Thursday, November 17, 2016

ප්‍රාණඝාතය ගැන පට්ටපල් මුසාවාද ඇද බාමින් බිහිදොර නිඝන්න්ටයින්ට සහයදෙන සාමනේර වහන්සේලා

බෞද්ධයා නිවැරදිව වටහා ගත යුතු ප්‍රාණඝාත අකුසලය 

බුදුන් සරණ ගිය යාමට බලාපොරොත්තු වන බුද්ධ ශ්‍රාවකයින් අඩු තරමින් ප්‍රාණ ඝාතය යනු කුමක්දැයි නිවැරදිව දැන ගත යුතුය. ප්‍රාණ ඝාතය ගැන පවා ත්‍රිපිටකයට අභියෝග කරමින් ධර්මය විකෘති කරන සාමනේර වහන්සේලා සිටිනු දැකීම කනගාටුවට කරුණකි. ඔවුන් මේ විකෘති කරන්නේ නිර්මල බුදු දහමයි. මොවුන් කරන්නේ සංඝ භේද සුත්‍රයට අනුව ආනන්තරීය පාප කර්මයකි. ඔබද මේ නිඝටයින්ගේ බිහිදොර වැඩසටහන අනුමත කරයි නම් ඔබද මෙම ආණන්තරීය පාපකර්මයේ හවුල්කරුවන් වනු ඇත. මේ ලිපිය සම්පූර්ණයෙන් කියවන ඔබ ප්‍රාණඝාතය හා ඊට අනුබල දීම පිලිබඳ නිවැරදි බුද්ධ වචනය ගැඹුරින් වටහා ගනු ඇත. 

නිඝන්ටයින්ගේ බිහිදොර වැඩ සටහනට එක්වන මේ ස්වාමීන් වහන්සේ නිඝන්න්ට නායක තුමා සතුටු කිරීම සඳහා ප්‍රාණඝාත අකුසලයේ විස්තර වන අනාස්තික ප්‍රයෝගය හෙවත් අඥා ප්‍රයෝගය විකෘත්ති කරන ආකාරය මෙම ලිපිය කියවීමෙන් වටහා ගන්න.

මොවුන් හිතන්නේ සිංහල බෞද්ධයා කියන්නේ සිරුරක් පෙරෝ ගත් පමණින් ඔනෑම සාමනේර නමක් කියන ඕනෑම දෙයක් අන්ධ භක්තියෙන් පිලිගත යුතු මොඩයින් රැලක් ලෙසයි.  මේ නිඝන්ට NGO රැලට දැන් පොට වැරදී ඇත.

පාඨකයෙකුගේ අදහසක්

ප්‍රාණඝාතය යනු සත්ත්වයකුගේ ජීවිතය කිසියම් උපක්‍රමයකින් පවතින්නට යුතු තරම් කාල පරිච්ඡේදයක් පවතින්නට ඉඩ නොතබා විනාශයට පත් කිරීම වේ. මෙම ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.

“පාණෝ භවේ - පාණ සඤ්ඤි
වධක චිත්ත - මුපක්කමො
තේන ජීවිතනාසොච
අංගා පඤ්ච වධස්සිමෙ”


  1. පණ ඇති සතෙකු වීම.
  2. ප්‍රාණියෙකු බවට සංඥාව හෙවත් දැන ගැනීමය.
  3. වධදීමේ සිත.
  4. උපක්‍රම යෙදීම.
  5. එලෙස ජීවිතය නැසීම.


යන මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. ඉහත අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාතය සිදු නොවන අතර යාම් ඊම් ආදී ගමන් කිරීමෙන් ද ගොවිතැන් ආදී කටයුතු වලදී ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.

“චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන බුදු වදනට අනුව සතුන් මැරේවා යන චේතනාවක් නොවන නිසා එහිදී කර්මය සිදු නොවේ. සතුන් මැරෙනවා යැයි සිතා යාම් ඊම් ගොවිතැන් කටයුතු කිරීම් ගිනිතැබීම් ආදී කටයුතුවලදි ඔහුට ප්‍රාණඝාත කර්මය වේ.

"ප්‍රාණඝාතය දහමේ සඳහන් කරලා තියෙනවා සිදුකරන්න පුළුවන් ආකාර  දෙකක්" 
ලෙස මෙහි සිටින සාමනේර වහන්සේ ප්‍රකාශ කරයි. නමුත් එය එසේ නොවේ. මෙය බුදු දහමේ මූලික ඉගැන්වීමකි. බුදු දහමේ හය හතර කියවන මුල් අවධියේ සාමනේර වහන්සේ කෙනෙකු වුවද දන්නා කරුණකි. එබැවින් මේ ප්‍රකාශය කරන්නේ සියුම්ව මහජනයා මුලාකිරීම සඳහාම විය යුතුය. 

ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පහට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග දෙකක් නොව  06ක්ම තිබේ. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයයි.

සත්වයාගේ දිවි තොර කරන ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.

“සාහත්ථිකො ආනත්තිකො - නිස්සග්ගියොච තාවරො
විජ්ජාමයො ඉද්ධිමයො - පසොගා ඡබ්බිධා මතා”


  1. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)
  2. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)
  3. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)
  4. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.
  5. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)
  6. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)

තවද 
"ඒ කියන්නේ අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමට ඇතුලත් වෙනවා මේ මේ මස්මාංස අනුභව කිරීම" 
යනුවෙන් මෙම සාමනේර වහන්සේ ප්‍රකාශ කරයි. මෙය පට්ටපල් මුසාවකි. අමු අමුවේ බුද්ධ වචනය විකෘති කිරීමකි. නමුත් හොඳ වෙලාවට මෙසේ දහම විකෘති කල නොහැකි වන පරිදි බුදු රජාණන් වහහන්සේ ආනත්තික ප්‍රයෝගයද කොටස් 6කින් විස්තර කොට ඇත. 

එම අංග හයට අනුව මාංස අනුභවය ප්‍රාණඝාතයට අන කිරීමක් ලෙස දක්වා නැත. 

මෙහිදී ආඥා ප්‍රයෝගය එනම් ප්‍රාණඝාතයට අන දීම සිදු කල හැකි ආකාර 06 දක්වා ඇත්තේ පහත සඳහන් ලෙසයි.
“වත්ථු කාලොච මකාසො - ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”


  1. වස්තුව - මෙහි වස්තුව යනු මරනු ලබන සත්වයායි. මරන්නට අණ කරන පුද්ගලයා කිසියම් සත්වයකු මරන්නට අණ කළ කල්හි අණ කිරීම ලද තැනැත්තා නොවරදවාම එම සත්වයා මරණයට පත් කළේ ද අණ කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. එනම් අනුබල දීම සක්‍රීය වීමට සතා නිශ්චිත විය යුතුයි. කඩේකින් මස් ගැණීම අනුබලයට නොවැටෙන්නේ සත්වයා නිශ්චිත නොමැති වීම නිසයි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කැප වන්නේ එනිසයි.
  2. කාලය – රාත්‍රී කාල හෝ දිවා කාලාදියි කාලය වශයෙන් ගැනේ. අණ කරන්නා රාත්‍රියේ දී මරන්නට අණදුන් කල්හි අණ ලබන්නා රාත්‍රී කාලයේදීම මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාතය වේ.
  3. අවකාශය – මැරීම සිදු කරන ස්ථානය අවකාශ නම් වේ. යම් තැනක සිටින සතකු මැරීමට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එම තැනදීම මරණයට පත් කරන්නේ ද එයින් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.
  4. ආයුධය – මැරීමට උපයෝගී කරගන්නේ යමක් ද එය ආයුධයයි. යම් ආයුධයකින් මැරීමට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළ විට ප්‍රාණඝාතය දෙදෙනාටම සිදුවේ.
  5. ඉරියව්ව - මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව මෙහිදී කියැවේ. අණකළ පරිදිම කළහොත් දෙදෙනාටම කර්මය වේ.
  6. ක්‍රියා විශේෂණය – මරනු සඳහා කරන උපක්‍රමය ක්‍රියා විශේෂණයයි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත සිදු වෙයි. මෙම ආඥා ප්‍රයෝගයෙහි විශේෂත්වය වන්නේ අණ කරන්නා වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂණය යන ප්‍රයෝග තුළ දී මේ ආකාරයෙන් මරණය සිදු කළ යුතුය වශයෙන් අණ කළ විට අණ ලබන්නා අණ කරන්නාගේ කීමට පිටින් මරණය සිදු කළහොත් මරන්නාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. උදාහරණයක් ලෙස වෙඩිතබා මැරීමට අණ කළ විට අණ ලබන්නා වෙනත් අයුරකින් මැරුවහොත් ඔවුන් දෙදෙනාගෙන් මරන්නාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ.


අනුබල දීම පිළිබඳව මෙතරම් නිරවුල්ව බුදුන්වහන්සේ දේශනා කොට තිබෙන්නේ බුදුන්ගේ දවසද මෙවැනි දෙව්දත් පරපුරේ නිඝන්ටයින් ධර්මය විකෘති කිරීමට මාන බැලූ බැවිනි.

නිහාල් විජේරත්න නිඝන්ට NGO නායක තුමාගේ අනුගාමික සාමනේර වහන්සේ විකෘති කොට දක්වන්නේ ත්‍රිපිටකයේ ඉතාම පැහැදිලිව දක්වා ඇති මෙම ධර්ම කරුණයි. එනම් ආනත්තික හෙවත් අඥා ප්‍රයෝගයයි. 

ආනත්තික ප්‍රයෝගයේ  අංග හය මෙම සාමනේර වහන්සේ නොදන්නවා නොවේ. මේ කරන්නේ ඊට මාංස අනුභවය ගලපමින් බුද්ධ වචනය අභියෝගයට ලක්කිරීමයි. ධර්මය හරිහැටි නොදත් අලුත් තරුණ පරපුර මුලා කිරීමයි. නිර්මල බුදු දහම යටපත් කිරීමට සමත්   NGO මුදල් වල ශක්තිය බලය කොපමණ ප්‍රබල දැයි මෙන්ම මොනවට ඔප්පු වේ.
මස්මාළු කෑම හෝ නොකැම එක් එක් පුගලයාගේ පෞද්හලික අයිතිවාසි කමකි. අපට එහි අදාළතාවයක් නැත. මස්මාංස අනුභවය  ප්‍රාණඝාතයට පටලා ධර්මය විකෘති කිරීම ගැනයි අපේ දැඩි විරෝධය හා සංවේගය. චතුරාර්ය සත්‍ය හා ත්‍රිලක්ෂණය මත පදනම් වූ නිර්මල බුදු දහම ප්‍රාණඝාතයට ලඝු කිරීම ගැනයි අපේ විරෝධය හා සංවේගය.  


මෙම ධර්ම කරුණ කෙරෙහි වැටහීමක් ලැබූ විට කිසිදාකත් නැවත මාංස අනුභවය ප්‍රාණඝාත  අකුසලයට අනුබල දීමක් ලෙස සිතා පසුතැවීමට නිර්මල බෞද්ධයාට සිදු නොවනු ඇත. මෙතැන් පටන් මෙවැනි NGO කාක්කන්ගේ වැදී බන ප්‍රතික්ෂේප කරනු ඇත. 

"ඉහත දක්වා ඇති ත්‍රිපිටක ධර්මය අනුව ආනත්තික ප්‍රයෝගයේ අංගයක් ලෙස මාංස අනුභවය ප්‍රාණඝාතයට අන දීමක් ලෙස දක්වා ඇත්තේ කොතැනදැයි ප්‍රත්‍යක්ෂව පෙන්වා දෙන ලෙස මෙම නිඝන්ට නාලිකාවේ දෙව්ත්ත නඩයට අභියෝග කරමු"

ධර්මධර සංඝයා වහන්සේ ධර්මය දේශනා කරන්නනේ කිසිඳු යටි අරමුනක් නොමැතිව නිර්වාණය අරමුනු කරගෙනම පමණි. මෙවැනි සාමනේර වහන්සේලාට යටි අරමුණක් ඇතිවිට ධර්මය විකෘති කරයි.       මෙම නිඝන්ටයින්ගේ යටි අරමුණ සමස්ත බෞද්ධ සමාජයටම හෙලිකල යුතුය. මොවුන් මේ ඉටු කරන්නේ බෞද්ධයාගේ පෝෂනය දුර්වල කොට බෞද්ධ ප්‍රජාව විනාශ කිරීමේ  කොන්තරාත්තුවයි. මීට මේ හරහා නිඝන්ට නායකයා ඇතුළු රැල ඩොලර් වලින් ලබන ආදායම අති විශාලය. 

මස් මාළු කරවල බිත්තර ටිකක් නොමැතිවූ විට කුඩා දරුවන් කෑම ප්‍රිය නොකරන බව අප කවුරුත් දන්නා සත්‍යකි. කුඩා දරුවන් දන්නා රස තණ්හාවක් නැත. මේ වන විට ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගෙන් 90%ක් රක්ත හීනතාවයෙන් පෙළෙන්නේ මේ නිඝන්ට රැලේ ක්‍රියාදාමය නිසාය. මස් මාළු ටිකක් කෑම ප්‍රාණඝාත අකුසලයක් ලෙස දෙමාපියන් බිය වැද්දීම නිසාය. මස්මාළු කෑමෙන් පිළිකා හැදෙන බව කියාද බෞද්ධ ප්‍රජාව බියවද්දයි. එසේ මස් මාළු වලින් පිළිකා හැදෙනවානම් ගව මස් ප්‍රධාන ආහාරය කොට ගත් මුස්ලිම් ප්‍රජාවගෙන් පිළිකා රෝහල පිරී තිබිය යුතුය. පිළිකා රෝහලේ මුස්ලිම් රෝගීන් ඇත්තේම නැති තරම්ය. ජන අනුපාතය අනුවද එම ප්‍රමාණය අතලොස්සකි. 

මන්ද පෝෂණය ඇතිවූ විට බුද්ධි වර්ධනය නොවීම ගැන විශේෂයෙන් කිව යුතු නොවේ. ඩෙංගු ඇතුළු  නොයෙකුත් මාරාන්තික රෝග ඇතිවීම ගැන කිවයුතු නොවේ. මොවුන් දීර්ඝ කාලීනව බෞද්ධ ප්‍රජාව විනාශ කරන ක්‍රියාවලියක නිරත වී සිටී. 

පෝෂණය නැතිවී බෞද්ධ ප්‍රජාව විනාශ වන අයුරු විස්තර කෙරෙන ලිපිය පහත සබැඳිය කියවා තේරුම් ගන්න. 

සතුන් මරණ වීඩියෝ පෙන්වීම දියුණු රටවල පවා තහනම් කර ඇත. ඒ දරුවන්ට විවිද මානසික ගැටළු ඇතිවන නිසාය. මෙම වීඩියෝ Youtube නාලිකාවට ඇතුලත් කරන විට පවා ඒවා වයස් සීමාවකට ඇතුලත් කල යුතුය. නිහාල් විජේරත්න නම් නිඝන්ට  නායක NGO ක්‍රියාකරු මෙම වීඩියෝ බාගත කොට ගෙන කිසිඳු වයස් සීමාවකින් තොරව ඒවා ශ්‍රී ලංකාවේ පාසල් වල පෙන්වීමේ ජාවාරම කිසිඳු අනුකම්පාවකින් තොරව කරගෙන යයි. මේ ගැන කතා කිරීමට කිසිඳු බලධාරියෙක් ඉදිරිපත්වන්නේ නැත.  


රස තන්හාව ගැන නිවැරදිව නොදැන ගිහි ජීවිතයේ උපරිම සතුට විනාශ කරගන්නා අසෘතවත් බෞද්ධයා

මස් මාළු අනුභව කිරීමෙන් ප්‍රාණඝාතයට අනුබලයක් නොවන බව නිර්මල බෞද්ධයාට ප්‍රත්‍යක්ෂ වන විට මෙම නිඝන්ට රැල තවත් තර්කයක් ගෙනහැර දක්වයි. ඒ රස තණ්හාවයි. 

රස තන්හාව පළමු නිර්වාණය වන සෝතාපන්නයට කිසිඳු බාදාවක් නොවේ. රස තන්හාව අනාගාමී වීම දක්වා ක්‍රමයෙන් පහවෙන අකුසලයකි. 

බුදුරජානන් වහන්සේගේ ධර්මය පහසුවෙන් තේරුම් ගතහැකි ලෙස සිංහල බෞද්ධයෙකු වී ඉපදීම පුදුමාකාර පූරුවේ කුසලයක් නිසා සිදුවූවකි. අප ලැබූ මේ වටිනා ජීවිතයේදී ගිහියෙක් ලෙස ආහාරයක් වත් රස කර විනෝද නොවන බමුණු ජීවිතයක් නම් බෞද්ධයා ගෙවිය යුත්තේ බුදු රජානන් වහන්සේට ධර්මය වැරදී තිබිය යුතුය. එය එසේ නොවේ. නිර්මල බෞද්ධයා රස තන්හාව ගැන නිවැරදිව දත යුතුය. ඒගැන පහත සබැඳියෙන් කියවන්න.  


නිර්මල බෞද්ධයාට අනුභවයට සුදුසු නමුත් හැමෝටම ගැටළු සහගත මොකද්ද මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කියන්නේ..? 
සීහ සේනාපති සුත්‍රය ඇතුළු සුත්‍රධර්ම ගණනාවක ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය බෞද්ධයාට කැප බව දක්වා තිබියෙදේ මේ නිඝ්න්ට රැල බුද්ධ වචනය අභියෝගයට ලක්කරයි. එබැවින් නිර්මල බෞද්ධයා මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ගැන නිවැරදිව දත යුතුය. පහත පින්තූරය Click කරන්න.
 අදිට්ඨං ... අසූතං ... අපරිසංඛිතං  ලෙස දැක්වූ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය


මීට අමතරව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් දෙයාකාර වේ. මරණයට පත් කරන්නාගේ ගුණාගුණ වශයෙන් අල්ප සාවද්‍ය හා මහාසාවද්‍ය වේ. මව හෝ පියා හෝ රහතුන් මරන්නේ මහා සාවද්‍ය ගණයට අයත් වේ. එය ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ ඔවුන්ගේ ගුණ පක්‍ෂය ඉතා බලවත් බැවිනි. මරනු ලබන සත්වයාගේ ගුණ පක්‍ෂය හීන නම් අගුණ පක්‍ෂය බලවත් නම් එය අල්ප සාවද්‍ය වේ. මරනු ලබන සත්වයන් ගුණ පක්‍ෂයෙන් සම වූ කල්හි ශරීරයෙහි විශාලත්වය මත අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බවට පත්වේ. ශරීරයෙන් විශාල සත්වයකු මරණයට පත් කරන විට මහත් වෙහෙසක් ගත යුතු බැවිනි. ක්‍රෝධයෙන් බලවත් සේ සිත දූෂිත වීමෙන් මහාසාවද්‍ය වේ. ප්‍රාණඝාත කර්මයාගේ විපාකය ඉතා මහත් ය. කටුක වූ දුකකට ප්‍රාණඝාතය කළ තැනැත්තා පත්වේ. ඔවුන් නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් යෝනියෙහි ද උපදවයි. එහිදී බොහෝ වූ දුක් විඳ මනුෂ්‍ය ආත්මයක් ලදහොත් නිතර නිතර රෝගාබාධයන්ට ලක් වේ. අවලක්‍ෂණ ශරීරාවයව ඇතිව උපත සිදුවේ. අපි‍්‍රය වූ පුද්ගලයෙක් වේ. සමාජයෙහි නින්දාවට ලක් වේ. සතුරන් ඇතිවේ. අකාරණයෙහි බියට පත්වේ. අල්පායුෂ ඇත්තෙක් වේ. පරොපක්‍රමයන්ගෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. ප්‍රාණඝාතයෙහි විපාකය මෙපරිදි වේ.

සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන ප්‍රාණඝාතාදී හෝ වෙනත් කුඩා අකුසලයකින් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ විපාකයන් බවය. ප්‍රාණඝාතාදී අකුසල් කොට මැරීගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වන අතර එයින් ද නරකාදියේ දුක් අධික වන්නාහ. එම නිරය ද කොටස් එකසිය තිස් හයකට බෙදා පෙන්වා ඇත. ඒ එක් නිරයක්වත් අසුරුසනක් ගසන තරම් කාලයක්වත් සැපතක් නොමැත.

මාංස අනුභවය පිළිබඳව මෙම ලිපියද කියවා බලන්න

No comments:

Post a Comment