Tuesday, September 6, 2016

මස්මාංස අනුභවය පිලිබඳ ත්‍රිපිටකය සිසාරා - ත්‍රිපිටක අධ්‍යනය පහසු කරවීම පිණිස

මාංස අනුභවය පිලිබඳ තවදුරටත් තර්ක වාද අවශ්‍ය නැත. මෙහි දැක්වෙන්නේ ඒ පිලිබඳ ඇති සියලු ත්‍රිපිටක කොටස් ඇතුලත් කෙටි සටහනකි. වැඩිදුර අද්‍යනය අවශ්‍යයැයි සිතේ නම් බුද්ධ වචනය සහිත පාලි ත්‍රිපිටකයම පරිහරණයන් කොට මේ පිලිබඳ තවදුරටත් අවභෝද කරනගන්න.
මේ  සම්බන්දයෙන් විවිධ මතිමතාන්තර දරන මහන මෙහෙන උපාසක උපාසිකාවන්ගේ හා මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ වාද විවාද වල නොපැටලීමට මෙතැන් සිට වගබලා ගන්න. 
  1. විනය පිටකයේ පරිවාරි පාලි 2 දුතිය ගාථා සංඝණිකයේ 275 පිටුවේ 8 ඡේදයේ නොකැයුතු මස් ලෙස ඇත් අස් බලු දිවි සප් සිහ වග කලුහිස් වලස් කරබාන වලස් මස් මිනි මස් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. මේ පිලිබඳ භික්ෂුණ් අනුභව නොකළ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ 556-560 පිටු වලද සඳහන් වෙයි.
  2. එකි පරිවාරපාලියේ 215 වන පිටුවේ 12 වන ඡේදයේ උපාලි තෙරැන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්‍ෙතේ භෝජන පසක් ඇති බවය.බතයැ. කොමුයැ,අත්සුණු යැ, දියමස් යැ ,ගොඩමස් යැ, යනුවෙනි.
  3. නො පිසු මස් අමුවෙන් නොකැයුතු බව 1 දිග නිකායේ සිලස්කන්ද වග්ගයේ බ්‍රහ්මජාලා සුත්‍ර යේ 9 පිටුවේ 15 ඡේදයේ දේශනා කර තිබේ.
  4. ආරිඅෂ්ඨාංගික මාර්ගයේ වනිජ්ජා අතර මාංස වනිජ්ජා නුසුදුසු බව දේශනා කර තිබේ. එනම් මස් වෙලදාම නුසුදුසු බවයි.
  5. පන්සිල් දසසිල් වල මස් අනුභවය වරදක් බව දක්වා නැත.
  6. ක්ලේශ 1510 තුලත් එය වරදක් නෙවේ.
  7. දස අකුසල් වලටත් එය ඇතුලත් නැත.
  8. දිග නිකායේ 2 මහා සතිපට්ටාන සුත්‍රයේ 449 පිටුවේ හරක් මරණ ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කර ඇත්තේ මෙලෙසයි. මහනෙනි ,යම් සේ දක්ෂ ගෝ ඝාතකයෙක් දෙනක මරා සතරමං හන්දියක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ වේද ..... ලෙසය. එකල්හිද හරක් මස් අනුභව කර ඇත.
  9. මජ්ජිම නිකායේ 2 බ්‍රහ්මන වග්ගයේ සොටමුඛ සුත්‍රයේ 637 පිටුවේ සදහන් පරිදි, අත්තන්ප නොවු පරන්ත නොවු තෘෂ්ණා රහිත භික්ෂුවකට.... , එහි 639පිටුවෙ දෙවන ඡේදයේ සදහන් පරිදි අමුමස් පිලිගැන්මෙන් පමනක් වැලකියේ වයි ලෙස සදහන් වේ.
  10. මජ්ජයම නිකායේ 2 ගහපති වග්ගයේ 55 පිටුවේ 2.1.5 කොටසේ ජීවක සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ජිවකය, මම කරුනු තුනකින් මාංසය පාරිභෝග්‍ය නොවේ යයි කියමි. දක්නා ලද්දේයැ, අසනා ලද්දේයැ ,සැකකරන ලද්දේයැ යනුයි. ජිවකය ,මම මේ කරුනු තුනින් මාංසය පරිභෝග නොකටයුතුයි යයි කියමි. ජිවකය, මම කරුනු තුනකින් (පාරිශුද්ධ වු ) මාංසය වැලදිය යුතු යැයි කියමි. නොදක්නා ලද්දේයැ, නොඅසන ලද්දේයැ ,සැක නොකරන ලද්දේයැ ,යනුයි. ජිවකය, මම මේ කරැනු තුනෙන් (පාරිශුද්ධ වු ) මාංසය වැලදිය යුතු යැයි කියමි.
  11. මජ්ජිම නිකාය 3, උපරිපණ්ණසක වග්ගයේ අනුපද වර්ගයෙ ජබ්බිශෝධන සුත්‍ර යෙ 149 පිටුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ අමුමස් පිළිගැන්මෙන් වැළකුණෙම් වීමි ලෙසය.
  12. සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. සුකරමද්දවය බුදු රජාණන් වහන්සේ වැළඳු බව එහි සඳහන්ය
      
  13. සුප්පියා එතදග්ග සූත්‍රය. ´´මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´ මිනිමස් අනුභවය තහනම් කිරීම විස්තර වන්නේ මේ සුත්‍රයේදී.
  14. සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව එයින් සනාත වෙයි.
     
      
  15. අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය- "මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ" යනුවෙන් බුදුරදුන්ගේ ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රිය කරන වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනැවිත් පූජා කළේ ය. මේ ආහාර අතර ඩෙබර පල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි.
  16. මාංස අනුභවය පිළිබඳව පුළුල්ව විග්‍රහ වන තවත් තැනක් ලෙස, විනය පිටකයේ පාචිත්තිය පාලියේ භෝජන වර්ගයේ 09වෙනි ප්‍රණීත භෝජන සික්‍ෂා පදය. එහිදී සංඝයා වහන්සේට පූජාකිරීමට සුදුසු බෝජන 9 අතරට මත්ස්‍ය හා මාංස එක්කොට තිබීම දැක්විය හැකිය.
  17. අමනුෂ්‍ය දෝසයකින් පීඩා විඳි බික්ෂුවක් අමු මස් අමු ලේ ආහාරකොට ගැනීම වරදක් නොවන බව මහාවග්ග පාලි බෙසජ්ජඛන්දක්යේ දැක්වේ.
  18.  මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙන සීහ සේනාපති සුත්‍රය හි දැක්වේ. 
  19. යමෙකු විසින් මරණ ලද සතෙකුගේ මස් කෑමෙන් තමා ප්‍රාණඝාතයට අනුබල නොදෙන බව සුත්‍ර පිටකය ඇසුරින් 
    කරන ලද කර්මයක ඵල විපාක දෙන ආකාරය පිලිබඳ බුදු රජාණන් වහන්සේට ඉහලින් ගොස් කරුණු දැක්වීම කිසිවෙකුටත් කල නොහැකිය. යමෙක් විසින් කරන ලද පින හෝ පව තවත් කෙනෙකුට බලනොපාන බව නිවැරදිව පෙන්වන සුත්‍රයකි චුල සච්චක සුත්‍රය. මෙහිදී චුල සච්චක නම් නිඝන්ටයාට  ඔහුගේ දායකයින් පිරිසකගෙන් ලැබුන දානය බුදුන් වහන්සේට පිළිගන්වයි. එම දානය බුදුන්ට පිළිගැන්වීම නිසා ලැබෙන පින එම දානය සච්චකට ලබා දුන් පිරිසට ලැබෙන්නේදැයි සච්චක අසයි. එසේ නොවන බව බුදු රජාණන් වහන්සේ පහදා දෙයි. යමෙකු විසින් මරණ ලද සතෙකුගේ මස් කෑමෙන් තමා ප්‍රාණඝාතයට අනුබල නොදෙන බව අවබෝධ කරගැනීමට හා එම මිත්‍යාවෙන් මිදීමට ඉතාම සුදුසු සුත්‍රයකි.
    "අග්ගිවෙස්සනය, පහනොකළ රාගය ඇති, පහනොකළ ද්වෙෂය ඇති, පහනොකළ මොහෙය ඇති යම්බඳු දක්ෂිණාර්හයෙකු වෙතට පැමිණ ඒ පුණ්‍ය විපාකය දායකයින්ට වන්නේය. අග්ගිවෙස්සනය, පහකළ රාගය ඇති, පහකළ ද්වෙෂය ඇති, පහකළ මොහය ඇති මා වැනි දක්ෂිණාර්හයෙකු වෙත අවුත් ඒ පුණ්‍ය විපාකය නුඹට වන්නේයයි” වදාළහ.- මජ්ඣිම නිකාය, මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.), මහා යමක වර්ගය"   

සීලය නොදන්නාට නිර්මාන්සය සීලයකි. මිත්‍යාදෘෂ්ටිකයාට මාංස අනුභවය මිත්‍යාදෘෂ්ඨියකි.   
නිර්මල බුදු දහමේ නිර්මාංසය සීලයක් නොව සීලබ්බත පරාමාසයකි. එය වෘතයක් බැවින් මිත්‍යාදෘෂ්ටියකි. එ නිසා බුදු දහමේ නැති දේ ඇති දේ ලෙස තමාගේ ප්‍රතිපත්තිය හා ගලපා තවත් අයෙක් මිත්‍යාදෘෂ්ඨියට ඇද නොදමන්න.
- බුදු දහම අනුව වැළකිය යුතු වන්නේ සතුන් මැරීම වධ හිංසා කිරීමෙන් පමණි -       

No comments:

Post a Comment