Tuesday, September 27, 2016

නූතන වෛද්‍ය විද්‍යාවට අභියෝග කල කලලයක විකසනය දුටු බුදු ඇස


ඉන‍්දක සූත්‍රය හා විග්‍රහය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍්දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ඉන‍්දක යක‍්ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුරට කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.

ඔහුගේ මව යම් අහරකුත් බොන දෑකුත් බෝජනයකුත් වළදාද මව් කුසට පැමිණි ඒ සත්ව තෙමේ ඒ ආහාරපානාදියෙන් එහිදී යැපේ. 

මේ සූත්‍රය විග්රහයෙන් බලමු.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබේ යන්න එහි තේරුමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"

මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත 

මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

පළමු සතිය
"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"

කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරුම වන්නේ පෙණ පිඩ යන්න වේ.

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
සංසේචනය (Fertilization) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබේ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස්කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.

02 වන සතිය
"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"

"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරුමයි

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.

03 වන සතිය
"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"
"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ. 

එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.

04 වන සතිය.
"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"
"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. 04 වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. 04 වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්
එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.
05 වන සතිය
"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"
සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි. 

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
ඉතාමත් නිවැරදි ලෙස 05 වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු 05 ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.
"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"

ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි. 

මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.
මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත. මෙම කරැණු නුතන විද්‍යාව හා සැසදුව කරැණත් මෙහිදි ඉදිරිපත් කිරිම ඉතා වැදගත් යැයි මම සිතමි. මා කිසිදු විටක බුද්ධ දේශනාව විද්‍යාව හා සමකිරිමට අකමැති වුවත් (එයට හේතුව තථාගතයානන් වහන්සේගේ ඥානය හා සැසදිමෙදි විද්‍යාව තවමත් සැලකිය යුත්තක් නොව බැවිනි) අප දන්නා දෙය බුදුපියානන්වහන්සේත් දේශනා කර ඇති බව දැකිමෙන් පුද්ගලයන් තුල සතුටක් හා විශ්වාසයක් තමන්ගේ ශාස්තෘවරයානන්වහන්සේ ගැන ඇති වන බැවිනි. මෙහි වැදගත් තව කරැණක් ඇත. සුත්‍රයේ අන්තර්ගත කරැණු සියල්ල විද්‍යාව හා ගැලපි යාමටත් එය දේශනා කලේ කවරකුටද යන්න බොරැ විමට හේතුවක් නොමැති බවත් මෙහිදි වැටහි යනු ඇතැයි මම සිතමි. එනමි මෙම සුත්‍රය දේශනා කලේ ඉන්දක නමි යක්ෂයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරැ දිමි වශයෙන් බව ඔබ දකින්නට ඇත. යමෙක් යක්ශයෝ යනුවෙන් පිරිසක් නැතැයි කියන්නේ නමි ඔවුන්ට මෙය හොද පිළිතුරක් වනුද නොඅනුමානය.

Establishing Pali Text Society for Buddhist literature

by Nemsiri Mutukumara
 Daily News - Saturday, 18 October 2003  In the nineteenth century when Lanka was administered by the British after the leaders of the Central Province handed over the Kingdom under a Treaty called the Udarata Givisuma in 1815. The British Governor agreed solemnly and sincerely and pledged to protect the Buddha and this religion and all its Viharas, devalas and other monuments.

The news grandeur of the latest British administration is spread far and wide in England and in several European countries, notably in Germany and France.

Many a historian, archaeologist, scholars particularly the orientalists and Indologists entertained an irresistible desire to visit the "Pearl of the East" and "Drink from its fountain of oriental philosophy".

Many scholars both Pali and Sanskrit came to Lanka to serve the British in its "Ceylon Civil Service".

Professor Thomas William Rhys Davids (1843 to 1922) came here with his wife Caroline A. F. Rhys Davids (1857 to 1942). But the Davids never knew either Pali or Sinhala.

Rhys Davids served in many parts of Lanka in different fields. He was the Private Secretary to the Governor and District Judge of Galla. He first worked for the acting Governor Major General Terrence O'Brien and Governor Sir Herculus Robinson who later became Lord Rosemead.

"His last few years in Sri Lanka were spent in the archaeological service; the excavations of a number of sites in Anuradhapura and the discovery of Sigiriya are among his achievements -" (Ananda W. P. Guruge "From the Living Fountains of Buddhism "Introduction P cxxiii). Commenting on Rhys Davids learning of Pali and Sinhala, Dr. Ananda Guruge states:

"According to records, Rhys Davids came to know of Pali when he was confronted with texts of Buddhist Vinaya in the course of a trial he conducted as District Judge of Galla. When none in the Court could translate the relevant text, he decided to study Pali, and, again, it was to Ven. Yatramulle Sri Dhammarama that he went for instruction. As he proceeded with his studies, he came in contact with the two best known scholar monks of the time, Ven. Hikkaduve Sri Sumangala Nayaka Thera and Ven. Waskaduve Sri Subhuti Nayaka Thera (Ditto cxxii).

Earlier, he learnt Sinhala for his examinations from the Venerable Sri Dhammarama. A noteworthy feature in his life was that when he came on his Lanka assignment he was barely twenty-one (21) years.

On his return home in 1872, Rhys Davids continued his studies of Lanka vigorously on Buddhism and Buddhist texts.

With the assistance of Venerable Naranvita (he was referred to as Naranvita Unnanse) he obtained a copy of the Mahavamsa with a manuscript in the India office library in London.

He continued his law studies and was called to the Bar in 1877. With all these new ventures, Rhys Davids primary objective in following the Buddhist way of life and showing this wholesome path to the Western world kept on growing amazingly.

He wrote a Treatise on "the Life and Teachings of the Buddha to the London Society for the Promotion of Christian knowledge. Rhys Davids a son of an English Clergyman, published the book titled "Buddhism".

"Through its quality and popularity, assured for Rhys Davids, a secure place in the pioneering orientalist of the day. Next he translated into English the first volume of Jatakas edited by Fousball in 1880 under the title "Buddhist Birth Stories" and proceeded to translate selected Sittas of the Sutta Pitaka which formed Vol. II of the Sacred Books of the East Series (1881).

The popularity of this work ("Buddhism") can be gauged from the fact that, by 1914, it has been reprinted in 23 editions. It was this book which attracted Mrs. Rhys Davids to Buddhist and Pali Studies." (Ditto cxxiv).

By this time, Rhys Davids has translated many a Pali book into English. He became a well-known protagonist of the Teachings of the Buddha in the Western world.

For his translation of the Eastern Wisdom in Western language like English made him a sought after personality. In 1881 he was invited to deliver the prestigious Hibbert Lectures. His subject was "The origin and Growth of Religion as illustrated by some points in the History of Indian Buddhism".

In the course of this lectures, Rhys Davids announced his intention to establish the Pali Text Society for the exclusive purpose of translating and publishing Buddhist literature. Rhys Davids said:

"The sacred books of the early Buddhists have preserved to us the sole record of the only religious movement in the world's history which bears any close resemblance to Christianity; and it is not too much to say that the publication of this unique literature will be no less important for the study of history and specially religious history than the publication of the Vedas has already been". With his wife Caroline, the Rhys Davids established the Pali Text Society (P.T.S.) of London. The Most Venerable Professor, Dr. Hammalava Saddatissa Mahanayaka Thera of the United Kingdom of Great Britain, while describing Rhys Davids as the "greatest translator of Pali Texts and founder of Pali Text Society (1881) which has edited and translated virtually the whole of the Canon". (the Tripitaka).

All the Tripitaka works and their commentaries became novelties to the people. Since, for the first time, the Pali and Sinhala are to be used in Roman character effective and genuine endeavour was made to write Pali and Sinhala in Roman script. Teaming up together with Buddhist scholars, formulated new alphabet for once and for all times for use in the London Pali Text Society Publications.

Accordingly, with the lead given by the London Pali Text Society, the rest of the world accepted its authoritative alphabet for all future publications of Buddhist Texts in Roman character. The following is the Alphabet: Eight vowels; thirty-three consonants, seventeen (17) vowels in combinations, and seventy-five (75) conjunct consonants.

All these features are found in the Pali Buddhist Texts and have to be written precisely in the manner of pronunciation.

Though, the Pali Text Society is set up in London, the Society never attempted to Anglicise the Buddhist teaching to suit the whims and fancies of some people as it is done particularly in Sri Lanka deliberately and otherwise.

For example, the Buddha's exhortation, "Caratha bhikkhave carikam" is not written with the Anglicised style or "Charatha bhikkhave Charikam" which is totally and absolutely wrong. The CH is used to write a different consonant. Now that the last decade or a little ago, with the dawn of the Internet age, Sri Lanka has become the cynosure of the whole world to obtain the correct and authentic style of presenting Buddha Dhamma to an ever growing audience of readership through the latest media techniques of web sites and home pages. At last, thanks to the "Daily News" the desecration of the wheel symbol - the Dhammacakka by street nameboard painters masquerading as 'artists' were playing pandu with the wheel symbol depicting a cog-wheel.

The "Daily News" Vesak Supplement for Buddhist era 2547 (May 2003) portrayed to the entire world the authentic wheel symbol with authoritative photograph of the symbol form the Bangkok Headquarters of the World Fellowship of Buddhists - the WFB.

The WFB was inaugurated and established in Sri Lanka in 1950 at the Sri Dalada Mandiraya.

The inaugural conference unanimously agreed and accepted the six-colour (The Shadvarna) Buddhist flag presented over a hundred years ago to the Buddhist world, as the international flag of the Buddhists. The same conference accepted that the wheel with eight spokes shall be the symbol of the Buddhists with no single spoke jutting out of the wheel.

Both these sacred objects were printed in the first page of the supplement.

Regrettably, most of the present day products of Sri Lanka Universities, without an exception - write all kinds of nonsense nowadays in the name of Buddha dhamma.

The simple message, such writers give the learned reader is that, he or she has never touched a single Buddhist Text written in English. They read only Sinhala texts and contribute to national dailies hoping to demonstrate their prowess, without realizing that they will cut a sorry figure and ultimately becoming the laughing stock of a world community.

For them, the one and the only way to make a substantial and valuable contribution to Buddhist literature is to be armed with a fine knowledge of the subject is to read all about the subject in English publications of the Archaeological department, the Central Cultural Fund, the Department of the Buddhist Encyclopedia and authors like the Venerable Narada Maha Thera, the Venerable Dr. Hammaluva Saddhatissa Mahanayake Thera, the Venerable Dr. Walpola Rahula Thera, the Venerable Piyadassi Maha Thera, Dr. Ananda W. P. Guruge, Dr. Roland Silva.

Today, Sri Lanka's Ministries of Education, Cultural Affairs, Buddha Sasana, Tertiary Education, Local Government, the Ministry in charge of Provincial Councils have a bounden historical duty to perform in formulating one single way of presenting Buddha Dhamma not only to the outside world but first to the Sri Lankan people in Sri Lanka.

The ceasefire situation has brought the communities together culturally and spiritually. They embrace each other in pursuance of peace and harmony. They stand on the premise of religion.

So far the Sinhala people does not seem to know the absence of the "W" sound in Sinhala. The Sinhala has only the "VA" sound. So it is in Pali language too. While the Sinhala people have forgotten, it or are ignorant of it, their Tamil brethern have without effortless ease maintained their village names in style. All village names beyond Anuradhapura are written with "VA" sound. For instance, Vavuniya, Velanai, Vasavilan, Valikamam, Vannarponnai, Vaddukoddai, Varani are some of the village names. Despicably indeed, when Northern villager retains Valikamam as their village name, the Southerner still has the survile tendency to ape the West and flaunt Weligama for their village.

This situation calls for a standardisation by the authorities without delay sooner it is done the better. Back to Rhys Davids and the Pali Text Society, the credit must be showered to the husband-wife duo whose pioneering efforts to learn Sinhala and Pali and Buddhist realizing the efficacy of the Buddha word they made an earnest endeavour to propagate the sublime teaching throughout the globe.

Rhys and Caroline Davids gave the lead for others to follow.

The Dhammapada which was first translated by German scholar Max Muller, has today become the companion of those who turn to the Buddha to follow his Dhamma for freedom and emancipation.

The turning point began with the following utterance by Rhys Davids: Buddhist or not Buddhist, I have examined every one of the great religious systems of the world, and in none of them have I found anything to surpass in beauty and comprehensiveness, the Noble Eightfold Path of the Buddha.

I am content to shape my life according to that Path". ".... I consider it no exaggeration to say that the Buddha's greatness still shines today like the sun that blots out the glory of lesser lights, and his Ancient Path, still beckons the very pilgrim to the heaven of Nirvana's Security and Peace. And as the old saying goes 'Some run swiftly; some walk; some creep painfully; but all who keep on will reach the goal.' 

Saturday, September 24, 2016

මස් මාළු ආහාරයට ගැනීම පවක් ද? ප්‍රාණඝාතයට අනුබල දීමක්ද?- මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි



ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවත්නා ශ්‍රී‍්‍ර ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්හි මස් මාළු ආහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දකි. තමා වෙනුවෙන් නොමැරූ වෙළෙඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් , මාළු, මිලට ගෙන උයා පිහා ආහාරයට ගන්නා බෞද්ධයෝ ඒවා භික්‍ෂූන්ට පිළිගන්වති. බුද්ධ පූජාවට ද පූජා කෙරෙති. ඔවුහු මෙය පාපයක් ලෙස නොසිතූහ. එහෙත් මෑත යුගයේ විවිධ මාධ්‍යවලින් කෙරෙන ප්‍රචාරයන් නිසා ධර්මය පිළිබඳ අවිනිශ්චිත බවක් සමාජය තුළ ගොඩනැගී ඇත. 

ප්‍රාණ ඝාතයෙන් වැළකීම අවබෝධයෙන් කළ යුත්තක්එ වන අතර එය මස් ,මාළු, කෑම වර්ජනය කරන ව්‍යාපාරයකින් කළ නොහැකි දෙයකි.

ගව ඝාතනය පිළිබඳ ඊට එරෙහි සංවිධාන රැසක් ගොඩනැගෙමින් පවතින අතර ඒ ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩත්වය දක්වාද වර්ධනය වී ඇත. සමහර විට ආගම් අතර විරෝධතාවන් පැන නැගීමටද අවස්ථාව උදාවී ඇත. බුදුදහම බලකිරීමක් හෝ බලහත්කාරකමකින් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ප්‍රාණ ඝාතයෙන් වැළකීම අවබෝධයෙන් කළ යුත්තකි. එය මස් ,මාළු, කෑම වර්ජනය කරන ව්‍යාපාරයකින් කළ නොහැකි දෙයකි.
මස්, මාළු, ආහාරයට ගැනීම බෞද්ධයන්ට අකැප බවත් මස් , මාළු, ආහාරයට ගන්නා තැනැත්තා ප්‍රාණඝාතයට අනුබල දෙන්නකු බවත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද ගිහි පින්වතුන් ද ප්‍රකාශ කරනු අසන්නට ලැබේ.

සැබවින්ම මස්, මාළු, ආහාරයට ගැනීම ප්‍රාණඝාත අකුසලයට අනුබල දීමක්ද? මේ පිළිබඳ සැබෑ බෞද්ධ මතය විමසීමට අප පසුබට විය යුතු නොවේ. බුද්ධ දේශනාව, ත්‍රිපිටක ග්‍රන්ථයන් සැක කටයුතු නැත. මේ පිළිබඳව සැක සංකා තිබේනම් එම විචිකිච්ඡාව නිවනට බාධාවකි. බුද්ධ දේශනාව පරික්‍ෂා කරන තරමටම එහි සත්‍යතාව පැහැදිලිවන්නකි.  
බුදුරදුන් දේශනා කළේ මුල, මැද, අග කිසිදු පරස්පර විරෝධි බවක් නැති ආදි කල්‍යාණ, මජ්‍යෙ කල්‍යාණ ,පරියොසාන කල්‍යාණ ධර්මයකි. ඒ නිසා බුදු දහමේ අනුමත ත්‍රිකොටි පාරිශුද්ධ මාංසය, නිර්භය ලෙස සංවාදයට භාජනය කළ යුතු මාතෘකාවකි. ධර්මය පිළිබඳ දුර්මත පැමිණි අවස්ථාවලදී අපේ සංඝ පීතෘත් වහන්සේලා සංගායනා මගින් එබඳු අවස්ථා නිරවුල් කළහ. වර්තමානයේදී එබඳු දුර්මත රාශියක් ශාසනය තුළත් දේශනා තුළත් ගොඩ නැඟෙමින් පවතී. මස්, මාළු ආහාරය පවක් නොවේය යන කාරණය පැහැදලි කරන ත්‍රිපිටක ග්‍රන්ථයන්හි නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමටත් ඒවා වඩාත් ගැඹුරු ලෙස විග්‍රහ කිරීමටත් අට්ඨ කතා සාහිත්‍යයක් ද ගොඩ නැගූහ. ටීකා ටිප්පනී ආදි වශයෙන් ඒ අට්ඨ කතා ආදිය තවත් වර්ධනය කොට විශාල සාහිත්‍යයන් ගොඩ නැගූහ. එහිදී බුද්ධ වචනය හෙවත් ත්‍රිපිටක භාෂිතයන් කිසිසේත්ම වෙනසකට ලක් නොකළහ. මේ නිසා සැක මුසු දහම් කරුණක් නිවැරදිව පරීක්‍ෂා කර ගැනීමේ විධි ක්‍රමයක් උන්වහන්සේලා අපට සලසා දුන්නාහ. එය මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි සහ සමන්තපාසාදිකාවෙහි එන මහා පදේශ නම් වූ විධික්‍රමයයි. එසේම කාලාම සූත්‍රයේ ඉගැන්වෙන්නේ නිදහස් චින්තන ක්‍රමයයි. මස් මාංශ ආහාරය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට මේ මහාපදේශ නම් විධි ක්‍රමයත්, නිදහස් චින්තන ක්‍රමයත් අනුගමනය කළ යුතුය. මහාපදේශ ක්‍රමය යනු පළමුකොට මෙම කරුණ සූත්‍රවලට අනුකූල දෙයක්ද එයට විරුද්ධ දෙයක්දැයි විමසා දත යුතුය. සූත්‍රවලට එකඟ නොවී නම් එය ධර්ම විරෝධී කරුණකි. එය මනාව පැහැදිලි නැතිනම් අටුවා ටීකා ආදිය අනුව විමසිය යුතුය. එයද පැහැදිලි නොවේ නම් තම තමන්ගේ ගුරු පරපුරේ ආචාර්යවරුන්ට අනුව විමසීමක් කළ යුතුය. අවසාන අවස්ථාව ලැබෙන්නේ අත්තනො මතයටයි. මේ නිසා අත්තනොමතිකව එක්වරම තීරණය නොගත යුතුය. ත්‍රිකොටි පාරිශුද්ධ මාංශය පිළිබඳ ත්‍රිපිටකාගත ධර්ම කරුණු පසෙක දමා අටුවා මතයන් හා ආචාර්යවාදයන් පිළිබඳව විමසීමක් නොකොට මස් මාළු වැළදීම මහත් පාපයක් ලෙස නිගමනය කිරීම අත්තනෝමතික තීරණයක් බව පෙන්වාදීම ට කැමැත්තෙමි.

මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්‍ෂුවගෙනි
සූත්‍ර දේශානවන්හි හෝ අටුවා ග්‍රන්ථයන්හි හෝ තමා දන්නා තරමින් මහායාන සම්ප්‍රදාය හැරෙන්නට කිසිදු ගුරුකුලයක් විසින් මස් ,මාළු, වැළදීම පාපයක් ලෙස සලකා නැත. මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්‍ෂුවගෙනි. මෙහිදී දේවදත්ත භික්‍ෂුව ඉදිරිපත් කළ පංච වස්තුවෙහි භික්‍ෂූන් දිවිහිමියෙන් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන ඉල්ලීම බුදුරදුන් හමුවේ ඉදිරිපත් කළේ මස්, මාළු වැළඳීම පවක්ය යන මතය දැරූ නිසා නොවේ. සෙසු ඉල්ලීම් සතර මගින්ද ඔහු බලා පොරොත්තු වූයේ උග්‍ර කටුක, ප්‍රතිපදාව සිල්වත් කමේ විශේෂ ලක්‍ෂණයක් බව සිතන විශාල පිරිසකගේ සිත එමගින් තමන් වෙත පහදා ගැනීමටයි. 

  • භික්‍ෂූන් දිවිහිමියෙන් ආරණ්‍ය වලම වාසය කළ යුතුය. 
  • භික්‍ෂූන් තැනින් තැනින් අසුලාගත් රෙදි කැබලි එක්කොට මැසූ පාංශුකූල සිවුර දැරිය යුතුය. 
  • භික්‍ෂු පිඬුසිඟීම පමණක් තම ජීවිකා වෘත්තිය ලෙස අනුගමනය කළ යුතුය. භික්‍ෂූන් ආරාම කුටිවල නොව ගස් මුල් යට පමණක් ජීවත්විය යුතුය. භික්‍ෂූන් මස් ,මාළු, නොවැළදිය යුතුය. 


මේ කරුණු පහේම දක්නට ලැබෙන්නේ දුෂ්කර කටුක පැවිදි මතයි. මස්, මාළු, එදත් අදත් සමාජය පිළිගන්නේ, රස මස වුළු, ගණයට අයත් ඉන්ද්‍රියන් පිනවන දෙයක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සැබෑ පැවිදි බව යනු රූක්‍ෂ ප්‍රතිපත්ති පුරන භික්‍ෂූන්ට ගරුකරන (ලූඛ පසනෙනා ආවුසො මනුස්සා) මිනිසුන් හා භික්‍ෂූන් තමන්ට නම්මවා ගැනීමටයි. සැබවින්ම දේවදත්ත භික්‍ෂුව සංඝ භේදයක් කොට පන්සියයක් භික්‍ෂූන් තමා වෙත නම්මවා ගත්තේ මේ භික්‍ෂූන් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය යන කරුණුද ඇතුලත් පංච වරයන් ඉදිරිපත් කිරීමෙනි. බුදුරදුන් මෙහිදී නිදහස් මතය ඉදිරිපත් කරමින් කැමති කෙනෙක් මෙසේ හැසිරුණාට කම් නැතැයි නිගමනය කොට මේ අවුල විසඳාලූහ. දේවදත්ත විසින් කඩාගෙන ගිය පන්සියක් භික්‍ෂූහු කරුණු තේරුම් කරදීමෙන් සැරියුත් හිමියන් සමග ආපසු පැමිණියාහ.

මස්,මාළු, ආහාරයට ගැනීම සැබවින්ම පාපයක්ද? සතුන් මරන්නේ අප කන නිසා නොවේද? අප නොකා සිටියොත් කිසිවකු සතකු නොමරන්නේය. විවිධ තර්ක විතර්ක අසන්නට ලැබේ. 

මස්,මාළු, ආහාරයට නො ගැනීමට සමහරු පෙළඹෙන්නේ අහිංසාවාද ගරුකිරීමක් වශයෙන් වන අතර තවත් සමහරෙක් සෞඛ්‍ය හේතු නිසාද එසේ කරති. මෙසේ කෑම හා නොකෑම පිළිබඳ වගකීම තම තමන් සතු බව බුදුරදුන් පෙන්වා දුන් අතර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනීමට බුදුරදුන් අනුමතය ලබා දුන් බව සිහිපත් කළ යුතුය. සැබවින්ම බුදුන් වහන්සේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රාණඝාත අකුසලයට කවර හෙයකින් හෝ සම්බන්ධ වේ නම් කිසිදාක එබඳු මසක් මාළුවක් වැළඳීමට උන්වහන්සේ භික්‍ෂූන්ට අවසර නොදෙන්නාහ.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය දන් දුන් සීහ සේනාපති සුත්‍රය  
මේ පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා වන්නේ සීහසේනාපති විසින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පිළිගැන්වූ දානයට පසුවය. සීහ සේනාපති තුමා පළමුව නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ ප්‍රධාන දායකයෙකි. ඔහු බුදුරදුන්ගෙන් ධර්මය අසා පැහැදී තෙරුවන් සරණ ගියේය. පසුදා බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට දහවල් දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළේය. ආරාධනාව පිළිගැනීමෙන් පසු දානය සූදානම්කරමින් මස් ව්‍යාංජනයක් සඳහා වෙළඳපළට ගොස් මස් ටිකක් මිලදීගෙන එන ලෙස එක්තරා සේවකයකු යැවීය.

මෙහිදී සීහ සේනාපති අණකළේ පවත්ත මංසයක් හෙවත් විකිණීම පිණිස මරා ඇති සතකුගේ මස් ටිකක් මිලදීගෙන එන ලෙසයි. ‘පවත්ත මාංසය’ යනු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයකි. මේ කාරණය ජෛන ශ්‍රාවකයන්ට ආරංචි වී ඔවුහු මේ සිදුවීම විකෘති කොට මහජනතාව අතරේ විශාල ප්‍රචාරයක් ගෙන ගියාහ. ඔන්න සීහ සේනාපති “ බුදුන් උදෙසා’ ලොකු සතකු මරා වළඳන්නට දීලා. යයි ඔවුහු මේ වැරදි ප්‍රචාරය කළෝ සීහ සේනාපතිත් බුදුරදුහුත් ප්‍රාණඝාතයට හවුල් වූවාය යන චෝදනාව එල්ල කරමිනි. පවත්ත මාංසයක් සීහ සේනාපති පිළිගැන්වූවත් ඔවුහු චෝදනා කළේ "උද්දිස්ස කථ - යමෙක් උදෙසා" මාංශයක් පිදුවාය යනුවෙනි. මේ අනුව පවත්ත මාංශයක් වැළඳීම පාපයක් ලෙස නිගණ්ඨයො පවා පිළිනොගත්තාහ. ඒ අනුව පරම අහිංසාවාදී නිගණ්ඨයන් පවා උදෙසා මැරූ සතුන්ගේ මස්,මාළු, වැළදීම් ප්‍රතික්‍ෂේප කොට පවත්න මාංශය හෙවත් වෙළඳපොළෙන් මිලදී ගෙන පිදූ මස් මාංශ වැළඳු බව පැහැදිලි වේ. මේ නිසා පරම අහිංසා වාදි නිගණ්ඨයන් පවා මස්, මාළු, වැළඳූ බව වටහාගත යුතුය.

ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? 
එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්‍ෂා කර බලමු.
1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.


‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස්, මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත. මෙහිදී මස්, මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි.
 



ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ
එහෙත් සර්ව භාක්‍ෂික මිනිසාට මාංශ ප්‍රෝටීන් අවශ්‍ය බැවින් මස්, මාළු කෑම බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ නැත. එබඳු දෙයකින් පෝෂණයක් නොලබන කෙනෙක් මන්දපෝෂණය නොව රෝගි වූවා නම් මන්දපෝෂණයෙන් මිය ගියා නම් මස්, මාංස නොකැපයැයි අවවාද දුන් බුදුන් වහන්සේ එබඳු දෙයට වගකිව යුතු නොවන්නේ ද? බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම පසක්කරගත් සර්වඥයන් වහන්සේ කෙනෙක් නිසා මානව වර්ගයාට එබඳු ශික්ෂා පදයක් පැනවීමට උනන්දුවූයේ නැත. ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ.
මිනිසා මස්, මාළු වලින් වැළකිය යුතුයයි බුදුරදුන් අවවාද නොකළේ මේ ප්‍රායෝගික හේතුසාධක නිසා බව අප බුද්ධිමත්ව වටහාගත යුතුය. අප උත්සාහ දැරිය යුත්තේ මස්, මාළු කෑමෙන් මිනිසුන් වැළැක්වීමට නොව මිනිසුන් ප්‍රාණ ඝාත අකුසලයෙන් මුදා ගැනීමටයි. අප කළ යුත්තේ ප්‍රාණඝාතය වැඩිකරන සැලසුම් නතරකිරීමයි.

බුදුරදුන්ට රහතන්ට මස් මාංශ පිදූබවත් පෙර බුදුවරු පසේ බුදුවරු පවා මස් ,මාංශ වැළඳූ බවත් සූත්‍ර පිටකය ආශ්‍රයෙන් කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි. ඉදිරි ලිපියකදී මේ පිළිබඳව කරුණූ පෙන්වා දීමට කැමැත්තෙමි. ධර්මය ගැන පරීක්‍ෂාකාරීව බැලීම ධර්මාවබෝධය පිණිස හේතුවන බවත් සත්‍යය දෙස බැලිය යුත්තේ හැඟීම්වලට වහල් නොවීමෙන් බවත් අවධාරණය කරමි.

Friday, September 23, 2016

මාංශ පරිභෝජනය සහ බෞද්ධ පිළිවෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..!!! 

‘‘න මංච්‌ඡමංසානානාසකත්‌තං, න නග්‌ගියං න මුණ්‌ඩියං ජටාජල්‌ලං;
ඛරාජිනානි නාග්‌ගිහුත්‌තස්‌සුපසෙවනා, යෙ වාපි ලොකෙ අමරා බහූ තපා;
මන්‌තාහුතී යඤ්‌ඤමුතූපසෙවනා, සොධෙන්‌ති මච්‌චං අවිතිණ්‌ණකඞ්‌ඛං.”

මස් මාළු නො වැළඳීම ද, නග්නතාව ද, හිස මුඩු කිරීම සහ ගොරෝසු සිවුරු දැරීම ද, ඇඟ දුහුවිලි තවරා ගැනීම ද, රළු ගෝන සම් දැරීම ද, ගිනි දෙවියා පිදීම ද, අමරණීයබව උදෙසා ලොවෙහි ඇති නොයෙක් දුක විඳීම් ආදිය ද,   වේද මන්ත්‍ර, හෝම කර්ම, අශ්ව මේධ ආදී යාඥයන් සහ ඍතුපසෙවනය (වර්ෂා කාලයෙහි ගස් යට ද, උණුසුම් කාලයෙහි එළිමහනේ ද, සීත කාලයෙහි ජලයෙහි ද සිටීම) ද යන ක්‍රියාවෝ,  එම ක්‍රියාවන්හි යෙදෙන්නා වූ, (මාර්ගය පිළිබඳ) විචිකිච්ඡා දුරු නො කළ මිනිසා, (කෙලෙසුන්ගෙන් හෝ භවයෙන් හෝ) පිරිසිදු නො කෙරෙත්.
                                                     - ආමගන්ධ සූත්‍රය (සුත්ත නිපාත)

මස් මාංස පරිභෝගය එදා සිට අද පටන් ම බෞද්ධ, අබෞද්ධ සියළු දෙනාගේ ම විවිධ මත භේදයනට තුඩු දුන් කාරණයක් විය. විශේෂයෙන් ම අවිහිංසාවාදී දහමක් දෙසු තථාගත තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පිලිබඳව කෙසේ නම් දේශනා කළ සේක් දැ යි, විමසා බැලීම බෞද්ධ ලෝකයාට කරන මහත් වූ සේවයක් ලෙස සළකා ත්‍රිපිටක සද්ධර්මය සහ අටුවා, ටීකා ඇසුරින් මේ පිලිබඳව විමසීමක් කිරීම මෙම ලිපියෙහි අරමුණ යි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ කැප ලෙස දේශිත “ත්‍රිකෝටික පාරිශුද්ධ මාංස” සහ “පවත්ත මාංස” යන පදයන් පිලිබඳව මුලින් ම අපි අවධානය යොමු කරමු.

පවත්ත මාංශය පිළිබඳ සඳහන් පාඨ අටුවා, ටීකා –

1)      විනය පිටක - සාරත්ථදීපනී ටීකා 3 - සීහසෙනාපතිවත්‌ථුකථාවණ්‌ණනා -  
“294. පවත්‌තමංසන්‌ති පකතියා පවත්‌තං කප්‌පියමංසං, මූලං ගහෙත්‌වා අන්‌තරාපණෙ පරියෙසාහීති අධිප්‌පායො.”

සිංහල තේරුම -
පවත්තමංස යනු ( ප්‍රකෘතියෙන් ) පියවියෙන් පවත්නා කැප මස්, මුදල් රැගෙන වෙළඳපොළෙහි පර්යේෂණය කරව ( සොයා බලව ) යනු අභිප්‍රායයි. 

2)      විනය පිටක - විමතිවිනොදනී ටීකා - පඨමසඞ්‌ඝභෙදසික්‌ඛාපදවණ්‌ණනා - 
“පවත්‌තමංසන්‌ති ආපණාදීසු පවත්‌තං වික්‌කායිකං මතමංසං.”

සිංහල තේරුම - 
පවත්තමංස යනු වෙළඳපොළවල් වල විකිණීම පිණිස පවත්නා මළ සතෙකුගේ මස්.   

3)      දීඝ නිකාය - මහාවග්ග ටීකා - කම්‌මාරපුත්‌තචුන්‌දවත්‌ථුවණ්‌ණනා - 
“189. සූකරමද්‌දවන්‌ති වනවරාහස්‌ස මුදුමංසං. යස්‌මා චුන්‌දො අරියසාවකො සොතාපන්‌නො, අඤ්‌ඤෙ ච භගවතො, භික්‌ඛුසඞ්‌ඝස්‌ස ච ආහාරං පටියාදෙන්‌තා අනවජ්‌ජමෙව පටියාදෙන්‌ති, තස්‌මා වුත්‌තං ‘‘පවත්‌තමංස’’න්‌ති.”

සිංහල තේරුම - 
සූකරමද්දව යනු කැලෑ ඌරෙකුගේ මෘදු මස්. යම් සේ  අන්‍යයයෝ ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වූ චුන්ද සේ,  භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂූ සංඝයා වහන්සේලාට ද ආහාර පිළියෙල කරන්නේ නිවැරදි ආකාරයෙන් ම පිළියෙල කරත්. එහෙයින් පවත්තමංස යනුවෙන් කියන ලදී.

4)      ඛුද්දක නිකාය - උදාන අට්ඨකතා - චුන්‌දසුත්‌තවණ්‌ණනා - 
‘සූකරමද්‌දවන්‌ති සූකරස්‌ස මුදුසිනිද්‌ධං පවත්‌තමංස’න්‌ති මහාඅට්‌ඨකථායං වුත්‌තං.

සිංහල තේරුම - 
 “සූකරමද්දව යනු ඌරෙකුගේ මෘදු සිනිඳු පවත්නා මස්”යි මහා අට්ඨකථාවෙහි කියන ලදී.

 5)      අංගුත්තර නිකාය - අට්ඨක නිපාත අට්ඨකතා - සීහසුත්‌තවණ්‌ණනා - 
“පවත්‌තමංසන්‌ති පකතියා පවත්‌තං කප්‌පියමංසං මූලං ගහෙත්‌වා අන්‌තරාපණෙ පරියෙසාහීති අධිප්‌පායො.”

සිංහල තේරුම - 
පවත්තමංස යනු ( ප්‍රකෘතියෙන් ) පියවියෙන් පවත්නා කැප මස්, මුදල් රැගෙන වෙළඳපොළෙහි පර්යේෂණය කරව ( සොයා බලව ) යනු අභිප්‍රායයි. 

 6)      විනය පිටක - මහාවග්ග අට්ඨකතා - ගුළාදිඅනුජානනකථා - 
“280. පවත්‌තමංසන්‌ති මතස්‌ස මංසං”

සිංහල තේරුම 
“පවත්තමංස යනු මළ සතෙකුගේ මස්”

පවත්ත මාංශය පිලිබඳ ව සඳහන් වන සූත්‍රයකි අංගුත්තර අට්ඨක නිපාතයේ එන “සීහසේනාපති සූත්‍රය”.

මෙහි නිගණ්ඨනාථපුත්‍රයන්ගේ ප්‍රධාන දායකයෙකු වන සීහ සෙන්පති සම්බුදු රජාණන් වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කර සෝවාන් මාර්ගයෙහි පිහිටියේ පසු දින දානය පිණිස බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරධානා කර, දානය පිළියෙළ කරනු සඳහා ඔහුගේ අතවැසියෙකු අමතා “යන්න, ගොස් පවතින මාංශයක් ගෙන එන්න” යි පැවසී ය.මෙහි පවතින (පවත්ත) මාංශය යන්න පිලිබඳ විවරණ ඉහත දී දැක්විණ.

මස් ද ගෙන අවුත් දානය පිළියෙළ කරන සීහ සෙන්පතිට එ දින නොයෙකුත් වීථීන් හි නිගණ්ඨයින් “අද සීහ සෙන්පති විශාල සිවුපාවෙක් මරා බුදුන් වළඳවයි” යනුවෙන් හඬ නගා පවසන බවට අසන්නට ලැබිණ. සීහ සෙන්පති එ විට පැවසුවේ “එයින් කමක් නැත. බොහෝ කලක් ම ඒ ආයුෂ්මත්හු  බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවනේ නුගුණ ම කැමති වූ හ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන්, අභූතයෙන් කරන චෝදනාවන්හි නිමක් ද නැත. අපි ජීවිතය ගිය ද දැන දැන සතෙකුගේ දිවි තොර නො කරමු.” යන්නයි.

මෙම කතා පුවත මෙතැනින් අංගුත්තර නිකායෙහි නිමා වුවද, ඉතිරිය නැවත විනය, මහාවග්ග පාළියේ, භේස්සජ්ජක්ඛන්ධකයේ, සීහ සේනාපති වග්ගයේ දක්නට ලැබේ.

නිගණ්ඨයින්ගේ මෙම කතාව අරභයා සම්බුදු රජාණන් වහන්සේ පසුව “මහණෙනි දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි තමන් විසින් නො දුටු, නො ඇසු, සැක නො කළ ත්‍රිකෝටිපාරිශුද්ධ මත්ස්‍ය-මාංශය අනුදනිමි.” යි වදාළ සේක.

මෙහි විමසිය යුතු ප්‍රධාන කරුණු දෙකකි. –

01.  සීහ සේනාපති පවත්ත මාංශය (කඩපිලෙහි පවතින මස්) පිළිගැන්වීම සහ තමන් දැන දැන කිසිදු සතෙකු නො මරණ බව කරන ප්‍රකාශය.
02.  සම්බුදු රජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදැනීම.

මාර්ග ඵල ලාභී (සෝවාන්) සීහ සේනාපති සත්ත්ව ඝාතනය නො කරන බව ස්ථීර  වශයෙන් ම කිව හැක. එසේ නම් සත්ත්ව ඝාතනයක් වක්‍රාකාරයෙන් හෝ සිදු වන බව හෝ දනී නම් හෝ ඊට‍ අනුබලයක් හෝ වන බව දනී නම් “පවත්ත මාංශය” රැගෙන ඒම සඳහා කිසිවෙකු පිටත් කර යවනුයේ ද නැත.

දෙවනු ව සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැනි සර්වඥතාඥාන, චතුර්යෝනිපරිඡේද ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, අනාගතංශ ඥාන, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන, අනාවරණ ඥාන ආදී මෙකී නොකී විවිධ ඥානයන්ගෙන් සන්නද්ධ වූ, අසමසම උත්තමයෙක් සිය සර්වඥතා ඥානයෙන් පිරිසිඳ නො දැන කිසිදු කාරණයක්, නීතියක් නො පණවන බව සක් සුදක් සේ පැහැදිළි ය. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හෝ පවත්ත මාංශය සත්ත්ව ඝාතනය වෙනුවෙන් කෙසේ හෝ අනුබලයක් ලබා දෙනුයේ නම්, ඒ වෙනුවෙන් ප්‍රථමයෙන් ම එරෙහි වනුයේ භාග්‍යවතුන් වහන්සේ ම ය.

සංඝයා වහන්සේට පොළොව කැණීම පවා විනය නීති පණවා තහනම් කළ භාග්‍යවතුන් වහන්සේ (පාචිත්තිය පාලි - පඨවිඛණන ශික්ෂාපද), ගිහියන් හට එසේ නො කළ සේක. පස් කණින එක් එක් උදැලි පහරක් ගානේ කැපෙන පණුවන්, සහ වෙනත් කෘමීන් ජීවිතක්ෂයට වන බව දැන දැනත් ගිහියන් වෙනුවෙන් එවැනි සික පදයක් නො පැනවුයේ මන්දැයි බුදු නුවණට මිස අන් කිසි අයෙකුට නො වැටහීම පුදුමයක් නො වේ. පංච ශීලයේ ප්‍රථම සික පදය ප්‍රාණඝාතයෙන් වෙන් වීම ලෙස දැක්වූ භාග්‍යවතුන් වහන්සේ, මස් මාංශ කෑමෙන් වැළකීමේ සික පදයක් නො පැණවුයේ මන්දැයි වැටහෙනුයේ ද බුදු නුවණට ම ය.

තව ද මජ්ඣිම නිකායේ, මජ්ඣිම පණ්ණාසකයේ, “ජීවක සූත්‍රයේ” ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සඳහන් වේ. එහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදක්නා සම්මා සම්බුදු රජාණෝ, “තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු උදෙසා පර පණ නසන යමෙකු වෙත් නම් ඔහු කරුණු පසෙකින් බොහෝ පවු රැස් කරනා බව” ද දක්වා ඇත්තාහ. මුලින් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදත් භාග්‍යවතුන් වහන්සේ පසුව එම සූත්‍රයේ ම “තමන් උදෙසා පර පණ නැසීම” නිසා කරුණු පසෙකින් බොහෝ පවු රැස් කරගැනීම ගැන වදාළේ මක් නිසා ද.? තමන් හේතු කොට “නො ගෙන” සිදුවන ප්‍රාණඝාත නිසා තමන්ට පාපයක් සිදු නො වන බැවිනි. ඒ මාංස අනුභවය ද කිසි දු පාපයකට ලක් වීමක් නො වන බැවිනි. නො එසේ නම් සියල්ල දත් සර්වඥ තථාගත තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේ ඒ නො දුටු නිසා නො වේ.

මෙහි ප්‍රාණඝාත නො කර, කැප වූ මාංස අනුභව කළ නො හැකි නම් භාග්‍යවතුන් වහන්සේ ඉහත පරස්පර ලෙස පෙනෙන ප්‍රකාශයක් ඉදිරපත් කරන්නේ ද..? නො කරන්නේ ම ය. එබැවින් ප්‍රාණඝාතයත්, පවත්ත මාංසයත් දෙකක් ලෙස දකිත්වා.

කර්මානුරූපිව ඉපිදෙන, මියෙන, ඒ ඒ අකුසලයට ඒ ඒ විපාක විඳින සත්ත්වයෝ ගැන
මැනවින් දත් භාග්‍යවතුන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශය හෝ පවත්ත මාංශය අනුදත්හ.

එසේ ම සමහරෙක් මෙවැනි සික පද පණවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හෝ පවත්ත මාංශය පිළිගැනීම සංඝයාට හැර ගිහියනට අකැප දැයි විමසීමට පිළිවන. ඊට‍ කදිම නිදසුනක් පෙළෙහි දැකිය හැක. ඒ අංගුත්තර පංචක නිපාත, මුණ්ඩරාජ වග්ගයේ එන “මනාපදායී සූත්‍රය” යි. අනාගාමී ආර්යයන් වහන්සේ නමක් වූ උග්‍ර (උග්ග) ගෘහපති සිය මනාප දෑ දන් දීම ගැන කියවෙන මෙම සූත්‍රයේ තමන්ට මනාප වූ භෝජනයක් වන එක් හැවිරිදි වූ ලපටි ඌරෙකුගේ මස් භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ද අනුකම්පා පිණිස එය පිළිගත්හ.

පසුකලෙක කලුරිය කළ උග්ග ගෘහපති ශුද්ධාවාස බ්‍රහ්ම තලයක ඉපිද, භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා ඒ ප්‍රදේශය ම ඒකාලෝක කරමින් සැවැතෙහි ජේතවනාරාමයට පැමිණි කල භාග්‍යවතුන් වහන්සේ, තමා මනාප දෑ දී මනාප දැයක් ම ලැබුවේ දැ යි විමසනු ලැබුයේ, එසේ තමා මනාප දැයක් ම හෙවත් අරහත්වය ලැබූ බව උග්ග ගෘහපති (බ්‍රහ්මයා) පැවසූ බව පෙළෙහි සඳහන් වේ. (සූත්‍රයේ උග්ග ගෘහපති අර්හත්වය ලැබූ බව සඳහන් නො වුනත්, අටුවාවේ ඒ බව මෙසේ සඳහන් කෙරේ.)

“යථාධිප්‌පායොති යථාජ්‌ඣාසයො. ඉමිනා කිං පුච්‌ඡති? තස්‌ස කිර මනුස්‌සකාලෙ අරහත්‌තත්‌ථාය අජ්‌ඣාසයොඅහොසි, තං පුච්‌ඡාමීති පුච්‌ඡති. දෙවපුත්‌තොපි අරහත්‌තං පත්‌තතාය තග්‌ඝ මෙ භගවා යථාධිප්‌පායොති ආහ.”
                                                                                  - මනාපදායීසුත්‌තවණ්‌ණනා

ගිහි අනාගාමී ආර්යයන් වහන්සේ නමක් සිය ප්‍රිය මනාප භෝජනයක් වන ලපටි ඌරෙකුගේ මස් අනුභව කිරීම ප්‍රාණඝාත අනුබලයක් වේ නම් කිසි ලෙසකත් එසේ නො කරන බව තේරුම් ගත යුතු ය. එසේ ම එය වරදක් නම් එය පිළිගනු ලබන භාග්‍යවතුන් වහන්සේ හෝ උග්ග ගෘහපති හට එය තේරුම් කර දිය යුතු ය.

එසේ ම, මාංශ පරිභෝජනයෙන් ලෙඩ රෝග සෑදේ හෝ ආයුෂ අඩු වීමට හේතුවක් වේ යනු ද සමහරෙක් පැවසිය හැක. මේ සඳහා ද පිළිතුරු ද පෙළෙන් හමු වේ.

ඛුද්දක නිකාය, සුත්ත නිපාතයේ එන “බ්‍රාහ්මණධම්මික සූත්‍රය”ට අනුව ලොව ප්‍රථම පශු වධය (සත්ත්ව ඝාතනය) හේතු කොටගෙන කලින් රෝග තුනක් පමණක් පැවැති (ආශාව, කුසගින්න සහ ජරාව යන රෝග තුන) මිනිස් ලොව රෝග, අනු අටකට වැඩි වූ බව මෙසේ දක්වා ඇත.

‘‘තයො රොගා පුරෙ ආසුං, ඉච්‌ඡා අනසනං ජරා;
පසූනඤ් සමාරම්භා, අට්‌ඨානවුතිමාගමුං.”
                                                - බ්‍රාහ්මණධම්මික සූත්‍රය

මෙහි “පසූනඤ්‌ච සමාරම්‌භා ලෙස දක්වා ඇත්තේ “පශු වධය” යි.

එසේ ම භාග්‍යවතුන් වහන්සේ විනය, පාචිත්තිය පාලි, භික්ඛුඛන්ධක, භෝජන වග්ගයේ “පණීතභෝජන ශික්ෂාපදයේ” දක්වන පරිදි ප්‍රණීත භෝජන වනුයේ “ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි සහ දී යන භෝජන වර්ග නවය යි. මෙහි දියමස් සහ ගොඩමස් ප්‍රණීත භෝජනයන් ලෙස දක්වා ඇති සැටියෙන් ම භාග්‍යවතුන් වහන්සේ මාංස අනුභවය කෙතරම් උසස් භෝජනයක් ලෙසින් සැලකූ බව පැහැදිළි වේ. මාංස අනුභවයෙන් ලෙඩ රෝග සෑදෙනුයේ නම් ඒවා වැළඳීම කෙසේ වෙතත් නො වැළඳීම සඳහා සික පද නම් පණවනු ඇත. ලෙඩ රෝග වැළඳීම සිදුවනුයේ මාංස අනුභවයෙන් නොව, සත්ත්ව හිංසාව නිසා බව භාග්‍යවතුන් වහන්සේ “චුල්ලකම්මවිභංග සූත්‍රයේ” දී විස්තර කරන සේක.

එසේ ම මාංස අනුභවයෙන් ආයුෂය අඩු වන බවට‍ ශාක්ෂ්‍ය පෙළෙන් සොයාගත නො හැකි වේ. ඒ වෙනුවට දීර්ඝායුෂ්ක කාලවල මිනිසුන් පවා මාංස අනුභවය කළ බව නම් අපදාන පාලියෙහි ඇති “සුචින්තිතථෙරාපදානයෙන්” සහ “ද්විරතනීයථෙරාපදානයෙන්”  පෙනේ. (මෙම මූලාශ්‍ර මෙම ලිපියෙහි අග අමුණා ඇත)

සුචින්තිත තෙරුන් එ කල වැද්දෙකු වී “අත්ථදස්සී සම්බුදු රජුන්” හට තිත්මුවෙකු මරා මස් දන් දුනි. එ කල අත්ථදස්සී සම්බුදු රජුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයකි. එසේ ම ද්විරතනීය තෙරුන් ද එ කල මුව වැද්දෙකු වී “විපස්සී සම්බුදු රජුන්” හමුවේ මස් දන් දුනි. විපස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු අසූ දහසෙකි. එ අනුව ලොව දීර්ඝායුෂ්ක කාල වල දී පවා මාංස පරිභෝජනය වෙනසක් නැතිව සිදු වූ බව ත්‍රිපිටකයෙන් පෙනේ.

එසේ ම සියලු ම සම්බුදු රජාණන් වහන්සේලාගේ පරිනිර්වාණ දින වළඳන භෝජනය  “මාංස භෝජනයක්” බව, “බුද්ධ වංශ පාලියේ” බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයේ “සංඥාපනයේ” සඳහන් වේ. මෙමඟින් සියලු ම බුද්ධ ශාසන වල ආයුෂය කොපමණ වුවත් නිරපේක්ෂව ම මාංස පරිභෝජනය සිදු වී ඇති බව පැහැදිළි ය. (මෙම මූලාශ්‍රය ලිපිය අග දැක්වේ).

මාංස පරිභෝජනය කරන අනුපාතයට සරිලන ලෙස සත්ත්වයෝ ඝාතනය වන බව ද විවිධ අය පවසති. මෙහිලා ද පැවසිය යුත්තේ ඔවුනට පෙනෙන දෙය සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද කලින් ම දුටු බව යි. එය විනිවිද දුටු බුදු නුවණින් ම පවත්ත මාංශය සහ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කළ සේක. ලොව විද්‍යමාන වන නවීන විද්‍යාවෙන් හෝ ආර්ථික න්‍යායන්ගෙන් සත්ත්වයාගේ කර්මය පිලිබඳ හෝ සාදාචාරාත්මක තීරණ  ගත නො හැක. එය සම්බුදු නුවණ, ප්‍රඥාව අවතක්සේරු කිරීමකි. අපට තේරෙන පරිදි සරල ලෙස දැක්විය හැකි උදාහරණය නම්, ලෝ පුරා සංචාරය කරන්නෙකු එක් රටෙකින් බැංකුගත කරන මුදල්, වෙනත් රටෙකින් ලබාගැනීම වැනි ක්‍රියාවකි. කර්මය වනාහි භවයෙන් වැසී ඇති බැවින්, මූල කර්මය විද්‍යමාන නො වේ, එහෙත් විපාකය පමණක් ප්‍රකට ය.

යමෙකු සංසාරයේ කරන විවිධ කර්මයන්ගේ විපාක එක ම භවයක දී විපාක දී අවසාන වනුයේ ද නැත. එහි අවශේෂ විපාකයන් ඉදිරි භවයන් හි නොයෙකුත් ආකාරයෙන් සුදුසු පරිදි විපාක දීමට‍ යෙදේ. ඉහත උදාහරණයේ අප ඉදිරිපත් කළ සංචාරකයා වෙනත් රටවල් වල දී කලින් තැන්පත් කළ මුදල් නැවත ලබා ගන්නාක් මෙනි. එක ජීවිතයක දී කරන ලද කර්මය වෙනත් ජීවිතවලදී විපාක දීම මෙම යුගයේ ඉතා දියුණු යැයි සම්මත විද්‍යා, ශාස්ත්‍ර සහ ගණිත ක්‍රමයන්ගෙන් පැහැදිලි කළ නො හැක. මෙම සත්‍යය විනිවිද දැකීමට සමත් බුදු නුවණ මඟින් “පවත්ත මාංශය” සහ “ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය” අනුදැක්කේ නම්, පරිපූර්ණ නො වූ නූතන විද්‍යා, ශාස්ත්‍ර සහ ගණිත ක්‍රම උපයෝගී කරගනිමින් “මාංශ අනුභවය කිරීමේ දී, සත්ත්ව ඝාතනය ඊට‍ සමානුපාතික වේ යයි කීම” බුද්ධිගෝචර නො වූ කියමනකි. විශේෂයෙන් ම තිසරණයේ පිහිටි බෞද්ධයින් හට එය සුදුසු ම නො වේ. එය නවීන විද්‍යාව සහ අර්ථ ශාස්ත්‍ර ක්‍රම හමුවේ සම්බුදු දහමට නිගා කිරීමක් හා සමාන ය.

භාවනානුයෝගීන් විශේෂයෙන් ම ශාඛමය ආහාර වැළඳිය යුතු බවත්, නො එසේ නම් මතු ලැබිය හැකි මාර්ගයන්ට බාධා විය හැකි බවත් සමහරු පවසන බව ඇසේ. ඛුද්දක නිකායේ, විමාන වත්ථුවේ, “කර්කටකරසදායක” විමාන වස්තුව කියවන අයට මේ ගැටලුව විසඳාගත හැක. (මෙම කතා වස්තුව ද මේ ලිපිය අග අමුණා ඇත). එක්තරා භික්ෂුවක් බලවත් වූ කණේ අමාරුවකින් පෙළෙන බැවින් විදර්ශනා භාවනාව සඳහා සිත එකඟ කරගත නො හී ඒ බව සම්මා සම්බුදු රජාණන් වහන්සේට දන්වන කල, එයට ප්‍රතිකාර බලන භාග්‍යවතුන් වහන්සේ ගේ නුවණැසට කකුළු මස් වලින් එම රෝගය විසඳෙන බව පෙනී, කකුළු මස් පිළියෙළ කරන ගෙයක් ඇති වීදියෙක පිඬු පිණිස හැසිරෙන ලෙස භික්ෂුවට නියෝග කළ හ. කකුළු මස් භෝජනය පිණ්ඩපාතය ලෙස ලබන භික්ෂුන් වහන්සේ එය වළඳා අවසාන වන්නටත් ප්‍රථමයෙන් සියලු කෙලෙස් සිඳ අර්හත්වය ලබති. මාංස අනුභවය මාර්ග ඵලයන් ආවරණය නො කරන බව සනාථ කෙරෙන කතා පුවතක් ලෙස මෙය හැදින්විය හැක.

එසේ ම යමෙකු දිව පිනවීමේ අරමුණින් පමණක් ම මාංස භෝජනයට ලොබ වන බව පැවසිය හැක. භාග්‍යවතුන් වහන්සේ ද සිය භෝජනයේ “රස විඳිමින්, රස රාග නො විඳිමින්” වැළඳු බව (“රසපටිසංවෙදී ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති, නො  රසරාගපටිසංවෙදී”) මජ්ඣිම නිකාය, මජ්ඣිම පන්නාසකයේ, “බ්‍රහ්මායු සූත්‍රයේ” දැක්වේ. භෝජනයක රස විඳීමක් නැතැ යි පැවසීම මහා මුලාවෙකි. එහි නො ඇලී වැළඳීම පමණක් සිදු කළ යුතු ය.

මාංස ආහාර ගැනීම පසෙක තබා ශාඛමය ආහාර පමණක් ගන්නේ නම් මේ කිසි ගැටළුවක් නැතැ යි යමෙක් තර්ක කළ ද හැක. සරල පිළිතුර නම් මාංස ආහාරය සැකසීමට වඩා වැඩි ප්‍රාණඝාතයක් ශාඛමය ආහාර වෙනුවෙන් සිදු වී ඇති බව යි. බත සකස් කිරීම සඳහා, පොලොව කෙටීම්, පොළොව සකස් කිරීම් සඳහා නගුල් ගැසීම් ආදිය නිසා මිය යන පණුවන් සහ වෙනත් කෘමීන් ආදී අනන්ත වූ ප්‍රාණඝාතය ද කෘමී නාශක ඉසීම් නිසා මිය යන අනන්ත වූ කෘමී සතුන් ආදිය ගැන ද සළකා බලන කල තමන් අනුභව කරන එක් එක් බත් පිඬක් පිඬක් ගානේ අකුසල් සිදු විය යුතු ය. එළවලු සහ පලතුරු ගැන ද කරුණු මෙසේ ම ය.

මේ ගැන සඳහන් වන අනගි සූත්‍රයක් ඛුද්දක නිකාය, සුත්ත නිපාතයෙන් හමු වේ. ඒ “ආමගන්ධ සූත්‍රය” යි. මස් නො වළඳන, ශාඛමය ආහාර පමණක් වළඳන ආමගන්ධ බ්‍රාහ්මණයා සම්බුදු රජුන් හමුවේ “ආමගන්ධය වළඳන්නේ දැ?” යි විමසු කල, “පෙරත් ඔබ සේ ම බමුණෙක් සම්බුදු රජුන් හමුවේ විමසන ලදැ” යි වදාරා පෙර පවත් දක්වන ලදී. (මේ ගැන විස්තර එන්නේ ආමගන්ධ සූත්‍ර අටුවාවේ ය, එය පහත අමුණා ඇත). කාශ්‍යප සම්බුදු රජුන් හමුවේ ආමගන්ධය වළඳන්නේ දැ යි විමසු තිස්ස බ්‍රාහ්මණයාගේ සැක නැති කිරීම පිණිස ඔහු බලා සිටිද්දී ම භාග්‍යවතුන් වහන්සේ මස් කැබැල්ලක් සිය මුවේ රුවා ගැනීමක් ගැන සිදුවීමක් එහි සඳහන් වේ. පසුව “නිර්මාංශ වීම” පිරිසිදු වීම සඳහා හේතු සාධක නො වන බව වදාරා, මස් වැළඳීම ආමගන්ධය නො වන බව කස්සප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. මෙම සූත්‍රය සහ එහි අටුවාව වඩා වැදගත් වනුයේ කරුණු කිහිපයක් නිසා ය.

01.  නිර්මාංශ ආහාර වැළඳීම පාරිශුද්ධත්වයට කිසි සේත් ම අදාළ නො වීම.
02.  මාංශ ආහාර ගැනීමෙන් අපරිශුද්ධතාවයක් ඇති නො වීම.
03.  නිර්මාංශ ආහාර ගැනීමෙන් පාරිශුද්ධත්වය බලාපොරොත්තු වීම වනාහි, මිථ්‍යා වෘතයන් අනුගමනය කරන මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ උත්සාහයන් හා සමාන ක්‍රියාවක් බව හුවා දැක්වීම.
04.  භාග්‍යවතුන් වහන්සේ මෙම මාංස ආහාර කැප යයි වදාරනුයේ බුද්ධ සහ සංඝ දෙපාර්ශවයට පමණක් නො ව, ගිහි පාර්ශවය සඳහා ද වන බව, යන වැදගත් වූ සාධක කිහිපයක් නිසා ය.

තව ද මෙම මාංස ප්‍රශ්නය පිලිබඳව දේවදත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් වර පස ඉල්ලන කල (විනය, චුල්ල වග්ග පාලිය, සංඝභේදකක්ඛන්ධය), දෙව්දත් තෙරුන් “භික්ෂුහු දිවි හිමියෙන් දියමස්, ගොඩමස්, කෑයේ නම් වරද ස්පර්ශ කළේ වේ” යනුවෙන් පස්වැනි වරය ඉල්ලු කල භාග්‍යවතුන් වහන්සේ, “තමා උදෙසා මරණ ලදැ යි නො දුටු,  නො ඇසු, සැක නො කළ යන ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මා විසින් අනු දක්නා ලදී” යි වදාළ සේක. මෙසේ මාංස අනුභවය හෝ නො කිරීම සිය අභිමතය පරිදි සිදු කිරීමත් ඒ සම්බන්ධයෙන් කිසි දු දැඩි මතයක් සම්බුදු රජාණන් වහන්සේ නො දැරූ  බවත්, මෙයින් සනාථ වේ.

කැමති අය මාංස අනුභවය, හෝ අකමැති අය අනුභව නො කිරීම පිලිබඳ ව ගැටලුවක් නැත. ගැටලුව ඇති වනුයේ මාංස අනුභවය හෝ නො කිරීම පිලිබඳ ව දෘෂ්ටිවාදී ව කටයුතු කිරීමෙනි. විශේෂයෙන් ම මාංස අනුභවය අනුදැන ඇති භාග්‍යවතුන් වහන්සේ, නිර්මාංශ වීමෙන් පාරිශුද්ධත්වයට පත් නො වන බව අවධාරණය කළ සේක. එ බැවින් නිර්මාශිකයෝ කැමැති නම් ඉදිරියටත් නිර්මාංශී වෙත්වා.! නමුත් පුහු මාන්නයෙන්, බෞද්ධ පිළිවෙත මෙය යැයි කියමින් මිථ්‍යාදිට්ඨික නො වෙත්වා.!' යි යනු අපගේ පැතුමයි.

ලිපිය අවසානයේ මෙසේ සඳහන් කළ යුතුව ම ඇත.

තිසරණයේ පිහිටීම එතරම් ලෙහෙසි කටයුත්තක් නො වේ. තිසරණයට පැමිණෙන තුරු “කාලාම සූත්‍රය” ආදේශ කරගත හැක. එහෙත් යමෙකු තුන්සරණය තුළ පිහිටි පසු බුදුන්, දහම්, සඟුන් පිලිබඳ ව සැක සංකා නැති විය යුතු ය. සැකයක් ඇති වූ වහාම මතක කරගත යුතු පාඨයකි.

 “සත්ථා භගවා, සාවකො හමස්මි. ජානාති භගවා, නාහං ජානාමීති
“බුදුහු ශාස්තෘ හ, මම ශ්‍රාවක මි. බුදුහු දන්නා සේක. මම නො දනිමි
                            - “කීටාගිරි සූත්‍රය” (මජ්ඣිම නිකාය, මජ්ඣිම පන්නාසක)

                                                               තෙරුවන් සරණයි..!!! 

මෙහි ඉහත සඳහන් කළ සමහරක් සූත්‍ර සහ අටුවා මූලාශ්‍ර පහත ලින්කයන් මඟින් කියවීම හෝ download කරගත හැක.

ආමගන්ධ සූත්‍රය සහ සිංහල අටුවාව -
        
ජීවක සූත්‍රය සහ සිංහල අටුවාව -

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය -

කක්කටකරසදායක විමාන වස්තුව  -

බුද්ධවංශ පාලියේ සංඥාපනය - ( අට්ඨකථාවෙහි මෙම කරුණු අඩංගුය ) 

සුචින්තිතථෙරාපදානය සහ ද්විරතනීයථෙරාපදානය -

චූල සච්චක සූත්‍රය - කෙනෙක් විසින් කරන ලද පවක් හෝ පිනක් තවත් කෙනෙකු වෙත බල නොපවත්තන බව

මජ්ඣිම නිකාය, මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.), මහා යමක වර්ගය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කළහ. එකල්හි කථාවෙහි දක්ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝදෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍රවූ සච්චක තෙමේ විසාලාමහනුවර වාසය කරයි. හෙතෙම විසාලාමහනුවර පිරිස්මැද මෙබඳු කථාවක් කියයි. “මා සමග වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ‘මම අර්හත් සම්‍යක්සම්බුද්ධය’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශෙෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)

එකල්හි ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි, පාත්‍ර සිවුරු ගෙන පිඩු පිණිස විසාලාමහනුවරට වැඩියහ. විශාලාමහනුවර ඒ මේ තැන පයින් ඇවිදිමින් සිටි නිගණ්ඨ පුත්‍ර සච්චක තෙමේ ඒ එන්නාවූ ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන්වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.

“පින්වත් අස්සජි ස්ථවිරයෙනි, ශ්‍රමණ ගෞතමතෙම කෙසේ නම් ශ්‍රාවකයන් හික්මවන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද?”

“අග්ගිවෙස්සනය, (සච්චකයාට නමකි.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාව බහුල කොට පවතී: (එනම්) “මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනා තොම ආත්ම රහිතය. සංඥාව ආත්ම රහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්ම රහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ” (කියායි.)

“අග්ගිවෙස්සනය, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. මෙබඳු කොටස් ඇති අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විෂයෙහි බොහෝ සෙයින් පවත්වන්නාහ.” “පින්වත් අස්සජි ස්ථවිරයෙනි, යම්බඳුවූ අපි ශ්‍රමණ ගෞතමයන් මෙබඳු වාද ඇත්තෙකැයි ඇසුවෙමුද, ඒ අපි නොඇසිය යුත්තක් ඇසුවෙමු. අපි කිසියම් දවසක ඒ භවත් ගෞතමයන් සමග එක්වන්නෙමු නම් ඉතා යෙහෙක. යම් කථා සල්ලාපයක් වන්නේ නම් ඉතා යෙහෙක. ඒ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියෙන් (ඔවුන්) තොරකරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’යි (කීයේය.)

එකල්හි වනාහි කිසියම් කටයුත්තක් සඳහා පන්සියයක් පමණ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව සිටියහ. එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර තෙම ඒ ලිච්ඡවීහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ ලිච්ඡවීන්ට මෙසේ කීවේය. “පින්වත් ලිච්ඡවියෙනි මෙහි එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, මෙහි එත්වා අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙම ඔහුගේ ප්‍රසිද්ධ ශිෂ්‍යයන් අතුරෙන් එක්තරා කෙනෙකුවූ අස්සජිනම් භික්ෂුව ප්‍රකාශ කළ පරිදිම ප්‍රකාශ කළහොත්, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම්වලින් ගෙන ඉදිරියට අදින්නේද, පස්සට අදින්නේද, හාත්පස එහා මෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් කථා මාර්ගයෙන් දොෂය නගා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස එහාමෙහා අදින්නෙමි. යම්සේ බලවත්වූ, රා සැලෙහි වැඩකරුවෙක්, රා සැලෙහි එලන කලාලයක් (පැදුරක්) ගැඹුරුවූ දිය විලක බහා කොණකින් අල්වාගෙන ඉදිරියට අදීද, පස්සට අදීද, හාත්පසින් අදීද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි, හාත්පස අදින්නෙමි. යම්සේ බලවත්වූ සුරාධූර්තයෙක් රා පෙරහන කොනින් අල්වා ගෙන යටිකුරු කොට සොලවාද, උඩුහුරු කොට සොලවාද, නැවත නැවත ගසාද එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි. පස්සට අදින්නෙමි හාත්පස අදින්නෙමි. සැටවස් පිරුණු ඇතෙක් ගැඹුරුවූ පොකුණකට බැස සණධොවික (හණ සේදීම නම්වූ ක්‍රීඩා විශෙෂය) කෙරේද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් හා සණධොවික (හණ සෝදන) ක්‍රීඩාව කරන්නාක් මෙන් ක්‍රීඩා කරමි.

“පින්වත් ලිච්ඡවියෙනි, එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, එත්වා. අද ශ්‍රමණ ගෞතමයින් සමග මාගේ කථාවක් වන්නේය’යි (කීයේය.)

ඒ සමූහයෙහි ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීවාහුය. කිමෙක්ද? “ශ්‍රමණ ගෞතමතෙම සච්චක නිගණ්ඨපුත්‍රයාට වාදය නඟන්නේද? නැතහොත් සච්චක නිගණ්ඨපුත්‍රතෙම ශ්‍රමණ ගෞතමයින්ට වාදය නගන්නේද?” ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීහ. “සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට වාදය නඟන්නේ නම් කෙසේ හොබනේද? භාග්‍යවතුන් වහන්සේම නිගණ්ඨ පුත්‍රවූ සච්චකයාට වාදය නගන්නේය” (කියායි.) ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම පන්සියයක් පමණ ලිච්ඡවීන් විසින් පිරිවරණ ලද්දේ මහවනයෙහි කූටාගාර සාලාව යම් තැනක්හිද, එහි ගියේය.

එකල්හි බොහෝ භික්ෂූහු එළිමහණෙහි සක්මන්කරති. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් ඒ භික්ෂූන්ට මෙසේ කීයේය. “පින්වත්නි, දැන් ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම කොහි වෙසේද? අපි ඒ පින්වත් ගෞතමයන් දකිනු කැමැත්තම්හ.” “අග්ගිවෙස්සනය, භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුකක් සමීපයෙහි දිවා විහරණ වසයෙන් වැඩහිඳිති”යි (කීහ.) ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම මහත් ලිච්ඡවි පිරිස සමග මහවනයට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා, එකපැත්තක උන්නේය. ඒ ලිච්ඡවීහුද සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා එකපැත්තක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තකද ඒ පැත්තට දොහොත් නගා (වැඳ) එකපැත්තක උන්හ. සමහරෙක් බුදුන් හමුවෙහි තමන්ගේ නම් ගොත් කියා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දව එක පැත්තක උන්හ.

එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉදින් භවත් ගෞතම තෙම ප්‍රශ්න ඇසීම පිණිස මට අවසර දෙන්නේ නම් මම භවත් ගෞතමයින්ගෙන් යමක් අසන්නෙමි”යි (කීයේය.) “අග්ගිවෙස්සනය, යමක් කැමැත්තෙහි නම් (එය) අසව”යි (වදාළහ.) “භවත් ගෞතමයාණෙනි, භවත් ගෞතම තෙමේ කෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නේද, භවත් ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් ශ්‍රාවකයන් විෂයෙහි බහුල කොට පවතීදැ”යි (ඇසීය.)

“අග්ගිවෙස්සනය, මම මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මගේ මෙබඳු අනුශාසනාව බහුලකොට පවතියි. “මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව අනිත්‍යය සංඥා තොමෝ අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය. මහණෙනි, රූපය ආත්ම රහිතය, වෙදනාව ආත්මරහිතය, සංඥාව ආත්මරහිතය, සංස්කාරයෝ ආත්මරහිතයහ, විඥානය ආත්මරහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ”යි අග්ගිවෙස්සනය, මෙසේ වනාහි මම ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මෙබඳු මාගේ අනුශාසනාව බහුල කොට පවතීය”යි වදාළ සේක.

“භවත් ගෞතමයිනි, මට උපමාවක් වැටහෙයි” (සච්චක කීය.) “අග්ගිවෙස්සනය, තොපට වැටහේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “භවත් ගෞතමයිනි, යම් ඒ ධාන්‍ය වර්ග හා ගස් වැල් ආදිය පැලවීමට, වැඩීමට, මහත්වීමට පැමිණෙත්ද, ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා ඒ ධාන්‍ය ඇට හා ගස්වැල් ආදිය යම්සේ පැල වෙත්ද, වැඩෙත්ද, මහත්වීමට යෙද්ද, භවත් ගෞතමයාණෙනි, යම්සේ ශරීර ශක්තියෙන් කටයුතුවූ යම්කිසි කර්මාන්තයෝ වෙත්ද, ඒ සියලු දෙය පොළොව නිසා පොළොවෙහි පිහිටා යම්සේ කරනු ලැබෙත්ද, භවත් ගෞතමයාණෙනි, එපරිද්දෙන්ම රූපය ආත්මකොට ඇති මේ පුරුෂ තෙම තමා ආත්මයයි ගත් රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි. වේදනාව ආත්මකොට ඇති මේ පුද්ගලතෙම වේදනාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංඥාව ආත්මකොට ඇති පුද්ගලතෙම සංඥාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංස්කාරයන් ආත්ම කොට ඇති මේ පුද්ගලතෙම සංස්කාරයන්හි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. විඥානය ආත්මකොට ඇති මේ පුද්ගලතෙම විඥානයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කෙරේය”යි (කීයේය.)

“අග්ගිවෙස්සනය, තොපි රූපය මගේ ආත්මයයි, වේදනාව මාගේ ආත්මයයි, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරයෝ මාගේ ආත්මයයි, විඥානය මාගේ ආත්මය’යි කියා කියන්නහුද?”

“භවත් ගෞතමයෙනි මමද රූපය මාගේ ආත්මයයිද, වෙදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඤ්ඤාණය මාගේ ආත්මයයිද, මෙසේ කියමි. මේ මහජන සමූහයාද එසේ කියන්නේය”යි (කීය.)

“අග්ගිවෙස්සනය, මහජන සමූහයා කුමක් කරන්නේද? අග්ගිවෙස්සනය, එබැවින් තොපම ස්වකීය වාදය ගැටළු රහිත කරව.”

“භවත් ගෞතමයෙනි, මම වනාහි රූපය මාගේ ආත්මයයිද, වේදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඥානය මාගේ ආත්මයයිද මෙසේ කියමි”යි (කීයේය.)

“අග්ගිවෙස්සනය, එසේ නම් මෙහිලා තොපම විචාරමි. තොප යම්සේ කැමති නම් එසේ ප්‍රකාශ කරව, අග්ගිවෙස්සනය, පසේනදි කොසොල් රජද, මගධරට වෙදෙහි පුත්‍ර අජාසත් රජද වැනි මුදුනෙහි අභිෂෙක කරනු ලැබූ ක්ෂත්‍රිය රජ කෙනෙකුට තමාගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලයක් ඇත්තේයැයි සිතන්නෙහිද?”

“භවත් ගෞතමයෙනි, පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහි පුත්‍රවූ අජාසත් රජවැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්ෂත්‍රිය රජ කෙනෙකුට තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කිරීමට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය. භවත් ගෞතමයෙනි, සමූහවූ මහපිරිස් ඇති වැදෑරට වැසි ලිච්ඡවීන්හටද, මල්ල රජවරුන්හටද, තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළ යුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය.

“පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහිපුත්‍රවූ අජාසත් රජ වැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්ෂත්‍රිය රජෙකු ගැන කියනුම කවරේද? භවත් ගෞතමයෙනි, ඔවුනට ඒ බලය ඇත්තේමය. තිබෙන්නට සුදුසුමය”

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය මාගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. ‘මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”

මෙසේ කීකල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය මගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. මාගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මාගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවායැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”

දෙවනුවද සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේ නිශ්ශබ්දවිය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ. “අග්ගිවෙස්සනය, කියව, තොපට නිශ්ශබ්දවීමට කාලය නොවේ. අග්ගිවෙස්සනය, තථාගතයන් විසින් තුන්වෙනි වර දක්වා කරුණු සහිතව ප්‍රශ්න කරනු ලැබූ යම් කිසිවෙක් පිළිතුරු නොදෙයිද, මෙහිම ඔහුගේ හිස හත්කඩකට පැලෙන්නේය.

එකල්හි වජ්‍රපාණී නම් යක්ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-) “ඉදින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස සත්කඩකට පලන්නෙමි”යි (කියායි.) භාග්‍යවතුන් වහන්සේද, සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණී යක්ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.)

ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍රතෙම බියපත් වූයේ, සංවේගයට පැමිණියේ, ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සෙවීය. භාග්‍යවතුන් වහන්සේම සැඟවීමට ස්ථානයයි සෙවුවේය. භාග්‍යවතුන් වහන්සේම පිහිටයයි සෙව්වේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමතෙම මා විචාරාවා ප්‍රකාශ කරන්නෙමි”යි (කීය.)

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? ‘රූපය මගේ ආත්මය යැ’යි නුඹ කියන්නෙහිය, මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”

“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.” “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහිකර උත්තර දෙව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව මගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ වෙදනාව මෙසේ වේවා. මාගේ වේදනාව මෙසේ නොවේවා’යි ඒ වේදනාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”

“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”

“අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගි වෙස්සනය සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? නුඹ සංඥාව මාගේ ආත්මයයයි කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ නොවේවා’යි ඒ සංඥාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”

“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය” “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහිකර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කලපනාව කෙසේද? නුඹ ‘සංස්කාරයෝ මාගේ ආත්මය ය’යි කියන්නෙහිය. (ආත්මවසයෙන් ගත්) ‘ඒ මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’යි ඒ සංස්කාරයන් කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”

“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”

“අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළම කථාව හා පසු කථාවද පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය මාගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය. (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ විඤ්ඤාණය මෙසේ වේවා. මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා’යි ඒ විඤ්ඤාණය කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”

“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය. “අග්ගිවෙස්සනය සිහි කරව, අග්ගිවෙස්සනය සිහි කර උත්තර කියව, නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, එය දුක්ය” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම් එය, ‘මෙය මගේය, එය මම වෙමි. ඒ මගේ ආත්මයයැ’යි සලකන්නට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද? සැප හෝ වේද? “භවත් ගෞතමයෙනි, දුක්ය.” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය ‘මෙය මාගේය, මෙය මම වෙමි’ මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, දුක්ය.”

“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?”

“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.” “අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද, අනිත්‍ය හෝ වෙත්ද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, ඒ දුක්ය.” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය “මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.” “අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය” “යමක් අනිත්‍ය නම්, එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, එය දුක්ය”

“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?

“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”

“අග්ගිවෙස්සනය, හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ, හරය සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම තියුණු පොරොවක් ගෙන වනයට පිවිසෙන්නේය. හෙතෙම එහි නොමේරූ ඇද නැති අලුත්වූ මහත් කෙසෙල් කඳක් දක්නේය. හෙතෙම ඒ කෙසෙල් කඳ මුලින් සිඳින්නේය. මුල සිඳ අග සිඳින්නේය. අග සිඳ පතුරු ගළවන්නේය. පතුරු ගලවන්නාවූ හෙතෙම එලයක්වත් නොලබන්නේය. හරයක් කොයින් ලබාද? අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම නුඹ ස්වකීය වාදයෙහි මා විසින් යොදනු ලබන්නේ, කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සාර රහිත වූයේ, එහෙයින්ම ශූන්‍යවූයේ පැරදුනෙහිය.

“අග්ගිවෙස්සනය, විසාලාමහනුවර පිරිසෙහිදී නුඹ විසින් මේ වචනය කියන ලද්දේ නොවේද? “මා සමග වාදයට පැමිණෙන යම්කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලිවලින් ඩහදිය නොගලයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහනායකවූ ගණ නායකවූ, ගණ ආචරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මම අර්හත් සම්‍යක් සම්බුද්ධයැ’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත්පිත් නැති කණුවක් සමග වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශෙෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)

“අග්ගිවෙස්සනය, නුඹගේ වනාහි ඇතැම් ඩහදිය බිඳු නළලින් ගිලිහුනාහු උතුරු සළුව පලාගෙන බිමට වැටුනාහ. අග්ගිවෙස්සනය, දැන් මාගේ ශරීරයෙහි ඩහදිය නැත්තේය.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි රන්වන්වූ ශ්‍රී ශරීරය (ගෙළ අසල සතරඟුළක් පමණ) විවෘත කළහ.

මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම නිශ්ශබ්ද වූයේ මකු වූයේ පහතට ලු ගෙළ ඇත්තේ, මුහුණ යටට හරවා ගත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ හුන්නේය.

ඉක්බිති දුම්මුඛ නම් ලිච්ඡවි රාජපුත්‍රතෙම නිශ්ශබ්දවූ, මකුවූ, පහතට ලු ගෙළ ඇති, යටිකුරුවූ මුහුණ ඇති, සිතිවිලි සිතන, වැටහීම් රහිතවූ සච්චක නිගණ්ඨපුත්‍රයා දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේ”යයි (කියායි.)

“දුම්මුඛය, නුඹට වැටහේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“ස්වාමීනි, යම්සේ ගමක් හෝ නියම් ගමක් හෝ අසල පොකුණක් ඇත්තේය. ඒ පොකුණෙහි කකුළුවෙක් වෙසෙයි. ස්වාමීනි, එකල බොහෝ ළදරුවෝ හෝ ළදැරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙක්හිද එතැන්හි පැමිණෙන්නාහ, පැමිණ, ඒ පොකුණට බැස ඒ කකුළුවා දියෙන් ගොඩගෙන ගොඩබිමෙහි තබන්නාහුය. ස්වාමීනි, ඒ කකුළුවා යම්කිසි අඬුවක් ඉදිරියට නමාද ඒ දරුවෝ හෝ ඒ දැරියෝ හෝ ඒ අඬුව ගල්කැටයකින් හෝ කැබලිත්තකින් හෝ සිඳින්නාහුය. බිඳින්නාහුය. හාත්පසින් බිඳින්නාහුය. ස්වාමීනි, මෙසේ වනාහි සියලු අඬු සිඳින ලද්දාවූ, බිඳින ලද්දාවූ ඒ කකුළුතෙම පෙරමෙන් ඒ පොකුණට බසින්නට නුසුදුසු වෙයිද, ස්වාමීනි, එපරිද්දෙන්ම සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ කිසියම් දෘෂ්ටි නමැති හුල් වූවාහුද, දෘෂ්ටි පැවතුම් වූවාහුද, දෘෂ්ටි කම්පන වූවාහුද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදහ. බිඳින ලදහ. හාත්පසින් බිඳින ලදහ. ස්වාමීනි, දැන් සච්චක නිගණ්ඨ පුත්‍රතෙම වාද කරන අදහස් ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නට නුසුදුසුය.”

මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම දුම්මුඛ ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීයේය. “දුම්මුඛය, නුඹ නවතුව, දුම්මුඛය, නුඹ නවතුව. අපි තා සමග කථා නොකරමු. මෙහි අපි භවත් ගෞතමයින් සමග කථා කරමු.

“භවත් ගෞතමයෙනි, අපගේද අන්‍යවූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද, මේ කථා තොම තිබුණා වේ, ඒ වචන ප්‍රලාපයක් මෙනි, නොහොත් ප්‍රලාප මාත්‍රයෙකි. කොපමණකින් භවත් ගෞතමයින්ගේ ශ්‍රාවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ, සැකයෙන් එතෙරවූයේ, කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේ, පහවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ, ශාස්තෘ ශාසනයෙහි වාසය කෙරේද?”

“අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවක තෙම පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස් වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි, මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමාතුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උස්සවූද, දුරවූද, ලඟවූද, යම් සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහි තමා තුල වූද පිටත්හි වූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ලඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද,

“අග්ගිවෙස්සනය, මෙපමණකින් මාගේ ශ්‍රාවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ සැකයෙන් එතරවූයේ, කෙසේ කෙසේ දැයි පැවති සැකය පහවූයේ, විශාරද බවටද පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ ශාස්තෘ ශාසනයෙහි වාසය කරයි.”

“භවත් ගෞතමයෙනි, මහණතෙම කොපමණකින් නැතිකළ කෙලෙස් ඇත්තේ, වැස නිමවනලද බ්‍රහ්මචරියා ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබනලද කෙලෙස් බර ඇත්තේ අර්හත් බවට පැමිණියේ භවසංයොජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත්වේද?

“අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි මහණ තෙම පසුගිය කාලය, දැන් කාලය, මතු කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංස්කාරයෝ වෙද්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද,

“අග්ගිවෙස්සනය, මෙපමණකින් මහණතෙම කෙලෙස් නැතිකරන ලද්දේ, වැස නිමවනලද බ්‍රහ්මචරිය ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙලෙස් බර ඇත්තේ, අර්හත් බවට පැමිණියේ, භවසංයෝජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත් වෙයි.

“අග්ගිවෙස්සනය, මෙසේ මිදුන සිත් ඇති භික්ෂුව දස්සනානුත්තරිය (අර්හත් මාර්ගඥානය,) පටිපදානුත්තරිය (ඉතිරි මාර්ගඥානය,) විමුත්තානුත්තරිය (අර්හත්ඵලය,) යන අනුත්තරිය ධර්ම තුනකින් යුක්තවූයේ වෙයි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව, ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධය පිණිස ධර්මය දෙසනා කරති. දැමුනාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (ඉන්ද්‍රිය) දමනය පිණිස ධර්මය දෙසනා කරති. (සියලු කෙලෙස් සංසිඳීමෙන්) ශාන්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳීම පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස් සැඩපහර) තරණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස් සැඩපහර) තරණය පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස්) පරිනිර්වාණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස්) පරිනිර්වාණය පිණිස ධර්මය දෙසනා කරති’යි භාග්‍යවතුන් වහන්සේටම සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කරයි.”

මෙසේ වදාළ කල්හි, සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමයාණෙනි, මත් ඇතෙකුට පහරදී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයින්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, දරුණු විෂ ඇති සර්පයෙකුට පහරදී පුරුෂයෙකුට නිදහස ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි, භවත් ගෞතමයෙනි, දිලිසෙන ගිනිකඳක හැපී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි.”

“භවත් ගෞතමයෙනි, යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමතෙම හෙට දවසට භික්ෂු සංඝයා සමග මාගේ බත ඉවසුව මැනව”යි (කීය) භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.

ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඒ ලිච්ඡවීන්ට මෙසේ කීය. “පින්වත් ලිච්ඡවියෙනි, මාගේ වචනය අසත්වා. මා විසින් ශ්‍රමණ ගෞතම තෙම භික්ෂු සංඝයා සමග සෙට දවසට බතින් පවරන ලදී. යමක් උන්වහන්සේට කැපයයි හඟිව්ද? මා වෙතට එය එවව්”. ඉක්බිති ලිච්ඡවීහු, ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් සච්චක නිගණ්ඨ පුත්‍රයාට පන්සියයක් පමණ බත්සැලි යැවූහ. එවිට සච්චක නිගණ්ඨපුත්‍ර තෙම සිය අරමෙහි ප්‍රණීතවූ කෑයුතුදෑද, බුදියයුතුදෑද, පිළියෙල කරවා ‘භවත් ගෞතමයෙනි සුදුසු කාලයයි බත නිමියේය’යි භාග්‍යවතුන් වහන්සේට කාලය මතක් කර යැවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ ආරාමය යම් තැනෙක්හිද එතැන්හි වැඩියහ. වැඩ, භික්ෂු සංඝයා සමග පණවනලද අස්නෙහි උන්හ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා ප්‍රණීතවූ කෑ යුත්තෙන්ද, බොජුනෙන් ද, සියතින් වැළඳවීය. ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්වූ පසු එක්තරා මිටි ආසනයක් ගෙන එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයාණෙනි, දානමය පුණ්‍යක්‍රියාවෙහි යම් මේ පිණකුත් විපාකයකුත් වේ නම් එය මේ දානය එවූ දායකයින්ට සැප පිණිස වේවා”යි (කීයේය.) අග්ගිවෙස්සනය, පහනොකළ රාගය ඇති, පහනොකළ ද්වෙෂය ඇති, පහනොකළ මොහෙය ඇති යම්බඳු දක්ෂිණාර්හයෙකු වෙතට පැමිණ ඒ පුණ්‍ය විපාකය දායකයින්ට වන්නේය. අග්ගිවෙස්සනය, පහකළ රාගය ඇති, පහකළ ද්වෙෂය ඇති, පහකළ මොහය ඇති මා වැනි දක්ෂිණාර්හයෙකු වෙත අවුත් ඒ පුණ්‍ය විපාකය නුඹට වන්නේයයි” වදාළහ.

පස්වෙනිවූ චූල සච්චක සූත්‍රය නිමි (4-5)