Wednesday, August 17, 2016

හෙළිදරව්ව - සත්ව හිංසනය පෙන්වා මිත්‍යා දෘෂ්ඨික භික්ෂූන් මුලාකොට NGO කරුවන් නිර්මල බුදුදහමට කරන විනාශය

NGO කරුවන්ට මුලාවී මුදලට කෑදර වූ භික්ෂූන් වහන්සේ වැදි බන දෙසමින් නිර්මල බුදුදහමට කරන සාපරාධි අපරාධය...
ධර්මධර සංඝයා වහන්සේගෙන් NGO කාක්කන්ට කන් රත්වෙන පිළිතුරු...
මිත්‍යා දෘෂ්ඨික භික්ෂුන් කියන මුසාවාදවල නිවැරදි බෞද්ධ විවරණය ඇසුවොත්, කියෙව්වොත් පුදුම වේවි...
ඔබටත් මේ ගැන නිසි අවභෝදය ලැබේවි ...
ප්‍රානඝාතයත් නිර්මාංසයත් අතර වෙනස නිවැරදිව වැටහේවි...
ඔබත් බෞද්ධයෙක් නම් අඩු තරමෙන් මේ ටිකවත් අසා කියවා දැන සිටිය යුතුමයි... 
තරුණ ඔබ මේ කෙටි ධර්මකරුණු ටික දැනගෙන හිටියොත් බෞද්ධ ප්‍රජාවක් ලෙස තව තවත් ශක්තිමත් වනු ඇත...
මෙම වීඩියෝව හා ලිපිය ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත...


මෙම වීඩියෝවේ මුලින් අදහස් දක්වන භික්ෂුව ප්‍රකාශ කරන දේ එකහෙලා ප්‍රතික්ෂේප කලයුතුය. ඒ උන්වහන්සේගේ ප්‍රකාශය ධර්මයට, විනයට හා සුත්‍රයට නොගැලපෙන නිසාවෙනි. 

කාලාම සුත්‍රයට අනුව යම් කරුණක් පහත දැක්වෙන දස ආකාරයට ගෙනහැර දැක්වූවද නොපිළිගත යුතු ලෙසත් යමක් පිළිගත යුතු ආකාරයත් බුදු රජාණන් වහන්සේ පැහදිලිව ගෙනහැර දැක්වූහ.
  1. ඇසීමෙන්
  2. පරම්පරාවෙන් ආ බව කීමෙන්
  3. පොත් පත්වල සඳහන් වූ පමණින්ම
  4. මෙසේ යැයි කී පමණින්
  5. ශ්‍රමණයින් කී පමණින්
  6. සුදුසුකම් සැලකීමෙන්
  7. තර්කයට එකඟ බැවින්
  8. න්‍යායට එකඟ බැවින්
  9. එහෙම නිසා
  10. තම දෘෂ්ටියට එකඟ නිසා පිළිගැනිම, මෙම කරුණු දහයයි.
යමක් පිළිගතයුතු ආකාරය සතර මහාපදේශ ක‍්‍රමය අනුව වදාළහ. එනම් එය ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි යනුවෙනි.

‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)

නිවැරදි ධර්ම විග්‍රහයේදී අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන හෙවත් පටිසම්භිධා ලෙස විග්‍රහ කල යුතුය. පටිභාන හෙවත් පටිසම්භිධා තත්වයෙන් ධර්ම විග්‍රහා කිරීමට නම් සිව් පිළිසිඹියාවත් අරිහත් තෙරුනට කල හැක. නමුත් අර්ථ ධර්ම නිරුක්තියෙන් ධර්ම විග්‍රහ කිරීමට දහම අවභෝදය ඇත්නම් හැකියාව තිබේ. 

බුදුන් සමයේද මිත්‍යා දෘෂ්ඨික භික්ෂූන් ඕනෑතරම් වාසය කළහ. දෙවිදත්තර භික්ෂුව පවා මිත්‍යා දෘෂ්ඨිකයෙක් විය. අදද එසේමය. එබැවින් චීවරය දරාගෙන ධර්මය දේශනා කල පමණින් එම භික්ෂුව කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගත නොයුතුය. 

ඉහත වීඩියෝවේ මුලින් ධර්මය දෙසන භික්ෂුව ධර්ම අවභෝදයක් නොමැති මිත්‍යා දෘෂ්ඨිකයෙක් බව එක් එක් කරුණ ගෙන පැහැදිලි කරමු. 


  1. බුදුරජානන් වහන්සේ විශ්වයට මෛත්‍රී කල බව කියයි.පතුරවන බව කියයි. බුදුරජානන් වහන්සේ විශ්වයට නොව විශ්වයේ සිටින සියලු සත්වයන් වෙත මාහා කරුණාව පැතුරු සේක. මෛත්‍රිය තාමා තුල වඩවන ආකාරය කියාදුන් සේක. මෛත්‍රිය යනු පතුරවන දෙයක් නොවේ. එය තමාතුළ වඩවන උතුම්සි භාවනාවකි. මෛත්‍රී වඩන්න යනුවෙන් අප වහරේ පැවතෙන්නේ ඒ නිසාවෙනි. නිවන් මගට අවතීර්ණ වන බෞද්ධයාට ලෝකය බඹයක් තරම් වූ තම ශරීරය තුලින් දකින ලෙස බුදු රජාණන් වහන්සේ වදාළ සේක. මුන්වහන්සේ මෛත්‍රිය පතුරනවාද වඩවනවාද යන්න නොදනී. මෛත්‍රිය පිලිබඳ නිවැරදි අවබෝදය කරණීය මෙත්ත සුත්‍රය අද්‍යනය කිරීමෙන් දත හැකිය.
     
  2. උන්වහන්සේ කරණීය මෙත්ත සුත්‍රයේ සම්පූර්ණ හරයම ගෙනහැර දක්වන ප්‍රබලම වාක්‍ය කොටස වැරදි ලෙස අර්ථකථනය කරයි. එනම් "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා" යන්න සියලු සත්වයෝ සුවපත්වෙත්වා ලෙස ගෙනහැර දක්වයි. මෛත්‍රිය වැඩීම සඳහා ඇති වැදගත්ම වාක්‍ය ඛණ්ඩයේ ඇති වැදගත්ම වචනය වන "භවන්තු" යන්න අත්හැර දමයි.  පාලි වචනයේ පද නිරුක්තිය අනුව භවන්තු යනු භව+අන්තු ලෙස වේ. එනම් භවය අන්තකොට හෙවත් භවය අවසන් කොට යන තේරුම වේ. එනම් "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා" යනු සියලු සත්වයෝ භවය අවසන් කොට සුවයට පත්වේවා යනුයි. කාරනීයමත්ත සූත්‍රයේ නිවැරදි කෙටි බෞද්ධ විවරණය පහල ලිඟුවෙන් කියවන්න.
    කරණීය මෙත්ත සුත්‍රයේ නිවැරදි අර්ථ විග්‍රහය
    මේ භික්ෂුවගේ විස්තර කිරීම කොතරම් ප්‍රාථමික යයි ද යන්න ඉහත ලිපිය කියවූ ඔබට නිවැරදිව අවභෝද වනු ඇත.

  3. මෙම භික්ෂූන් වහන්සේගේ කතාවට සියුම්ව අවධානය යොමු කල යුතුය.  උන්වහසේ "අසල්වැසියාට මෛත්‍රී කරන්නේ කොහොමද?" යනුවෙන් අසයි. මෙම NGO නඩයේ සාමාජිකයින්ගේ කට බොරු කීවද දිව බොරු නොකියයි. අසල්වැසියාට ප්‍රේම කිරීම හෝ මෛත්‍රී කිරීම බෞද්ධ භික්ෂුවගේ බස් වහරේ වචනයක් නොවේ. උන්වහන්සේට ජේසුස් වහන්සේගේ ඉගැන්වීමත් බුදු දහමත් පැටලී ඇති බව නම් මොනවට පැහැදිලිය. එබැවින් උන්වහන්සේට අන්‍යාගමික ආභාෂයක් ඇතිබව අපට සියුම්ව වැටහේ, නිරන්තරයෙන්ම සැක පහලවේ. අසල්වැසියාට මෛත්‍රී කිරීමක් ගැන බුදු දහමේ නැත. තමා තුල මෛත්‍රී වැඩීම පිලිබඳවයි බෞද්ධ ඉගැන්වීම. අසල්වැසියාට ප්‍රේම කිරීම ජේසුස් වහන්සේගේ ඉගැන්වීමකි. මෙයින් අපට උපදින සැකය නම් මෙම NGO නඩය කතෝලික, ක්‍රිස්තියානී හෝ අන්තවාදී කල්ලියක මෙහෙයවීමක්ද යන්නයි. තවද මෙම සැකය තීවුර වන්නේ මෙම කතිකාව සිදුවන්නේ TNL නාලිකාවේ වීමයි.

  4. "බුදු දහමට අනුව මස්මාංසය සමීප වී නිවනට සමීප වෙන්න බැහැ" යනුවෙන් අවධාරණය කරයි. මස්මාංස කෑම හෝ නොකෑම බෞද්ධ ප්‍රතිපදාවට හෝ නිවන් මගට කිසිසේතම අදාළ නොවේ. සරල ලෙසම මෙය තේරුම් ගැනීමට පන්සිල් පද 5 දෙස අවධානයෙන් බලන්න. එහි ඇත්තේ පානාති පාතා වේරමණී සික්ෂා පදය පමණි. එනම් සතුන් මැරීමෙන් වැලකෙමි යන සික්ෂා පදය පමණි. මස්මාංශ අනුභවය නිර්වාණයට අනිවාර්ය නම් "නමත්ස්‍යමංසන් පරිභුන්ජන්ති සික්හාපදන් සමාදියාමී" මස්මාළු කෑමෙන් වැළකීමේ සික්ශාපදය සමාදන්වෙමි යනුවෙන් සික්ශාපදයක් පනවනු ඇත. සංඝයා වහන්සේටවත් එවැනි සික්ශාපදයක් බුදුන් වහන්සේ පනවා නැත. සර්වඥතා ඥානයෙන් හෙබි බුදුරජානන් වහන්සේ එසේ නොකළේ අත්වැරදීමකින් නොවිය යුතුය. බුදුන් දවස ජෛනාගමිකයින්, නිඝන්ටයින් වැනි මිත්‍යා දෘෂ්ටිකයින් නිර්මාංස වී සිටියහ. එය අන්තගාමි ලෙස සීලය රැකීමක් හෙවත් වෘතයක් රකීමක් ලෙස බුදුරජානන් වහ්සේ දැක්වීය. වෘත සමාදන් වීම පළමු නිර්වාණය වන සෝතාපන්න වීමට බාදාවක් බව ගෙනහැර දැක්වීය. එය සීලබ්බත පාරාමාසය ලෙස දැක්වූහ. නිර්මාංසය සීලයකි. එය අන්තාගාමීව රැකීම වෘතයකි. අන්තගාමීව මස්මාංස පමණක් නොව ඕනෑම ආහාරයකට ඇබ්බැහි වීමද වෘතයකි. බුදුන්ගේ කාලයට පෙරත් මෙවැනි නිර්මාංස සීල වෘත රකින ලද පුද්ගලයින් ඔනෑම තරම් විසූහ. එයින් ඔවුන් හට දිව්‍ය සැප සම්පත් ලැබීමට හැකියාව ලැබිණි. නමුත් බුදුන්ගේ ධර්මය අසන තෙක් කිසිවෙක් නිවන් අවභෝද නොකළහ. දිව්‍ය සැපසම්පත් ලැබීම සඳහා වෘත රැකීම නිර්මල බුදුදහම නොවේ. එය හින්දූන් ගේ ආගමික අවශ්‍යතාවයකි. බුදුදහමේ ඒකායන පරමාර්ථය නිර්වාණයයි. බෞද්ධයාට ආහාරය වෘතයක් නොවිය යුතුය.  එබැවින් බුදුන් වහන්සේ සීලබ්බත පරාමාසය එනම් සීල +සබ්භ + පරම + ආස ලෙස එනම් සීලය පරම ආහාරය කොට නොගත යුතු බව වදාළහ. එනම් කිසිඳු වෘතයක් එල්බගත නොයුතු බව වදාළහ.
    සීලබ්බත පරාමාසය ගැන පහත ලින්ගුවෙන් වැඩිදුර කියවන්න
    සෝතාපන්නවීම සඳහා නිවරදිව දුරුකළ යුතු සීලබ්බත පරාමාස

  5. "ඇයි අපි මේකෙන් ගලවන්න දඟලන්නෙ?. මේකට මිනිස්සු මහා ගිජු කමක් දක්වනවා". යනුවෙන් ප්‍රකාශ කරයි. ගිජු කම යනු තණ්හාවයි. ආහාරයට ඇති තණ්හාවයි. එනම් රස තණ්හාවයි. ඇත්ත වසහයෙන්ම මෙයයි බුදු දහම අනුව නිවැරදිම විස්තර කරදීම. එසේ ගිජු වීම නිසා කෙලෙස් ඇතිවන නිවැරදිම තැන. සරලව කිවහොත් පාපයක් සිදුවන්නේ එම ආශාව හෙවත් තන්හා සිතුවිල්ල නිසා මිස ගන්නා ආහාරය කුමක්ද යන්න නිසා නොවේ. මෙයින් අප තේරුම් ගත යුත්තේ මස්මාංස වලට පමණක් නොව ඔනෑම ආහාරයකට ගිජු උනොත් රස තෘෂ්ණාවක් පහල කලොත් කෙලෙස් ඇතිවන බවයි. පවක් සිදුවන බවයි. එබැවින් කෙලෙස් ඇතිවීමට එය මස්මාංසම විය යුතු නැත. එබැවින් නිර්මල බෞද්ධයා ආහාර ගත යුතු ආකාරය බුදු රජාණන් වහන්සේ වදාළහ. තමා ආහාරකොට ගන්නා ඕනෑම ආහාරයක් මාගේ මේ සිරුර නිරෝගී ලෙස පවත්වාගෙන යාම පිණිස පමණක් ගන්නා ලෙස සිතිය යුතු බව අවධාරණය කළහ. නමුත් මෙතරම් දුරට රස තන්හාව වැනි දුර්වල අකුසල කර්ම හෙවෙත් ප්‍රබල නොවූ කෙලෙස් පිලිබඳ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වූ හෝ නොවූ සාමාන්‍ය බෞද්ධ ගිහි ප්‍රජාව අවධානය යොමු කල යුතු නොවේ. පළමු නිර්වාණය වන සෝතාපන්න අවස්ථාවට පත් වුවද කාම, රාග, පටිඝ ඉවත් වන්නේ හතරෙන් එක කොටසක් පමණක් හෙයිනි. එබැවින් නිවන් මගේ දෙවන නිවන වන සකෘදාගාමි තත්වයට පත්වුවද ආහාරයේ රස විඳීම බෞද්ධයාට බාදාවක් නොවේ.

    යමෙකුට එසේ රස තන්හාව මස් වලට හෝ ඕනෑම ආහාරයකට පහල වන්නේ නම් එයින් අත්මිදීමට සිතන ක්‍රමයක්ද හඳුන්වා දුන්හ. උදාහරණයක් ලෙස මස් කැබැල්ලක් ගැනම සිතන්න. එතන මස් කැබැල්ල යනු සම්මුතියක්, එනම් පිළිගැනීමක් පමණක් බව වදාළහ. ඇත්තවශයෙන්ම එහි ඇත්තේ කුමක්දැයි තේරුම් ගැනීමට එනම් එහි පරමත්ත සත්‍යය කුමක්ද යන්න තේරුම් ගැනීමට එය කොටස් කරන ලෙස කියා දුන්හ. නැවත නැවත කොටස්කරන ලෙස වදාළහ. සිත තවතවත් දියුණු කරමින් කොටස් කර බලන ලෙස වදාළහ. අවසානයේ එහි අපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් කොටස් 8ක් පමණක් ඇති බවත් එම කොටස් අට එක්ව ගත් විට "ශුද්ධ අෂ්ඨකයක්" ලෙසත් තේරුම් කර දුන්හ. මෙය රූප කොටසක් පමණක් බවත් එහි ඇති නැතිවෙන ස්වභාවයක් පමණක් ඇති බවත් එනම් එහි ඇති අනිත්‍ය ස්වාභාවය තමාට ගලපා මෙනෙහි කරන ලෙසත් කියා දුන්හ. මෙය මස් කැබැල්ලක් නම් අවසානයේ එහි තිබුනේ රූප කොටස් පමණි. නාම කොටසක් දක්නට නොලැබුණි. නාම කොටස් වන වේදනා, සංඥා, සංකාර හා වින්ඥාන කොටස් දකින්නට නොලැබුණි. එනම් එහි ප්‍රානයක් නොතිබුණි. එබැවින් ඔබ මස් කැබැල්ලක් අනුභව කිරීම අල ගෙඩියක් අනුභාවයටම සමාන විය. රස තන්හාව ඇතිවීම නිසා ක්ලේශයක් හෙවත් පවක් ඇතිවුවානම් මිස මස් කැබැල්ලක් අනුභාවයෙන් ප්‍රාණඝාතයක් සිදු නොවින. තව දුරටත් මෙතනින් කියවන්න සතුනට මෛත්‍රී කරනවායි සිතා ජීවය නැති මස් කැබැල්ලකට මෛත්‍රී කරන මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා

    "මේ දක්වා තෝරා දුන්විට සමහරෙක් අසන ප්‍රශ්නය අපි මස් කන නිසා නොවේද මිනිසුන් සතුන් මරන්නේ?" යනුවෙනි. යමෙක් මේ ප්‍රශ්නය අසන්නේ එක්කෝ කර්මඵලය විශවාස නොකරන නිසාය. නැතහොත් ඒ පිලිබඳ නොදන්නා නිසාය. එසේ කර්මඵලය විශ්වාස නොකළහොත් එම පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන අතර කිසිදු විටෙක නිවන් මගට අවතීර්ණ නොවේ. එබැවින් මස් කෑමට අදාළ වන ලෙස කර්මඵලය ගැනද කෙටියෙන් විස්තර කිරීම වටනේය. ලොව පහළවන ඕනෑම සත්වයෙකු ස්වාභාවිකව හෝ තවකෙනෙකු නිසා මරණයට පත්වේ. තව කෙනෙකු නිසා මරණයට පත්වන්නේ නම් ඒ එම සත්වයා පෙර කරන ලද අකුසල කර්මයක් නිසාවෙනි. මරණ පුද්ගලයාද අකුසල කර්මයක් කර ඇතිබැවින් ඔහු මේ ආත්මයේද තවත් කර්මයකට කරගහයි. මෙය කර්මය හා එහි ඵලයයි. මෙසේ එම සතාගේ මරණය කර්මානුරූපිව සිදු විය. මෙය නතරකිරීමට බුදු කෙනෙකුට උවද නොහැකිය. එබැවින් ඔබ තේරුම් ගත යුත්තේ සතෙකු මැරෙන්නේ අප කන නිසා නොවන බවයි.
    එසේ සතෙකු මරණයට පත්වූ පසු ඇතිවන මාංසය පවත්ත මාංසය ලෙස බුදුන් වහන්සේ දැක්වූහ. පවත්ත මාංසය කොටස් 3කි.
     ස්වාභාවිකව මියගිය සතෙකුගේ මස්.
     වෙනත් සතෙකු විසින් මරණ ලද සතෙකුගේ මස්.
     යමෙක් විසින් මරණ ලද විකිණීමට ඇති මස් ලෙස දැක්වූහ.
    මෙසේ පවතින පවත්ත මාංසය ආහාරයට ගැනීමෙන් ඔබ එම සතා මැරීම පිණිස කිසිඳු චේතනාවක් පහල නොකරයි. "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි- කර්මය නම් චේතනාවමයි" ලෙස බුදුරජානන් වහාසේ කියා දුන්හ. සිතුවිල්ලකින් හෝ එම සතා මැරීමට ඔබ කිසිඳු අනුබලයක්ද දී නොතිබිණ. එබැවින් එසේ මස් අනුභාවය කිරීමෙන් ඔබ කිසිඳු ආකාරයක අකුසලයක් නොවන අතර කිසිඳු ප්‍රාණඝාත  අකුසලයේ අංගයකට සම්බන්ද නොවේ.

  6. භික්ෂුන් වහන්සේ කෙනෙකු ධර්මය නොදැන සිටීමේ වරදක් අප දකින්නේ නැත. නමුත් තමා ධර්මය නොදන්නා බව දැන සිටිය යුතුය. තමා ත්‍රිපිටකයෙන් පිට තමාට හිතෙන දේ මහජනතාවට ප්‍රකාශ කොට ධර්මය නොදත් අසරණ බෞද්ධයා මුලාවේ නොදැමිය යුතුය. එනිසා උන්වහසේගෙන් ධර්මය අසා මුලාවේ වැටුණු පිරිස ඉන් ගලවා ගැනීම පිණිස හා ධර්ම අවබෝදය පිණිස ත්‍රිපිටකයෙන් කරුණු ඉදිරිපත් කරමු.

    බුදු රජාණන් වහන්සේ මස්මාංස අනුභවය සෑම විටම නොසලකා හැර ඇති බව ත්‍රිපිටකය පරිහරණයෙන් මනාව පැහැදිලි වනු ඇත. නොසලකා හැරියා යනුවෙන් සඳහන් කලේ මස්මාංස අනුභවය හෝ අනුභව නොකිරීම නිවනට බාදාවක් නොවන බව දැක්වෙන අයුරු මනාව පැහැදිලි කළහ. මෙවැනි NGO වලට මුලාවන භික්ෂුන් ගෙන් බෞද්ධයා බේරා ගැනීම සඳහා මස්මාංස අනුභවය දැක්වෙන ත්‍රිපිටක කොටස් රාශියක් උපුටා දැක්වීමට අදහස් කරමු.

    1. ත්‍රිකෝටි පාරිශුද්ධ නම් මස්මාංස වැලඳීම සංඝයා වහන්සේට උවද අකැප නොවන බව විනය පිටකයේ සංඝභෙදඣන්ධකයහි දැක්වෙන ආකාරය.


    2. ආමඝන්ධ සුත්‍රය මෙවැනි භිෂුන් වහන්සේලා දැනගෙන සිටිය යුතුම සුත්‍රයකි. ආම ගන්ධය යනු පිලීගඳයි. සියලු මස්මාංස පිලීගඳ බැවින් පොදුවේ ආමගන්ධය ලෙස දක්වා ඇත. ආමඝන්ධ සුත්‍රයේ නිධාන කතාව දෙස බැලූ ආමගන්ධය යනු මස්මාංස අනුභවය නොවන බවත්, සතුන් මැරීම, හිංසා කිරීම ආදී විශාල අකුසල කර්ම රාශියක් ආමගන්ධය ලෙස හැදින්වූහ.


    ආමගන්ධ සුත්‍රය සම්පූර්ණයෙන් මෙතනින් කියවන්න
    මාංස භෝජනය වරදක් නොවන බව නිවැරදිව විස්තර කෙරෙන ආම ගන්ධ සුත්‍රය

     3. ත්‍රිපිටකයේ විවිධ තැන වලින් උපුටා ගන්නා ලද සුත්‍ර වල මාංස අනුභවය ගැන දැක්වෙන කොටස් රාශියක් පහත දක්වා ඇත්තේ මේ පිලිබඳ උනන්දුව දක්වන නිර්මල බෞද්ධයාට ත්‍රිපිටකය පරිහරණය කොට මේ පිලිබඳ ප්‍රත්‍යක්ෂ කරලීම සඳහාය.
     

    4. බුදුරජානන් වහන්සේ කිසිවිටෙකත් ආහාර පිණිස ගතයුතු මාංස මොනවාදැයි සඳහන් කොට නැත. නමුත් අහාර පිණිස නොගත යුතු මාංස 10ක් පමණක් ගෙනහැර දැක්වූහ. මෙයින් ඇඟවෙන්නේ මාංස අනුභවය නිර්මල බුදුදහමට අනුව අදාළ දෙයක් නොවන බවයි. මෙහි සිටින භික්ෂුව මේ බව නොදන්නවා විය හැකිය. ප්‍රාණඝාතයත් මාංස අනුභවයත් පැහැදිලිවම එකිනෙකට සම්බන්ද නොමැති දෙකක් බව නිර්මල බෞද්ධයා වටහා ගත යුතුය.
    බුදු රජාණන් වහන්සේ තහනම් කල මස් වර්ග දහය මෙතනින් කියවන්න.

    5. බුදුන් වහන්සේ මස්මාංස වෙළඳාම තහනම් කොට නැත.
    මාංස වානිජ්ජා යනු මස් වෙළඳාම ලෙස පටලා ගැනීම මෙතනින් කියවන්න

    6.  දෙව්දත් ඇතුළු පිරිස මාංස භෝජනය තහනම් කරමින් පංචවස්තුන් කැප ලෙස පනවන මෙන් ඉල්ලුම් කල අතර බුදුන් වහන්සේ එය එකහෙලා ප්‍රතික්ෂේප කළහ.
    මාංස භෝජනය ප්‍රතික්ෂේප වූ දෙව්දත් තෙරුන්ගේ පඤ්චවර යාචනය මෙතනින් වැඩිදුර කියවන්න.

    7. නිර්මාංස වෘතය සමාදන් වීමට අසෘතවත් බෞද්ධ ප්‍රජාව NGO අවශ්‍යතාවය මත  පොළඹවන්නේ ඉහත භික්ෂුන් වහන්සේ නිර්මල බෞද්ධයා විසින් පිළිපැදිය යුතු ආර්යකාන්ත සීලය පිළිබඳව නොදන්නා නිසා විය හැකිය. වැඩිදුර මෙතනින් කියවන්න.
    අසෘතවත් මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයා සංවර සීලය වෙනුවට වෘත සමාදන්වීම

    8. සංඝයා වහන්සේට පිළිගැන්වීමට ඉතාම සුදුසු ආහාර නවයක් නව පනීත භෝජන ලෙස බුදු රජාණන් වහන්සේ නම් කල අතර දිය මස් හා ගොඩ මස් ඊට ඇතුලත් කළහ.
    දිය මස් හා ගොඩ මස් ඇතුළුව සත්ව ආහාර පනීත භෝජන ලෙස විනය පිටකයේ දැක්වෙන ආකාරය

    9. මෙවැනි භික්ෂුන් වහන්සේ බුදුරජානන් වහන්සේ වෙත චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද සූකර මද්දවය ගැන හිතෙන හිතෙන අදහස් ප්‍රකාශ කරයි. ඔවුන්ගේ දැනගැනීම පිණිස පාලියෙන් දේශනා කරන ලද සුත්‍ර කොටසත් එහි තේරුමත් මෙතනින් කියවන්න. සූකර මද්දවය පිළිගැනීම බුදුන් වහන්සේ මස් මාංස වැළඳු බවට සාක්ෂියකි 
  7. ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ මිත්‍යා දෘෂ්ඨික සත්ව අවිහිංසා NGO නඩය වෙනුවෙන් නොදැන හෝ මුදලට වහල්ව හෝ මෙහි වැදි බන දෙසන භිෂුන් වහන්සේගේ දැන ගැනීම පිණිස පහත ලිපි කිහිපයක් ද ඉදිරිපත් කරමු.
    1. බුදුන් වහන්සේ නොවදාළ සිල් වෘතයක් රකින මිත්‍යා දෘෂ්ටික Vegetarian බෞද්ධයා

    2. මස් මාංස කෙසේ වෙතත් දෛනික ආහාරයත් අකුසලයක් කරගන්න අපේ බෞද්ධයෝ

    3. මාංස භෝජනය හා සතුන් මැරීම පටලවා ගත් බෞද්ධයා 
ලිපිය අවසන් කිරීමට පෙර NGO නඩයේ ගුරා වන නිහාල් විජේරත්න නම් මිත්‍යා දෘෂ්ටිකයාගෙන් මෙසේ ඉල්ලමු. ඔබ කථාකරන වචන වලින්ම ඔබේ ධර්ම දැනුම අපට වැටහේ. ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් අහිංසක බෞද්ධ ළමුන් හා ධර්මය පිලිබඳ එතරම් අවභෝදයක් නොමැති ගිහියන් අමාරුවේ නොදමන ලෙසයි. ඔබ මෙම ව්‍යාපාරය කරගෙන ගියාට අපට ප්‍රශනයක් නැත. නමුත් මීට බෞද්ධයා ඈඳා ගැනීමෙන් වලකින ලෙස ඉල්ලමු. ඔබ නියම බෞද්ධයෙක් නම්, තිරිසන් සතුනට විමුක්තිය ලබාදීමට පෙර, රටපුරා ගොස් අහිංසක බෞද්ධ පාසල් ළමුන් මිත්‍යා දෘෂ්ඨිකයින් බවට පත්කිරීමට යොදා ගන්නා කාලය තමාගේ විමුක්තිය සොයා ගැනීමට යොදවන ලෙසද ඉල්ලමු. අවසානයේ මෙය ඉල්ලීමක් පමණක්ම නොවන බවටත් ඔබට කාරුණිකව දැනුම් දෙමු.  

No comments:

Post a Comment