Wednesday, September 7, 2016

අමනුෂ්‍ය ආබාධයක් සුව කිරීමට අමු මස් හා අමු ලේ සුදුසු යයි අනුදැන වදාළ අවස්ථාව

මහා වග්ගපාලි භේසජ්ජඛන්ධකය 
”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්ධායා උපට්‌ඨහන්තා නාසකංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.”

එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’

‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” 

අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. 

ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි

No comments:

Post a Comment