි අපේ විරෝධය...

මේ හින්දු පූජකයා බෞද්ධ චීවරයට සමාන ඇඳුමක් ඇඳ සිටී. මොහු දානය වළඳයි. හින්දු පූජකයන් කොහෙද දන් වැළදුවේ. ඔවුන් ආහාර කයි. මේ නිර්මල බුදුදහම සියුම්ව හින්දු කරණය
කිරීමයි. 

මෙම පූජකයා කියන්නේ ඇත්තක් නම් මෙම නඩය මෙම හින්දු පූජකයා පන්සල් වල දේශනා වලට ගෙන්වයි. එසේ ගෙන්වීම ගැන අපේ විරෝධයක් නැත. නමුත් මොහු කියන්නේ ඔහු එසේ පැමිණ බෞද්ධයාට බන දේශනා කරන බවයි. හින්දු ධර්මයේ කොහේද බන කියල එකක් තියෙන්නේ... මොවුන් නිර්දය ලෙස නිර්මල බුදු දහම හින්දුකරණය කරමින් සිටී. දේව ආගමක් බවට පත්කරමින් සිටී.

බුදුදහමත් හින්දු ආගමත් ළඟ ළඟ යන ආගම් දෙකක් බව මොහු කියයි. ළඟ සිටින මේ නඩය එය අනුමත කරමින් සිටී. හින්දු ධර්මය හා බුදුදහම කාසියක දෙපැත්ත තරම් ප්‍රතිවිරුද්ධ දෙකකි. බුදුදහම මහා දහම් සයුරකි. හින්දුන් දෙවියන් අදහමින් හොඳ ආත්මයක් ලබන ආකාරය සොයයි. බෞද්ධයින් සසර කෙළවර කරන ආකාරය සොයයි. මෙම ආගම් දෙකේ මූලික හරයන් එක හෙලා ප්‍රතිවිරෝධී වෙයි. මොවුන් බුදු දහම සැහැල්ලුවට ලක්කරමින් සිටී. 

නිර්මල බෞද්ධයා පොල්ගසන බව කියයි. මෙම මාෆියා රැල එය අනුමත කරයි. පොල්ගසා ද්වේශය වපුරන්නේ නිර්මල බෞද්ධයා නොවේ. මොවුන්ගේ මෙවැනි වැඩපිළිවෙලවල් හරහා හින්දුකරණයට ලක්කරන ලද බෞද්ධයායි. 

මේ හින්දු භක්තිකයා උදේ දානය වැළඳුවේ නැති බවක් කියයි. ඔහුට තමාගේ ආහාරය ඕනෑම අයුරකින් හදුන්වා ගැනීමේ අයිතියක් ඇත. නමුත් මෙහිදී අප සැලකිය යුත්තේ පරගැති නිර්මාංස සභාපතිවරයා මොහුට දන් පිළිගන්වා තිබීමයි. මොහු කරන්නේ බුදු මහරහතන් හා භික්ෂුන් වහන්සේ වෙනුවෙන් භාවිතා කරන දානය යන වචනය මෙවැනි මිත්‍යා දෘෂ්ටිකයින් වෙනුවෙන් භාවිතා කර උතුම් බුදු දහම සැහැල්ලුවට ලක් කිරීමයි. 
ශ්‍රී ලාංකේය බෞද්ධයා මෙවැනි සියුම් කරුණු ගැන මුල සිටම නිසි අවධානය යොමු නොකළහොත් බුදු දහමේ විනාශය වැඩි ඈතක නොවේ.

බෞද්ධයිනි අවදි වන්න ....
මෙවැනි මිත්‍යාදෘෂ්ඨිකයින්ගෙන් ධර්මය ආරක්ෂා කර ගැනීමට වචනයකින් හෝ දායක වන්න....   

1 comment:

  1. just ignore. According to Buddha, people have their own rights to follow visions weather it is right or wrong. Only fFew people are fortunate enough to comes across Buddhist Message in its right spirit. Note that even Buddha's immediate neighbor Sukara missed the chance. Apa gana moma kathada

    ReplyDelete