Friday, October 7, 2016

මස්‌ මාංශ අනුභවය පවක්‌ද!



රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ
හෑගොඩ විපස්‌සී හිමි

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි. 

උභතෝකෝටික ප්‍රශ්නයක්‌ යනු කෙළවරවල් දෙකක්‌ ඇති ප්‍රශ්නයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද බෞද්ධ පින්වතුන් අද මුහුණ දී සිටිනුයේ උභතෝකෝටික ප්‍රශ්නයකට යෑයි කීවොත් නිවැරැදිය.

කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසති. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මස්‌මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ ද දක්‌නට ලැබේ. මෙම පිරිස විනය පිටකය බුද්ධ දේශනාවක්‌ නොවන බවට ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වී සිටිනවා. මෙය කනගාටුවට කරුණකි.

මෙම ප්‍රශ්නයේදී තවත් සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ දැකිය හැකියි.

කෙසේ හෝ වේවා මස්‌ මාංශ අනුභවය පිළිබඳව කෙනෙක්‌ අපගෙන් හොඳද නරකද කියා සෘජු ලෙස විමසීමක්‌ කළහොත් බරපතල ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එහිදී අපට දීමට ඇති උත්තරය වනුයේ මස්‌ කෑම නරක බවයි. එහෙත් මස්‌ මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයත් සමඟ පටලවා ගත යුතු නැහැ.

කෙනෙක්‌ අපගෙන් මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්‌ද කියා විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන ලෙසයි. ඒ පිළිබඳව සංවාදයක්‌ නැහැ. එයයි අපට ඊට දීමට ඇති උත්තරය. කුරා කූඹියාට පවා මෛත්‍රිය කරන ලෙසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පිළිබඳව අපට කිසිදු විවාදයක්‌ නැහැ. 

නමුත් අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ජිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි. 

දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි. 

බුදු දහමෙහි සඳහන් ප්‍රධාන වචන දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි අපි ඉහතින් සඳහන් කළ සම චර්යාව අනෙක්‌ වචනය තමයි ධර්ම චර්යාව. මෙම වචන දෙක පිළිබඳව කිසිවෙක්‌ නිසි පර්යේෂණයක්‌ කර කරුණු ඉදිරිපත් කරලා නැහැ. අපි ඒ පිළිබඳව යම් යම් කරුණු එකතු කරගෙන යනවා. 

සම චර්යාව යනු සමාජයේ යහපතට, පැවැත්මට හේතුවන කරුණුයි. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ සඳහන් වෙනවා පවත්ත මාංශය පිළිබඳව. 

සීහ සේනාපතියා යනු සෝවාන් වූ අයෙක්‌. දිනක්‌ ඔහු බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේ පන්සිය නමක්‌ සමඟ තමන්ගේ ගෙදර දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා. සීහ සේනාපතියා නිවසේ සිටින සේවක පිරිසකට දානය පිළියෙල කරන්න උපදෙස්‌ දුන්නා.

එක්‌කෙනෙක්‌ යෑව්වා මස්‌ ගේන්න කියලා. වෙළෙඳපොළේ තියෙන මස්‌ (පවත්ත මාංශ) ගේන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. මසුත් පිළියෙල කරලා ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානය පිළිගැන්වූවා. මෙවැනි දේවල් සඳහන් සූත්‍ර ගණනාවක්‌ බුදුදහමේ දැක්‌වෙනවා. නමුත් අපි මේ අවස්‌ථාවේදී ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සමහරුන් මේ දේවල් දෘෂ්ටි වශයෙන් ගත හැකි නිසා මහාවග්ග පාලියේ භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරන කොට නොවැළඳිය යුතු මස්‌ වර්ග ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේද සුත්ත නිපාතයේ ද මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අටුවා සහ ටීකාවල මේ පිළිබඳව දීර්ඝ විස්‌තර සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති බැවින් මස්‌ කෑමට පක්‍ෂව හෝ විපක්‍ෂව ඇති තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. 

නමුත් අපට මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු විකෘති කර දැක්‌වීමේ අයිතියක්‌ නැහැ. එය සාධාරණ වන්නේත් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැඩි අන්තගාමී බවක්‌ කිසිවිටෙකත් දක්‌නට නැහැ. යම් භික්‌ෂුවකට වේවා පුද්ගලයකුට වේවා මානසික පීඩාවක්‌ ඇති වන්නේ නම් එය සමනය වන ආකාරයට ක්‍රියා කිරිම වරදක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විනයෙහි සඳහන් වන අන්දමට භික්‌ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍ය දෝෂයක්‌ ඇතිවී මස්‌ කෑමට සිදු වුණා. කෙතරම් බෙහෙත් කළත් අමනුස්‌සයන්ගේ මෙහෙයවීම නිසා එම භික්‌ෂුවට සුව වුණේ නැහැ. අවසානයේදී උන්වහන්සේට ඌරන් මරණ ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා උන්ගේ ලේ බීමට සිදුවුණා. ඉන්පසුව උන්වහන්සේට සුව වුණු බවයි විනයේ සඳහන් වන්නේ. අමනුස්‌සයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි, උන්වහන්සේ එම තත්ත්වයට පත්වුණේ. එහිදී උන්වහන්සේ කළේ වැරදි ක්‍රියාවක්‌ කියා පිළිගැනුණේ නැහැ.

තමන් විසින් සත්ත්වයකු නොමරා කවුරුන් හෝ මරපු සතුන්ගේ මස්‌ අනුභව කිරීම නිසා ප්‍රාණඝාතය කියන අකුසල කර්මය නම් සිදුවන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. ප්‍රාණඝාත අකුසල කර්මය, සිදුවීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. සතෙකුවීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ චේතනාව, උපක්‍රම යෙදීම සහ අවසානයේදී එම සතා මැරීම යන කරුණු පහ සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ. 

මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු. යම්කිසි කෙනෙක්‌ යම් සතෙක්‌ මරන්න උත්සාහ කරනවා. සතෙක්‌ බව දැනගෙන උගුලක්‌ද අටවනවා. එම අවස්‌ථාවේදී සතා උගුලෙන් බේරී පලා යනවා. එතැනදී ප්‍රාණඝාත අකුසලයක්‌ සිදු වන්නේ නැහැ. එම පුද්ගලයාගේ සිත ඒ අවස්‌ථාවේ ද්වේශසහගතව ක්‍රියාකිරීම පමණයි සිදුවුණේ. එය ඔහුව වෙහෙසට පත්කරනවා විනා ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවන්නේ නැහැ.

වෙළෙඳ පොළේ පවතින මස්‌ (පවත්තමාංශ) ගෙනැවිත් අනුභව කළාට ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. නමුත් මීට එරෙහි වන අය පවසන්නේ මස්‌මාංශ අනුභව කිරීමෙන් සතුන් මැරීමට අනුබල දීමක්‌ සිදු කරන බවයි.

ඔවුන් නඟන මේ තර්කය සාධාරණද? අපි ඒ ගැන විමසා බැලිය යුතුයි.

මනුස්‌සයා ඇතිවී තිබෙන්නේ ජීව විද්‍යාත්මක සාධක මතයි. එනිසා මේ දේවල් ලෝකයේ සහමුලින්ම නැතිකරන්න පුළුවන්ද? කෙනෙක්‌ හිතනවා නම් මස්‌මාංශ අනුභවය පවක්‌ කියා ඔහුට පුළුවන් ඉන් වැළකී සිටීමට. එහි වරදක්‌ නැහැ. නමුත් එම තත්ත්වය මුළු සමාජයේම ක්‍රියාත්මක කළ හැකිද? එය ප්‍රායෝගිකද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සතුන් මරණ මිනිසුන් සිටියා. අදත් සිටිනවා. ඉදිරියේදීත් සිටීවි. එය වෙළෙඳ ව්‍යාපාරයක්‌ වශයෙන් පවතිනවා.

හොඳයි අපි මොහොතකට හිතමුකෝ මස්‌මාංශ අනුභවය පවක්‌ කියා තර්ක කරන අය නිසා සමස්‌ත සමාජයම මස්‌, මාළු කෑම නතර කරයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා. මේ තත්ත්වය යටතේ එයත් වැළකී යනවා. එනිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ නිසා අප මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප මොනවාද?

මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සාකච්ඡා කරලා තිබුණා. දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලුවා. ඉන් එක්‌ වරයක්‌ වුණේ මාංශ භක්‌ෂණයෙන් තොර විය යුතුයි යන කාරණය. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඕනෑ කෙනෙක්‌ එය පිළිගත්තාට වරදක්‌ නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ප්‍රශ්නය මින් එහාට ගෙන ගියොත් පරම අවිහිංසාවාදී තත්ත්වයක්‌ යටතේ අපි කොහොමද ජීවත් වන්නේ. බුදුදහම කියන්නේ නිගණ්‌ඨයන්ගේ දහමක්‌ නොවේ. එවැනි අන්තවාදී අදහස්‌වලින් සමාජයට හානියක්‌ මිසක්‌ වාසියක්‌ වන්නේ නැහැ. මෙම මිථ්‍යා මත දරන්නන් නිසා යම් කෙනෙක්‌ මාංශ භක්‌ෂණයෙන් ඉවත් වුණා කියමුකෝ, මෙහි තව ටිකක්‌ දුරට ගමන් කළාම මොකද වෙන්නේ. ඒ අයට හිතෙන්න පුළුවන් නිවෙස්‌වල මකුළු දැල් කැඩීමත් වරදක්‌ කියලා. නිවෙස්‌ අතුපතුගාන එකත් වරදක්‌ කියලා. මොකද අතපතුගාන කොට ඒ ස්‌ථානවල පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්නේ. ගොවිතැන් කිරීමත් නුසුදුසුයි කියලා මේ අය හිතන්න පුළුවන්. පොළොව කොටනකොට පොළවේ සිටින සතුන් මැරෙනවනේ. ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමත් වරදක්‌ විදිහට පෙනෙන්න පුළුවන්. එවිට ගොවිතැනට හානිකරන සතුන් මැරෙනවානේ. වතුර ටිකක්‌ උණු කර බොන තත්ත්වයකුත් නැතිවෙයි. මොකද ඒවායේ ක්‌ෂුද්‍ර ජීවීන් සිටිනවනේ. අවසානයේදී හුස්‌ම ගැනීම, පොළොවේ ඇවිදීම පවා පවක්‌ කියල හිතන්න පුළුවන්. අප මේ මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ගේ හඬට ඇහුම්කන් දුන්නොත් අවසානයේදී අප කොහේටද ගමන් කරන්නේ. මේ තත්ත්වය යටතේ අපට සිදු වන්නේ ශ්‍රි ලංකාවෙන් බුදුදහම ඉවත් කිරීමටයි. මොකද ජීවත්වෙන්න බැරි පරිසරයක්‌ අර මිථ්‍යා මත දරන්නන් නිසා බිහිවනවානේ. අප ඊට ඉඩ දිය යුතුද?

මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.

පුංචි දරුවකුට පණු අමාරුවක්‌ හැදුනා කියමුකෝ. පණුවන් විනාශ කිරීමට බෙහෙත් කිරීම පවක්‌ කියලා හිතුවොත් මොකද වෙන්නේ. ප්‍රතිකාර නොලැබීම නිසා ඒ දරුවා මියයන්න පුළුවන්. එතකොට දරුවා මියයැමට සැලැස්‌වීම පාපයක්‌ නොවෙයිද?

එනිසා එක එක්‌කෙනාගේ ඔළුගෙඩි තුළ තිබෙන පුහු මත සමාජගත කිරීමට අවස්‌ථාවක්‌ නොදිය යුතුයි. අප ඊට අවස්‌ථාවක්‌ ලබාදුනහොත් සිදුවන්නේ විශාල විපතක්‌. මේ අය ඉදිරිපත් කරන කිසිකෙනකුට පදනමක්‌ නැහැ. පදනමක්‌ නැති කිසිදු සිද්ධාන්තයක්‌ නැති මත ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ සමාජ සංස්‌ථාව බිඳවැටීම පමණයි. සමාජයේ පැවැත්මට බාධා පැමිණවීම පමණයි. අද මේ ප්‍රශ්නය නිසා බොහෝ මිනිසුන් අසරණ වෙලයි සිටින්නේ.

සමාජයේ පැවැත්මට හානිකර ප්‍රශ්නයක්‌ අල්ලාගෙන සිටින මෙම පිරිසට අප රටේ සංවිධානය විය යුතු කොතරම් ප්‍රශ්න තියෙනවාද? ඇයි මේ පිරිසට බැරි මනුෂ්‍ය ඝාතන නොකරන සමාජයක්‌ වෙනුවෙන් හඬනගන්න. අද අවුරුදු තුනේ හතරේ පුංචි දරුවොත් අතවරයට ලක්‌වෙනවා. ඇයි ඒ වෙනුවෙන් මේ අය හඬ නගන්නේ නැත්තේ. අද මේ සමාජයේ හොරකම වැඩිවෙලා. ඇයි මේ පිරිසට ඒ වෙනුවෙන් හඬක්‌ නගන්න බැරි. ඒ වෙනුවෙන් සංවිධාන හදාගන්න.

සමාජ සහජීවනය බිඳ දමන මතිමතාන්තර හැදීමෙන් මේ අය සිදු කරන්නේ සමාජය තුළ විශාල හානියක්‌ ඇති කිරීමයි. මස්‌ මාංශ අනුභවය ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවලට මේ අදහස්‌ දැමීමක්‌ සිදුවුණේ නැහැ. අපි නොදැනුවත්ව සතුන් මැරීමක්‌ සිදුවීම ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැනේ. නමුත් ලෝභ දේවේශ මෝහ යන කාරණා අඩුවී අප මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වන විට මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මස්‌ අරගෙන පරිභෝජනය කරන කෙනෙකුට පවක්‌ සිදුවන්නේ නැහැ. නමුත් එම සතුන් පොළව මත සිටින බව ඔහු දන්නවනේ. සාමාන්‍ය ජීවිතයේදී නොවෙයි මාර්ගඵල ලාභී උත්තරීතර අවස්‌ථාවකදී එම තත්ත්වයෙන් පවා (මස්‌ කෑමෙන් පවා) වැළකෙන අවස්‌ථාවන් ඒවි. එවැනි තත්ත්වයකදී මස්‌ මාංශ අනුභවය ඉබේම වැළකෙන තත්ත්වයකුයි නිර්මාණය වන්නේ.

එහෙත් යෑපීම් සඳහා මේ දේවල් සමාජයේ තියෙනවා. මෙයින් අපි අදහස්‌ කරන්නේ නැහැ සතුන් මැරිය යුතුයි කියා. නමුත් පවතින සමාජ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අප කලින් සඳහන් කළ ආකාරයට සමචර්යාවට ඉඩදීම විනා ඊට එහා ගොස්‌ සමාජය විකෘති කිරීමේ අයිතියක්‌ අපට නැහැ. තමන්ගේ ආවේගශීලී අදහස්‌ ඉදිරිපත් කිරීමට, බොරු සිල් පෙන්වීමට මිත්‍යා මත දරන්නන් කරන දේවල්වලින් සිදුවන්නේ මහා සමාජ විනාශයක්‌ පමණයි. මේ අයගේ ක්‍රියා කලාපය බලවත් වුවහොත් බුදුදහම සමඟ රැඳී ඉන්න බැහැ කියලා සමාජයේ මතයක්‌ ඇතිවිය හැකියි. බෞද්ධ පින්වතුන් බෞද්ධකමින් ඉවත්වී වෙනත් අදහස්‌ වැළඳ ගන්න තත්ත්වයක්‌ මේ නිසා නිර්මාණය විය හැකියි. මස්‌මාංශ අනුභවයට එරෙහිව මිත්‍යා මත වපුරන මේ අය සියුම් ලෙස මේ කරන්නේ බෞද්ධ ජනතාව ඉන් ඈත් කිරීමක්‌ද යන්න ඔබ අපට සැකසහිතයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන්නේ ප්‍රයෝගික ලෙස ජීවත්වෙමින් බෞද්ධයන් ගෙවන ආගමික සහජීවනය බිඳ දැමීමයි.

මස්‌ මාංශ අනුභවය පිළිබඳව පුහු මත ඉදිරිපත් කරන මේ අයට බෞද්ධ විඥනයක්‌ නැහැ. බෞද්ධ චින්තනයක්‌ නැහැ. තමන්ට කටට ආපු දේ කියනවා. ඔවුන් සිදු කරන්නේ ජනප්‍රිය ලාභ සත්කාර ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම පමණයි. මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මත ඉදිරිපත් කරන්නේ නිසි ලෙස පැවිදි උපසම්පදාවක්‌ ලැබූ භික්‌ෂුන් නොවේ. අපි ඒ අයට අභියෝග කරනවා යම් දවසක මේ පිළිබඳව අප සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා.


අද මේ ගැන කතා කරන අය සතුන් මරණ ආකාරය දක්‌වන වීඩියෝ පට පාසල්වල පවා දර්ශනය කරනවා. මේ හින්දා පුංචි දරුවන්ගේ පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මනස අවුල් වෙනවා. මෙවැනි වීඩියෝ පාසල්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි. නිරෝගී දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට මෙම මිත්‍යා මත දරන්නන්ට ඉඩනොදිය යුතුයි.

මස්‌ මාංශ අනුභවයට එරෙහිව පොතපත ලියන අය හෝ වේවා දේශන පවත්වන අය වේවා බුදු දහම ගැඹුරින් දකින්නැයිද ඒ ගැන අධ්‍යයනය කරන්න යෑයිද අපි ඔවුන් වෙත දැන්වීමට කැමැතියි. ධර්ම සන්නිවේදනයේදී ධර්ම සන්නිවේදකයා ඉතාමත් පරිස්‌සම් විය යුතුයි. අප සැත්කමක්‌ කරන අයුරින් ධර්ම සන්නිවේදනය කළ යුතුයි.

ත්‍රිපිටකයේම තියෙන මාංශ අනුභවය සම්බන්ධ තොරතුරු අප සොයා බැලුවා. අටුවාවේ සඳහන් කරුණුත් සොයා බැලුවා. ඒවගේම අපට වඩා තලතුනා ධර්මධර, විනයධර භික්‌ෂුන් වහන්සේලාගෙනුත් මේ ගැන විමසා බැලුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි අප මේ කරුණු අනාවරණය කරන්නේ. මස්‌ මාංශ අනුභවයට එරෙහිව මත ඉදිරිපත් කරන්නන් පසු විපරමක්‌ කරලා නැහැ. ඉන් සමාජයට වී ඇති හානිය පිළිබඳව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පුංචි දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ ගැන ඇති කරගෙන තිබෙන අනියත බිය නිසා අපට ඊට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඔවුනගේ අනියත බිය නැති කරන්න වෙලා තියෙන්නේ බුදුදහම පිළිබඳව ගැඹුරින් අදහස්‌ දක්‌වන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට පමණයි. අප ඒ කාර්යය කළ යුතුයි. නැතිනම් සමස්‌ත සමාජයටම වෙන්නේ හානියක්‌.

මෙම මිත්‍යා ඉදිරිපත් කරන්නන් එය සමාජගත කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර තිබෙනවා. මේ අයට මේ මුදල් කොයින්ද? මේක ජාවාරමක්‌. මෙම ජාවාරම කරන පිරිස කියන කතා, ප්‍රකාශ කර ඇති දේවල්වලින් බෞද්ධාගමට වන්නේ විශාල හානියක්‌. ඇතැම් අය භික්‌ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් පවා ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවේ. අප සමාජයේ මිනිසුන් මස්‌ මාංශ අනුභව කළා තමයි. නමුත් එහි ඇලුනේ නැහැ. ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිත අවුල් කරන මේ මිත්‍යා මත අප පරාජය කළ යුතුයි.

ධර්ම සංවාදය - වසන්ත ලියනගේ 

21 comments:

  1. බෞද්ධ දර්ශනය නිදහස් චින්තනයෙන් පිරුණ දර්ශනයක් ලෙසයි පොදුවේ සලකන්නෙ.දර්ශනයේ මූලයම මූලාරම්භයම නිදහස් නම් බුදුදහම නිති රීති පනවා ක්‍රියාත්මක නොකල දහමක් ලෙයි සමාජ ගත වන්නෙ.පෞද්ගලිකව මට දැනී තිබෙන්නෙත් මා විශ්වාස කරන්නෙත් ,බෞද්ධ දර්ශනයට විශේෂ කැමැත්තක් දක්වන්නෙත් එහි ඇති නිදහස් ස්වරූපය නිසාය.මා ජිවත්වන්නේ මා ලද අත්දැකීම් තුලින් එකතුකරගත් රටේ පොදු නිතියට එකඟ සහ මට පහසු චර්යා රටාවක් තුලය.අද වන විට මා පිළිගෙන සහ ක්‍රියාත්මක කරන්නාවු අදහස නම් ජීවත්වීම සදහා ඇදහිලි සහිත කිසිදු ආකාරයක ආගමක් මට අවශ්‍ය නැති බවය.ආගම් තුල රුවා ඇති නිති රීති තුල අපි හිරවෙන්නේ ඇයි යන්න මාගේ ප්‍රශ්ණයකි.යමක හිරවිම ජීවිතයට මහා බරකි.පිඩාවකි.ආගමක නාමයෙන් හෝ වෙනත් සංස්කෘතික ජීවන රටාවක ආකාරයෙන් හෝ යම් අදහසක් තුල හිරවී තෙරපී ඉන්නේ ඇයි.?රටේ පාලන තන්ත්‍රය මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලත් පොදු නිති පද්ධතියක් ඇත. රටේ නිති ගරුක පුරවැසියෙක් ලෙස මා එයට ගරුකරණ අතර ඒ අනුව මාගේ ක්‍රියා කලාපයන් සකස්කරගැනිමට මා බැදී සිටිමි. ඒ හැර ආගමක නාමයෙන් හෝ දිනෙන් දින අළුත් වන්නාවු හෝ නැතහොත් අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘතික රටාවන් පිළිපැදීමට බැඳී සිටීමට මට කිසිදු උවමනාවක් නැත්තේ ,ඒ සියල්ලටම වඩා නිදහසේ ජිවත්විම මා අගය කරණ බැවිනි.ආගමික පොලිසියක් හෝ සංස්කෘතික පොලිසියක් අවශ්‍ය නැත.ආගමක් තුල ඇති ඇදහිලි සහ ඒ වටා ඇති සංස්කෘතික රාමුව තුලින් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා හික්මවිය හැකියයි කීම මුසාවක් වී ඇත. ඒතුලින් අන්තවාදින් බිහිවී ඇති බව නම් නොරහසකි.පක්ෂග්‍රාහී නොවී වත්මන් සමාජය අධ්‍යයනය කිරිමෙන් මෙහි සත්‍යතාවය අවබෝධ කරගත හැක.රටක ආහාර රටාවද නිදහස් තලයක් මත පිහිටා තිබිය යුතුය.ආහාර රටාවන් තුලට ආගමික අන්තවාදය ඇතුලත් කරගත් පසු ආහාරය අභිබවා ආගම මුලට ඒම තුල විවිධ සමාජ ගැටලු නිර්මාණය වන්නේය. පසුගිය කල බිහිවු හලාල් වැනි කථා උදාහරණය.මාංශ අනුභවය පිළිබදවද මා දකින්නේ බුදුන් වහන්සේ , ආහාර සදහා කිසිදු ආකාරයක දැඩි නිති රිති පැනවිමක් නොකර ඇත යන තැන සිටීම සැමට පහසුය.පේද්ගලික හේතු මත හෝ සෞඛ්‍යමය හේතු මත මස් මාළු බිත්තර අනුභවය තමාට කැමති ආකාරයට සකස් කරගත්තාට කමක් නැත. රටතුල ආහාර සංස්කෘතිය විවිධාකාරයෙන් ක්‍රියාත්මකවේ.ආගමික නාමයෙන් බිල්ලන් මවා පා මිනිසුන් හිරකර තැබිම නොමනා සේම තමාගේ ආහාර රටාව තමාට රුචි පරිදි සකස්කර ගැනීමට හැකියාවක් පුද්ගලයෙකුට තිබිය යුතුය. වෙනත් පුද්ගලයෙක් එය ප්‍රශ්ණ කලයුතුද නොවේ.එය පොදු සමාජයේ විශේෂිතයෙක් විමට යොදා නොගත යුතුය.නිදහසේ ජිවත්විම යනු ආගමික නියමයක් හෝ දේව නියමයක් නොව ශිෂ්ඨ සම්පන්න සමාජයේ සමාජමය අයිතියකි. එය හැමටම පොදුය. එයට අප ගරුකල යුතුය. ආගම දඩමිමා කරගන්නෝ බහුතරයක් දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය.මාංහ හෝ වෙනත් අනුභවයන් ආගමික සංකල්ප හා ගැටගසා සමාජය විකෘති නොකල යුතුය.

    ReplyDelete
    Replies
    1. එකඟයි මහත්මයා. බොදුනුවෙකුගේ ඒකායන අරමුණ නිවන් දැකීමයි. කන හැටි, බොනහැටි, ඇවිදින හැටි .... ආදියෙන් නිවනට යන මග පටු කරගෙන අද ඉන්නේ. සිත සංවර / හික්මවාගන්න බැරි අය අද අනික් අයටත් නිවන් දකින්නේ මෙන්න මේ විදිහටයි කියමින් විහිළු සපයන්නන් බවට පත් වෙලා...

      Delete
  2. No i am not accepted this 100%. Yeah u may be right. But they kill the animal because of eaters of meat. If we overcome the added meat production for our meal, we can safe the animal. Plz tell me, am i wrong ??

    ReplyDelete
    Replies
    1. Yes you are wrong.You also look about this matter as others ,Every body think this is as a formula.We cant take this matter as a formula to real life.Ill will elaborate this according to my knowledge.The above article is true and correct.If you feel that having meat is reducing your mental strength because of the guilty feeling you have having meat pls don't eat meat.And if you feel that having meat will affect to your 1st statement of pansil then dont eat either.Because it will bad to you if having meat with a bad perception .According the formula you said, we are liable for the death of the animals killed by butchers for our meat purpose.First thing is ,Although u stop having meat can you stop the killing of these animals?.Dont think about this as public.Think only as a individual.Second thing is if we use this formula to other things in our life we are liable for the death of animal and people other way around.As a example - you are going to buy a leather bag. According to your formula we collect bad merits,Lets say that we will buy a furniture.It also effect for the destruction of trees in the forests and cause to bad effect on animal and people either.Lets say that government needs to build a hospital to cancer patients in some urban area. so they will select a land with trees and demolish it for the constructing of the hospital.The birds and other animals will be killed by the event.So do you think patients should be liable for the death of the animals in that forest.so we cant take this matter as one side.Then there is a other way around this formula.I can also argue as if buthers stop killing of animals although there will be a demand, then animals will be rescued.so we have to take this matter in deep thinking.Lets say that you go to the supermarket and buy flesh.Now you think that you did a bad merit due to your demand.Lets suppose that this animal has died due to a illness and suppler sell this to the supermarket.you buy that flesh.But you still think that your are liable for the death of that animal.And another thing.Lets suppose that the whole world will stop killing animals for meat.Then the animal population will be increased drastically than the human population.It will cause to increase of some virus deceases from animals to human.Then problem will be bad.Then the government will decide to kill all the additional spread of animals to rescue human.So do you still think rescuing animals morethan the human life is worty.These kind of thing has happened in other countries in reality.But if you go to meat shop and tell the butcher to kill 2 chickens ,Then its a another story.It will cause to happen a bad deed.So we should understand the these two incidents carefully.What we should do is we have to reduce the desire we have against not only meat but also on other meals as well.When you are buying meat from supermarket means its another something. Thats all.When sombody does meditating a long time and if that person comes to samadi level then the desire will go away and that person thinks food as a something that need to have for the survival for his life.so that person see the fish piece as a another some food but not seeing as a fish.And he doesnt care whether he gets that fish piece or not.There are few factors to be accomplished to happen a death as mentioned in the article.When we go to the food stall and when buying a meat we dont have any imagination of killing a animal.so we have think about this matter being a intermediary. Dont think about this as Demand and supply theory in Economics.

      Delete
  3. if someone not slaughter animal how can you eat? how can you wear leather shoes? leather bags? and Mostly Buddhist function without instruments of animals ?

    ReplyDelete
    Replies
    1. Butcher has the sole responsibility whether to kill animals or not.He has the brain and heart to understand this is wrong or this is right.If all the butchers will stop killing animals thinking from them self as this is bad, animals will be saved.But that is not the reality in the world.World created it self to happen these things.Or else every body will attain Nirwana. But it doesn't work.Only few of Buddhist will able to understand this world created trap.All we are engage in to trap to rollover reincarnation by the nature.This is trap used by nature. Animals who deserves to die will die any way from by killing or from another reasons because of the karma.This should be understand as an individual.Because as an indivigual we should think to away from killing animals,The person who kill the animal deserves the Karma back.its definite and it was proven by some real stories in life. Some body go to the food stall and buy flesh means that was a already dead body.No karma will effect for killing purpose.Only factor is if we have the desire to have flesh.As a profound minded person you should remove that desire.But butcher definitly collect the Karma for killing.But killing are happening all over the world due to the Karma.This is a circle.This question is just like a Snake.If we try to catch it from its tail it will sting us.But if we catch it from its head,then it cant sting.This matter is a thing like this.If we think about this to the extreme level we even cant drink boil water,We cant even have other vegetables ,and rice because these are prepare by using fertilizer.So small creature can be killed by using these fertilizer.So we cant go to that extent.Or else nobody can live.What we have to do is we should come to a intermediary point.It may difficult to understand.But how ever the person killing a animal or a human will definitely face for the consequence of Karma.As a individual you should prevent from killing animals and prevent asking somebody to kill.As a person i can go to the shop and ask for a leather shoes or a another artificial material shoe.Although i purchase leather pair does not mean i face for the karma relating to killing.If that leather shoe is not there its ok .Ill buy a what ever the shoe in that stall.Lets say that im so eager to have that leather bag,im telling my self i definelty need this bag.Then there will karma happening against the eager desire we have.But again not the karma relating to kill but for the eager desire.This is the natures trap.This is the main factor we are binded to the reincarnation.This is not easy to understand.We always arguing because we cant understand the natures trap. Because nature need to reincarnation. That's how nature created by reasons results.What i can suggest is if we cant understand this theory at least prevent form killing and prevent form asking others to kill as individual .This will help you to changed your life what ever the religion you are.

      Delete
    2. Deeshana de silva i highly appreciated your answer, this is the way to open discussion

      Delete
    3. "All we are engage in to trap to rollover reincarnation by the nature.This is trap used by nature." ඔබ ඉතාම නිවැරදිව දක්වා තිබෙනවා. මෙය (පවතින සත්‍යය) අවබෝධ කර නොගැනීම ට හේතුවත් මෝහයමයි. ශාකභක්ෂක කතාවත් එක් අන්තගාමි මෝඩ ප්‍රතිපත්තියක්..

      Delete
  4. Wait,i want to read whole article first..

    ReplyDelete
  5. most of the vegans i know has nothing to do their food habits with their religious beliefs. they simply don't like other beings sufferings in their plate. it's a simple math. you don't need VEDAS or ABIDHARMA to understand the concept of vegetarianism. do not try to fault vegetarians, it's their choice not to harm either directly or indirectly other beings. instead we should appreciate their courage and dedication, though we're bit slaves of our tongues :)

    ReplyDelete
  6. Excellent explanation, that clears my issue, I was also thinking that since we eat animal flesh they kill animals, if we stop eating the killing stop. But now I know that we cannot change it, though I stop eating there are others, even in Buddha's time there were butchers and it was a business as it is today, we cannot change the world.

    ReplyDelete
  7. I think all should understand the purpose of Buddhism is to achieve nirwana and most of our activities need to aim that rather than doing anything other.
    On this question the simple understanding on demand theory in economics will give you the solution. Accepting or rejecting is up to you but for me I know by eating meat I cause killing animals and that will have add to my karma.
    Finally I believe most of us including myself is away from sole purpose of Buddhism which is achieving nirwana.

    ReplyDelete
  8. Boru dewal pili nogena me agra bojana walin maha sangayata daane denna pooja karanna hadanakota meka hodane kiyala walakwana ayatath pau kiyanna mn dannawa.eth me ethem minissu kochchara kiwath pili ganne ne meka kohomada api a ayata therum karanne denatath buddha poojawata mas maalu thiyanna epa kiyana aya issara hitapu deudath therunla wage aya kiyanna thamai wenne

    ReplyDelete
  9. This is very simple to understand... According to Buddhism we accumulate karma in different degrees depending on the acts we do..By killing you accumulate high degree of bad karma and by eating meat still some amount of bad karma of course not like you kill one. That is why Buddha said when you live you have to deal with Karma (Good and bad) and you get comfort and suffer. If you want to totally over come from this where no pain you need to attain Nirvana.. As ordinary ppl we still do bad Karma in different degrees.

    ReplyDelete
  10. WHat is here cannot accepted fully. Ex:- මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා As per this it is ok to kill a shark to save a human life. According to the karma what he has done before he got an heart trouble. But why we should kill the shark for that person. It very funny. Load budda has said clearly not to sell animals for meet. It should not be a job for a person. THink

    ReplyDelete
  11. මේ ලිපියේ ප්‍රධාන මාතෘකාව පිලිබඳව මා දරන්නේද සමාන අදහසකි. විශාල වූ දහම් දැනුමක් නොමැති උවත් මෙම ලිපියේ අන්තර්ගත සමහර කරුනු ගැටලුකාරි යැයි මට සිතෙනවා. මම දක්වන කරුනු වල වරදක් තිබේනම් පෙන්නා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
    1. මෙහි සඳහන් වෙනවා ප්‍රාණඝාත අකුසලකර්මයක් වීමට කරුණු 5ක් ඉටු විය යුතු බව. ඒ ගැන උදාහරණයක්ද දක්වා තියෙනවා.
    නමුත් මා දන්නා දේ නම් බුදුන් දෙසූ මූලිකම සිද්ධාන්ථය නම් "චේතනාහo භික්කවේ කම්මo වදාමි"

    එය එසේනම් කෙනෙකු ප්‍රාණඝාත අකුසලය සිදු කරගන්නේ සත්වයා මැරීමට පෙර බවයි මම අදහස් කරන්නේ.

    අපි මස් අහාර ගැනීමේදී එසේ චේතනවක් පහල වෙන් නෑ. ඒ නිසා පවක් නොවන බවයි මගේ මතය.

    නමුත් මස් සඳහා සතුන් මරන පුද්ගලයා පවක් සිදු කරගන්නවා.

    2. බුද්ධ දේශනාවේ තියනවා නොකලයුතු වෙලඳාම් 5ක්. සතුන්, මස් මාoශ, වසවිස, මත්පැන්, අවිආයුධ.

    එසේනම් ඒ කරුනුත් එක්ක ඔබේ ලිපියේ සමහර කරුණු ගැටීමක් සිදුවනවා. මේ පිලිබඳ සලකාබලා කරුණු නිරවුල් කිරීම හෝ මගේ වැරදි පෙන්නාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  12. බුදුරජාණන්වහන්සේ නොකල යුතු වෙළෙඳාම් පහක් දක්වල තියෙනවා මස් මාන්ශ වෙළෙඳාමත් එයින් එකන්

    ReplyDelete
  13. වැදගත් දෙශනයක්. මස් මාංශ අපි වෙනුවෙන්ම කියා හෝ අප විසින්ම මරා හෝ අප අරමුණුකොට ගෙන මරා ඇත්නම් අප ද එම සතා මැරීමට අනුබල දුන්නා වෙනවා. එයින් එම සත්වයාගේ මරණයේ වගකීමෙන් කොටසක් අපට ද උරැම වීමෙන් පවේ හිමිකාරයෝ බවටත් අප පත් වෙන බව මා අසා තිබෙනවා. ඒ අපේ මනස ඒ පව හා සම්බන්ධ වීම නිසයි. නමුත් අප මනසින් ඒ මිනීමැරැම ( ප්‍රාණගාතය යනු මීනීමැරීමකි) හා සම්බන්දයක් නොවීම නිසා පවක් සිදුවීමට කිසිදු ඉඩක් නොවේ. ( සියලුම කර්ම සිත මුල් කොට පවතින නිසා බව දේශනාවේ දැක්වෙන බැවිනි) එනිසා මාස්මාංශ ආහාර හා ඒවා අඩංගු බෙහෙත් ලබා ගැනීම වරදක් නොවන බව මාගේ පිළිගැනීමයි.
    එමෙන්ම සත්ව හිංසාව පිළිකුල් හා නොකලයුතු දෙයක් මෙන්ම ශිෂ්ඨ සමාජයට නොගැලපෙන දෙයක් ලෙසද පුනපුනා කියමි.

    ReplyDelete