Tuesday, August 30, 2016

නිරෝගී වීමට මස් කෑම අවශ්‍යමද? අභිධර්මානුකූල විවරණය

විද්‍යාව අනුව ආහාර විවධ වර්ග රාශියකට වෙනකොට තිබුනද  බුදුදහම අනුව ශරීරයේ පැවැත්ම සඳහා ශුද්ධ අෂ්ඨක නිපදවිය හැකි ශක්තීන් වර්ග හතරක්ම පමණක් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ශක්තිය යන්න බුදුදහමේ විස්තර වන්නේ "වේග" යන මාඝධි වචනයෙනි. 
එම "වේග" හෙවත් ශක්තීන් හතර නම්
  1. කාබලිංක ආහාර ශක්තිය 
  2. චිත්තජ ශක්තිය 
  3. කර්මජ ශක්තිය  
  4. තේජෝ ශක්තිය යනුවෙනුයි. 
කාබලිංක ආහාරය යනු එදිනෙදා අප උයා පිහාගෙන කන ආහාරයයි. ඉන් ලැබෙන ශක්තියෙන් ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය ශුද්ධ අෂ්ඨක නිපදවිය හැකිය. ඒවා ප්‍රෝටීන්, පිෂ්ඨ, මේධ, ලවන හා විටමින වශයෙන් බුදුදහමේ වෙනකොට නැත. මාංස හා ශාක ආහාර වශයෙන්ද වෙනකොට නැත. බුදුදහමට අනුව ශරීරය තුල හෝ මේ විශ්වය තුල මූලද්‍රව්‍ය කියා දෙයක් නොමැත. ඇති එකම දේ අපෝ,තේජෝ,වායෝ, පඨවි, වර්ණ, ඝන්ධ, රස හා ඕජා ලෙස ස්වාභාවයන් 8ක් පමණි. මේවා ශුද්ධ අෂ්ඨක ලෙස හැඳින්වේ. ඒවා ඇතිවේ. නැතිවේ. ඇතිවීම හා නැතිවීම ඉතාම වේගවත් නිසා පවතිනවායයි පෙනේ. ඒවා සංයෝග වන සංයුතිය මත සියලු පෝෂ්‍ය කොටස් ශරීරය තුල නිපදවේ. කාබලිංක  ආහාරයට මෙම ශුද්ධ අෂ්ඨක නිපදවිය හැක. එය අප දන්නා  විද්‍යාවට හසුවේ. නමුත් චිත්ත, කර්ම හා උෂ්ණත්ව ශක්තීන්ට  ආහාර  නිපදවිය හැකි බව බුදු දහම මීට වසර 2600 කට පෙර ගෙනහැර දැක්වූ මේ පැහැදිලි කිරීම පිලිබඳ අද ක්වන්ටම් භෞතික විද්‍යාව ලඟා වෙමින් සිටී. 

චිත්ත යනු සිතයි. කර්මජ යනු කර්මයයි. තේජෝ යනු උණුසුමයි. චිත්ත ශක්තියට, කර්ම ශක්තියට හා උණුසුමට ශරීරය පවත්වාගැනීමට ආහාර සකස්කර ගත හැකිය. කාබලිංක ආහාරයේ ඇත්තේ ස්වභාවයන් අටක් පමණක්ම නිසා ශරීරයට අවශ්‍ය සියලු මූල ද්‍රව්‍ය ඒ ඒ ස්වාභාවයන්  අට නිසි අනුපාතයන්ගෙන් සංකලනය වී ශරීරයට අවශ්‍ය මූලද්‍රව්‍ය නිර්මාණය කර ගනී.
   
සසර පුරාවට කර්ම චිත්ත හා තේජෝ ශක්තිය වැඩු යමෙකුට ප්‍රෝටීන, ලිපිඩ, ලවන,පිෂ්ඨ, විටමින ලෙස වෙන් වෙන් කොට ආහාර නොගත්තද අවශ්‍ය ආහාර සංඝටක ශරීරය තුල බිහි කර ගැනීමට හැකියාව ඇත. එබැවින් චිත්ත ශක්තිය හා කර්මශක්තිය වැඩි අයෙකුට මොන ආහාරය ගත්තද නිරෝගීව බොහෝ කල් ජීවත් විය හැකිය. එසේ චිත්ත හා කර්ම ශක්තිය නොමැති කෙනෙක් තමාගේ සසර පුරුද්ද පදනම් කොට ගෙන ආහාර ලබාගත යුතුය.   
  
එබැවින් යමෙකුට නිරෝගී වෙන්න ශක්තිමත් වෙන්න මස් කන්නම ඕනෙත් නැහැ. නොකන්නම ඔනෙත් නැහැ. එය සාපේක්ෂයි. එබැවින් බුදු රජාණන් වහන්සේ "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කැමති කෙනෙක් කන්න, අකමැති කෙනෙක් නොකන්න. ජීවක සුත්‍රය" ලෙස ප්‍රකාශ කල සේක.  

බුදු දහමට අනුව අපේ කය නිර්මාණය වෙලා තියෙන්නේ රූප වලින්. ඒකියන්නේ නාම රූප කියන කොටස් දෙකේ රූප කොටසින්. ඒ රූප වල විශේෂ කොටසක් තියෙනවා සසරපුරාවට ඔබ ඉපදී සිටි අපා, දෙපා, සිව්පා, බහුපා, කියන සියලු සත්ව කොටස් වල ගති පුරුදු ආත්මයෙන් ආත්මයට ගෙනයන "ජීවිත රූප" කියල. මේ ජීව්ත රූප පරම්පරාවෙනුන් ලැබෙනවා. සසර පුරාවට හා පරම්පරාවෙන්ම මස් නොකා පුරුදු වූ කෙනෙකුගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ජීවිත රූප වලින් වැඩි කොටසක් (එනම් ප්‍රමුක වූ ජාන) සකස් වෙලා තියෙන්නේ මස් කන්නේ නැතිව හිටියට ලෙඩ දුක් හැදෙන්න නැතුව ඉන්න පුලුවන් විදියට. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් නිර්මාංශ වෘතය පෙර අත්ම ගණනාවකදී පුරුදු පුහුණු කරපු යෝගියෙක් කියල. එවිට ඔහුගේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ මස් අවශ්‍ය නොවන ජීවිත රූප(ජාන) . එවිට ඔහුට මේ ආත්මයේදී මස් අවශ්‍ය නැහැ. නමුත් ඔහු පෙර ආත්මවලදී හොඳට මස් කාපු සාමාන්‍ය පුද්ගලයෙක් නම් මේ ආත්මයේදී ඔහුගේ ජාන වලට එනම් ජීවිත රූප පෝෂණය කරන්න මස් ඕනේ. ඔහුගේ මස් අවශ්‍ය නොවෙන ජීවිත රූප දුර්වලයි. ඒ කියන්නේ එම ජාන නිලීන වෙලා එනම් ක්‍රියාකාරිත්වය යටපත් වෙලා තියෙන්නේ. එවිට ඔබ මස් නොකා හිටියොත් එම වැඩිවශයෙන් තියෙන මස් වලින් පෝෂණය වන ජීවිත රූප දුර්වල වෙලා ලෙඩ වෙනවා. මේ ගැන ඔබ හොඳට අභිධර්මය අද්‍යනය කලොත් ඉගෙන ගන්න පුළුවන්. එකයි බුදුන් වහ්සේ දේශනා කලේ ඔබට මස් කන්න ඕනේ කියලා හිතෙනවනම් කන්න. නැතිනම් නොකා ඉන්න කියල. අන්තවාදී වෙන්න එපා කියල. ඒ කියන්නේ අවශ්‍ය වුන ඕනෑම මොහොතකදී නැවත කන්න මනස හැඩ ගැහෙන්න ඕනේ. හැබැයි ඔබ හිතන්නේ අපේ අතරේ ඉන්න වැඩි දෙනා පෙර අත්භාවයන් වල මස් කාපු අයද? නොකාපු අයද? සෘශි වරු යෝගීවරු වගේ අයද ලංකාවේ වැඩිපුර ඇත්තේ? මස් මාළු කාපු අයද?. ඉන්දියාවේ හින්දූන් අතර නම් පෙර ආත්මවල මස් නොකාපු අය වැඩිපුර ඉන්න පුළුවන්. යුරෝපයේ පෙර අත්භාවවල මස් කාපු අය වැඩි වෙන්න පුළුවන්. මේ කතාව පරම්පරාවටත් ගලපලා බලන්න ඕනේ. මොකද ඔබට පරම්පාරාවෙනුන්ත් ජාන හෙවත් ජීවිත රූප ඔබට එන නිසා. පෙර ආත්ම වල මස් නොකාපු අය මස් කෑවොත් පිළිකා වැනි රෝග හැදෙන්න පුළුවන්. ඒවගේම පෙර ආත්මවල හා පරම්පරාවේ මස් කාපු අය නොකා හිටියොත් පිළිකාව විතරක් නෙවෙයි හෙම්බිරිස්සාවේ ඉඳන් ඔක්කොම ලෙඩ හැදෙන්න පුළුවන්.

මෙවැනි සරල පැහැදිලි කිරීමක් බුදු දහම තුල අන්තර්ගතව තිබියෙදී යමෙක් නිර්මාන්ස වෘතය රැකීමට බෞද්ධයා පොලම්බවයි නම් එය වරදකි. සෑම දෙනාම මස් ආහාරය කොට ගත යුතු යයි පොළඹවන්නේ නම් එයද වරදකි. මේ අන්ත දෙකම මිත්‍යාදෘෂ්ඨියකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ යමෙකුගේ කීම අසා මස් මාළු නොකා සිටීම හෝ කෑම වරදක් නැත. 

නමුත් යම් කාලයක් එසේ කරනවිට ඔබට කායික අපහසුතා දැනුන හොත් වහාම එම ප්‍රතිපත්තිය වෙනස් කරන්න. මෙම වෙනස දැනෙන්නේ ක්ෂණිකව නොවේ. දීර්ඝ කාලීනවයි. උදාහරණ ලෙස ඔබ නිර්මාංස වූවා යයි සිතන්න. ටික කාලයක් යනවිට ඔබට වැඩ කිරීමට කම්මැලි බවක් ඇතිවේනම්. නිතර නිතර හෙම්බිරිස්සාව, ඇදුම හා උනට ගොදුරු වේනම්. අතපය වේදනා ඇතිවේනම්. දත් අතර පරතරය වැඩිවී ඉදිරියට නෙරා යයිනම්. කොණ්ඩය යන්න පටන්ගනීනම්. බෙල්ලේ තෛරොයිඩ් ග්‍රන්ථි ඉදිමේනම්. ප්‍රෙෂර්, කොලොස්ටරෝල්, දියවැඩියාව ඇතිවේනම්. ලිංගික ආශාව හැකියාව අඩුවේනම්. ලිංගික ශක්තිය දුර්වල බව දැනේනම්. ප්‍රාණවත් වීම අඩුනම්. දරුවන් හැදීම අපහසු වේනම්. කරන දේ ඔහේ කරනවා මිස අලුතෙන් දේවල් කිරීමට ආශාවක් ඇති නොවේනම්. ආහාර අරුචිය ගැස්ට්‍රයිටිස් හා අසාත්මිකතා ඇතිවේනම්. අර්සස් ඇතිවේනම්. 

ඉහතකී ඕනෙම රෝග ලක්ෂණ පහල වේ නම් නැවතත් මාංස අනුභව කොට වෙනසක් ඇතිවේදැයි මුලින්ම බලන්න. එවැනි රෝග ලක්ෂණ මතුවූ වහාම දොස්තරවරු පසුපස නොයන්න. 

ඉහත කී සියලුම රෝගවලට බොහෝවිට මූලික හේතුව වැරදි ආහාර රටාවයි. මාංස අනුභවය පටන්ගත් විගසම මේ වෙනස එක්වර  නොදැනේ. එසේ ක්ෂණික වෙනසක් දැකීමට අවශ්‍ය නම් යකඩ අධික ගව පීකුදු ග්‍රෑම් 150කට නොඅඩුව දින කිහියපයක් එක දිගට සතියක් පමණ ගෙන බලන්න. එයින් ඔබේ රෝග ලක්ෂණ පහව යයි නම් නිවැරදි ප්‍රමාන වලින් මාංස අනුභව කරන රටාවක් ඔබම නිර්මාණය කරගන්න.  

ඒ අයුරින් ඔබ විසින් ඔබේ ශරීරය ඉල්ලන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට උත්සාහ කරන්න. පවත්ත මාංසය අනුභාවයෙන් කිසිඳු අකුසලයක් නොවේ.ප්‍රාණය නිරුද්ධ වූ මස් තුල සතකු නොදකින්න. පහත සබැඳිය කියවන්න.   

මස්මාංස ප්‍රශ්න පිලිබඳ වැඩිදුර අද්‍යනය කරන අයෙකුට සුදුසු ලෙස ලියන ලද ත්‍රිපිටකයෙහි අද්‍යනය කලයුතු සියලු කොටස් මොනවාද යන්න එක් කොට ලියන ලද කෙටි සටහනක් මෙහි උපුටා දක්වමු. 

Sunday, August 28, 2016

කරණීය මෙත්ත සූත්‍රය ලෝකෝත්තර ධර්ම විවරණය

බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද සුත්‍ර කිසිවක් මොනම හේතුවක් නිසාවත් වචනෙන් වචනය පද පරම ආකාරයට පරිවර්තනය නොකරන ලෙස වරෙක භික්ෂුන් වහන්සේට අවවාද කලහ. ඊට හේතුව මෙම ගාථාවක ඇති එක වචනයක් ගතහොත් ඒ වචනය විස්තර කිරීමට ධර්ම පරියායක් විස්තර කල යුතු නිසාවෙනි. මෙහි සුත්‍ර කොටස් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසම්භිදා ආකාරයෙන් විවරණය කිරීමට උත්සාහ කරමු. මෙම විස්තර කිරීමට පෙර කරණීය මෙත්ත සූත්‍රය පිලිබඳ සමස්ත විවරණය කියවා සිටීම වැදගත් වනුන් ඇත. එය මෙම සබැඳියෙන් කියවන්න.
කරණීය මෙත්ත සුත්‍රයට අනුව නිවැරදිව මෛත්‍රී වඩවන ආකාරය

පතින් අන්ත්තේ පදපරම ලෙස එනම් වචනයෙන් වචනය පරිවර්තනය කරන ලද කරණීයමත්ත සුත්රයයි. එහි ඉතාම වැදගත් කොටස් කිහිපයක් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසංභිදා ආකාරයෙන් විවරණය කොට දක්වමු.

කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි


තේරුම
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම
2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


තේරුම
3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා


තේරුම
4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


තේරුම
5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය


තේරුම
6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං



තේරුම
7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං


තේරුම
8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු


තේරුම
9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

බුදු සිරිත හා දහම ගැන අරිය පරියේසන සූත්‍රයෙන් විමසුමක්

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ පහ අතරෙන් මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයට අයත් සූත්‍රයක් ලෙස අරිය පරියෙසන සූත්‍රය හඳුනාගත හැකිය. මෙම සූත්‍රය බුද්ධ චරිතය සහ බෞද්ධ දර්ශනයේ මූලික සිද්ධාන්ත හෙළි කරන සුවිශේෂ සූත්‍රයකි. සූත්‍රයේ ආරම්භයේම සඳහන් වනුයේ සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ කතා පුවතයි. මේ අනුව භික්ෂුහූ ආනන්ද තෙරුන් හමුවී බුදුරජාණන් වහන්සේගේ් දහම් දෙසුමක් බොහෝ කාලයකින් ශ්‍රවණය කිරීමට නොලැබුණු බවත් ඊට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියහ. සියලුම භික්ෂූන් රම්මකගේ අසපුවට රැස්වන ලෙස ආනන්ද හිමියෝ දැන්වූහ. බුදුන් වහන්සේ පැන් පහසු වූ පසු ආනන්ද හිමියෝ රම්මකගේ අසපුව ගැන වර්ණනාවක් කරති. (රමණියො භනේතෙ රමකස්ස බ්‍රහ්මණස්ස අස්සමො, පසාදිකො භන්තේ රමකස්ස අස්සංමා) මෙලෙස ප්‍රකාශ කර රම්මකගේ අසපුවට වඩින්නේ නම් මැනවැ යි ප්‍රකාශ කරති. බුදුන්වහන්සේ එය නිශ්ශබ්දව පිළිගනිති.


මෙලෙස ආනන්ද තෙරුන් ධර්ම දේශනයේ සම්බන්ධීකරණ කටයුතු කළ පසු බුදුරජාණන් වහන්සේ රම්මතයේ අසපුවට වැඩම කරති.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කළින් සූදානම් කළ ඒවා නොවේ. මේ නිසා ඊට පෙර මෙම ස්ථානයේ කරනු ලැබූ කතාව කුමක්දැයි උන් වහන්සේ විමසති. බුදුරජාණන් වහන්සේ ගැන කතා බහ කළ බව භික්ෂූහු ප්‍රකාශ කරති. භික්‍ෂූන් එක්රැස් වූ විට දැහැමි කතාවෙන් යුක්ත විය යුතු බවත්, නොඑසේ නම් නිශ්ශබ්දතාව භජනය කළ යුතු බවත් ප්‍රකාශ කරති.

භික්‍ෂූන් තමන් වහන්සේ ගැන කතා කළ නිසාම උන්වහන්සේ තමා නිර්වාණය සොයා කළ පර්යේෂණය පිළිබඳ කරුණු දක්වයි. ලෝකයේ පර්යේෂණ ක්‍රම දෙකක් තිබේ. එනම් ආර්ය පර්යේෂණ සහ අනාර්ය පර්යේෂණයයි. ප්‍රථමයෙන් අනාර්ය පර්යේෂණ හෙවත් ආර්ය පර්යේෂණ නොවන දේ පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කරති.

සියලු මිනිසුන්ගේ ජීවිත ජාති, ජරා, ව්‍යාධි, මරණ සෝක යන තත්ත්වලට පත්වෙයි. මෙම ලක්‍ෂණ වලින් කිසි පුද්ගලයකුට පලා යා නොහැකිය. මෙලෙස ජාති, ජරා, ව්‍යාධි, මරණ , සෝක යන තත්ත්වවලට පත්වන මිනිසා තවදුරටත් සොයා යනුයේද එම ලක්ෂණම පවතින දේ ය. එනම් අඹු දරුවන් රන් රිදී ඉඩම් කඩම්, යාන වාහන ගෙවල් දොරවල් ආදී දේය. මෙලෙස තාවකාලික සැප ගෙන දෙන දේ සොයා යෑම , අනාර්ය පර්යේෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ දීම වටහා ගත්හ.

ඒ පිළිබඳ අරිය පර්යේෂණ සූත්‍රයේ සඳහන් වෙයි. බෝධිසත්ව අවධියේ සියලුම සැප සම්පත් ප්‍රතික්ෂේප කොට අභිනිෂ්ක්‍රමණයට යොමු වීමට අවශ්‍ය මානසික සැලැස්ම නිර්මාණය වූ ආකාරය බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කරති.

තස්ස මය්හං භික්ඛවෙ එකදෙහොසි, තින්නු ඛො අහං අත්තනා ජාති ධම්මො සමානො ජාති ධම්මඤ්ඤෙව පරියෙසාමි අත්තනා ජරා ධම්මඤෙකව සමානෙ ජාති ධම්මො ආදීනවං විදිත්වා අන්තං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියොසෙය්‍යං ‘

මහණෙනි ඒ මට මේ අදහස විය. කුමක් නිසා මම, තෙමේ ජාති ධර්ම වුයෙම් ජාති ධර්මයක්ම සොයම් ද ? ජරා ධර්‍ම වූයෙම් - ජරා ධර්‍මමයක්ම සොයම් ද? මම ජාති ධර්ම වුයෙම් ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති, නිරුත්තරවූ යෝග ක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි.
මෙලෙස තමා ද ජාති, ජරා , ව්‍යාධි ආදි දුක්ඛයන්ගෙන් යුක්තව , එබඳු ලක්‍ෂණ ඇති දේම සොයමින් යන මේ නිසරු පිළිවෙත ප්‍රතික්ෂේප කොට ජාති, ජරා, ආදිය පිළිබඳ ආදීනව දැන එබඳු ලක්ෂණ නොමැති නිවන සෙවීම උතුම් බව විමසා ගැනීම අභිනිෂ්ක්‍රමණයට හේතු විය.

නොඑසේ නම් මාලිගාවේ සිරකරුවෙකු මෙන් සිට දෙවියන් මවා දැක්වූ ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් පැවිද්දෙක් දැකීමෙන්ම අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීම සත්‍යයට සමීප නොවේ. යථා තත්ත්වය නම් කාලයක් සිට ජීවිතයේ ඇති අසතුටුදායක ස්වභාවය සිතීම තුළින් බෝධි සත්වයන් ලබාගත් අවබෝධය අභිනිෂ්ක්‍රමණයට හේතු වූ බවයි.
බුද්ධ චරිතය මෙලෙස යථාර්ථවාදී ලෙස විවරණය කර තිබිය දී බොරු අටෝප සාටෝප වලින් යුත් මනඞකල්පිත බුද්ධ චරිතයක් ගොඩනඟා උන්වහන්සේගේ උතුම් මනුෂ්‍ය ස්වභාවය පරයා අතිමානුෂික දේව ස්වභාවයක් ආරෝපණය කර තිබීම, නුසුදුසු ලක්‍ෂණයකි.

අරියපරියෙසන සූත්‍රයට අනුව බෝධිසත්වයන් වහන්සේ සොයා ගියේ ‘කුසලය කුමක්ද’ යන්නයි. (කිං කුසලගවෙසී) එනම් යහපත, හොඳ, නරක, කුමක් ද යන්න ගවේෂණය කළ බවත්, එය සොයා උතුම් වූ ශාන්ති පදය ලද බවත් (අනුත්තරං, සන්තිවරපදං පරියෙසමාතො) සඳහන් ය. එහෙත් පෙර අපරදිග දාර්ශනිකයන් සොයා ගිය සත්‍ය පිළිබඳ සංකල්ප සිතේ තබාගෙන අදහස් දැක් වූ ඇතැම් දෙනා, ත්‍රිපිටකයේ සඳහන් නොවන ‘කිං සච්චගවෙසී’ නම් පදයක් නිෂ්පාදනය කොට ජනපි‍්‍රය කරවීය. ඇත්ත වශයෙන්ම බෝධිසත්වයන් වහන්සේ පර්යේෂණ කළේ කුසලය පිළිබඳ ය.

බෝධිසත්ව සමයේ ආචාර්යවරුන් ගැන සඳහන් කරන බුදුහිමියෝ ආලාරකාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ගැන සඳහන් කරති. සත්‍ය ලෙසම මොවුන් දෙදෙනාම බෝධිසත්ව සමයේ ආචාර්යවරු ද? අරිය පරියෙසන සූත්‍රය මෙයට දක්වන ප්‍රතිචාරය තරමක් වෙනස් ය. ආලාර කාලාම ආචාර්යවරයකු ලෙස සලකා ඇතත්, උද්දකරාම පුත්ත ආචාර්යවරයකු ලෙස එහි සලකා නොමැත. ආලාරකාලාම ගැන සඳහන් වනුයේ මෙසේ ය.

(භික්ඛවෙ, ආලාර කාලාමො ආචරියො මෙ සමානො අනෙතවාසිං මං සමානං අත්තනො සමසෙමං එපෙසි) මහණෙනි, මෙසේ ආළාර කාලාම තෙමේ මට ආචාර්ය වූයේම අතවැසි වූ මා, තමාට සම තැන තැබී ය.
උද්දකාරාම පුත්ත ගැන මෙසේ සඳහන් වෙයි. (භික්ඛවෙ උද්දකාරාමපුත්තෙන සබ්‍රහ්මචාරී මෙසමානො ආචරිංයටථානෙ ච මං එපෙසි) මහණෙනි, මෙසේ රාමපුත්ත උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ මා ඇදුරු තනතුරේ තැබී ය.

බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාමගෙන් ආකිඤචඤ්ඤායතනය අවබෝධ කරගත් පසු තමාට සමානව ම තබාගෙන දෙදෙනාම එක් වී ගෝලයන් පාලනය කරමු යන්න ආලාර කාලාමගේ අදහස විය. මෙහි මුලින් ආලාරකාලාම තමාගේ ආචාර්යවරයා බව (ආචාර්යො තම) යන පදයෙන් සනාථ වේ. උද්දකරාම පුත්ත ආචාර්යවරයකු ලෙස නොව (සබ්‍රහ්මචාරී මෙ) සමාන ශික්‍ෂා ඇති අයෙකු ලෙස සිටි බවත්, පසුව නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවබෝධ කරගත් පසු උද්දකරාම පුත්ත ඇතුළු සියලු දෙනා තමා ආචාර පදවියෙහි තබා ගරුබුහුමන් කළ බව සඳහන් වීමෙන් ඔහු බෝධිසත්වයන්ගේ ආචාර්යවරයකු නොවූ බව පැහැදිලි වෙයි. එසේම නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවබෝධ කරගෙන තිබී ඇත්තේ උද්දකරාම පුත්තගේ පියා වන රාම විසින් ය. මේ අනුව උද්දකරාම පුත්ත එම ඥානය අවබෝධ කරගත්තකු නොව, තමාගේ පියා සතු ඤාණය පිළිබඳ බෝධිසත්වයන්ට පණිවිඩය දීම පමණක් සිදු කර ඇත. මේ අනුව උද්දකරාම පුත්ත බෝධිසත්වයන්ගේ ආචාර්යවරයකු නොවන බව අරිය පරියෙසන සූත්‍රයට අනුව පැහැදිලි වෙයි.

පසුව බෝධිසත්වයන් වහන්සේ උරුවෙලාවෙහි සෙනානි නියම් ගමට පැමිණ එහි බෝමැඩ වැඩ සිට නිර්වාණය අවබෝධ කරගනියි. පසුව දහම් දෙසීමට පසුබට වූ විට සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ධර්මය දේශනා කිරීමට සුදුස්සකු සොයති. ආළාර කාලාම ද උද්දකරාම පුත්ත මිය ගොස් සිටී හෙයින් පස්වග මහණුන්ට දහම් දෙසීමට බරණැස ඉසිපතනාරාමයට පිටත්ව යයි. එහිදී මුලින් දෙදෙනකුටත්, ඉන් පසු ඔවුන් දෙදෙනා පිණ්ඩපාතයේ යවා අනෙක් තුන්දෙනාටත් ධර්මය දේශනා කොට නිර්වාණ මාර්ගය පෙන්වා දෙයි.

කාම වස්තු ගිහි පැවිදි බෞද්ධයන් විසින් පරිභෝග කළ යුතු ආකාරය දක්වන දර්ශනයක් ද අරියපරියෙසන සූත්‍රයෙහි වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතනවලින් සතුටින් ගනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු කෙලෙසක භුක්ති විඳිය යුතු ද යන්න මෙහිදී සාකච්ඡා වෙයි.

මේ අනුව යම් මහණ කෙනෙක් පස්කම් සැපයෙහි වෙලී මුසපත් වී එහි දොස් නොදැක ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයෙන් තොරව පරිභෝග කරයි නම් ඔහු මරු වසඟයට යයි.

එසේම යම් මහණ බමුණෙක් පස්කම් ගුණයෙහි නො ඇලී මුසපත් නොවී කිඳා නොබැස දොස් දකිමින් නුවණින් මෙනෙහි කරමින් පස්කම් සැප (අගථිතො, අමුව්ජිතො, අනජ්ක්‍ධාපන්නො, ආදීනවදස්සාවී, නිස්සරණපඤ්ඤො) පරිභෝග කරයි නම් එබඳු පුද්ගලයන් පාපී මරු වසඟයට ගත නොහැකි ය.

මෙය බෞද්ධ ගිහියාගේ ද භික්‍ෂූවගේ ද පරිභෝජන දර්ශනය විය යුතු බව කාමභෝගී සූත්‍රයේත්, රාසිය සූත්‍රයේත් දක්නට ලැබීමෙන් සනාථ වෙයි.
මේ නිසා බුදු දහමට අනුව භෞතික සම්පත් පරිහරණය දුකක් වනුයේ, එය පරිහරණය කරන ආකල්පයෙන් බව පැහැදිලි වෙයි.

මෙලෙස අරියපරියෙසන සූත්‍රය බුද්ධ චරිතය පිළිබඳත්, බෞද්ධ ජීවන දර්ශනය පිළිබඳවත් කරුණු දක්වන සූත්‍රයක් ලෙස හඳුනාගත හැකි ය.

Thursday, August 25, 2016

පිනත් පවත් නිර්මල බෞද්ධයා රැස්කළ නොයුතු බව දක්වන ප්‍රේත වස්තු හා විමාන වස්තු

බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. 

මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.

විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.

පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරුතුරු රැුසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. 

ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.


NGO මුදල් වලින් වල්මත් වූ නිහාල් විජේරත්න නම් මිත්‍යා දෘෂ්ඨිකයා බුදු දහම වෙනුවට ප්‍රේත දහමක් දෙසයි

පෞද්ගලික අත්දැකීම් බුදුදහමට ගලපා බුදුදහම විකෘති කිරීම...
මෙම වීඩියෝවට සාවධානව ඇහුම්කන් දෙන්න.
තවත් මිත්‍යාදෘෂ්ඨිකයෙකුගේ පෞද්ගලික අත්දැකීම් පිලිබඳ ලියන ලද පොතක් මිත්‍යා දෘෂ්ටික නිහාල් විජේරත්න NGO නඩේ ගුරා මහා උජාරුවෙන් කියවයි..
මෙය බුදු දහම ලෙස හුවා දක්වයි....
මස් කෑම නිසා පමනක් ප්‍රේත ලෝකවල උපදින බව කියයි...
මොහු කියන විදියට මුළු යුරෝපයම ප්‍රේතයන් විය යුතුය. ඒ 90% මස් කන නිසාය...

තමා කරන පව් හා පින් නිසා ප්‍රේත ලෝක වල ඉපදී දුක් විඳින අයුරුත්
දිව්‍ය ලෝකවල ඉපදී  සැප විඳින අයුරුත් නම් ඔහුට විස්තර කල යුතු වන්නේ ඔහු ගෙනහැර දැක්විය යුත්තේ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රේත වස්තුව හා විමාන වස්තුවේ දේශනායි....

බුදු රජාණන් වහන්සේ ප්‍රේතයන් වීමට හේතුව දේශනා කරන විට එය අන්තගාමිව මස් මාළු කන්නන් ගැන පමණක් දේශනා නොකළ සේක. එය සමබරව ප්‍රේත ආත්ම ලැබීමට අදාළ සියලු හේතු ගොනුවන ලෙස වැළකිය යුතු සියලු පාප කර්ම අවභෝද වන ලෙස දේශනා කල සේක. ප්‍රේත වස්තුව පමණක් නොව ඊට සමගාමීව විමාන වස්තුවද දේශනා කල සේක. එහිදී දිව්‍ය සැප ලැබීමට හේතු වූ "පුණ්‍ය කර්ම" ගැන දේශනා කල සේක. "පාප කර්ම" ගැන දේශනා කල සේක. එය පාදක කොට ගෙන නිවන් ලැබීමට පින් කිරීමවත් පව් කිරීමවත් අදාළ නොවන බව පෙන්වා දුන් සේක. පින් පව් වෙනුවට කුසල් රැස්කලයුතු ආකාරය පෙන්වා දුන්හ. "පින හා  පාප කර්ම"  ලෙස ද දක්වමින් "කුසලය ධම්ම" ලෙස ද ගෙන හැර දැක්වූහ. පුණ්‍ය හා පාප කර්ම යන දෙකෙන්ම නිර්වාණය අත්නොවන බව පහදා දී කුසල ධර්ම වැඩීමට බෞද්ධයා පෙළඹවූහ.

NGO නඩේ නායක නිහාල් නම් මිත්‍යා දෘෂ්ටිකයාට අවංකවම අවශ්‍ය අපේ රටේ බෞද්ධයා නිසි මග යැවීමට නම් ඔහු උපයෝගී කරගත යුතුතේ තවත් මිත්‍යා දෘෂ්ටිකයෙකුගේ ප්‍රේතයින් පිලිබඳ තිබෙන පෞද්ගලික අන්තගාමි අත්දැකීම් නොවේ. බුදු රජාණන් වහන්සේ සමබර ලෙස දේශනා කරන ලද ප්‍රේත වස්තුවයි. ප්‍රේත වස්තුව දේශනා කරන විටම දේශනා කල යුතු විමාන වස්තුවයි. ඒ දෙකම සමබර ලෙස දේශනා කල යුතු ලෙස මූලිකව තම ධර්මාවභෝදය ලබා ගැනීමයි. සතුනට විමුක්තිය සොයා දීමට පෙර මොහු මුලින්ම කල යුත්තේ තමාගේ විමුක්තිය සොයා ගැනීමයි. නැතහොත් මෙසේ වැදි භන දේශනාව නිසා සිදුවන සංඝබේදය හේතුවෙන් මොහු අපාගතවෙනවා නියතයි. (සංඝභේදය යනු සංඝයා වහන්සේ භේද කිරීම නොවේ.*සංඝ භේද සුත්‍රය)



මොහු අනුන්ගේ පොත් කියවන ආකාරයෙන් මොහුගේ ප්‍රාථමික දහම් දැනුම මොනවට පැහැදිලි වේ. ඕනෑ තරම් ධර්ම ඥානය ඇති ගිහියන් වෙසෙන ශ්‍රී ලංකාවේ, කිසිඳු ධර්ම අවභෝදයක් නොමැතිව පොත් බලාගෙන තවෙකුගේ පෞද්ගලික අත්දැකීම් කියවන මෙවැනි පුද්ගලයින් ප්‍රසිද්ධ මාධ්‍ය වල ජනප්‍රිය චරිත වන්නේ නිකම්ම නොවේ. මේ පිටුපස ඇති අදිසි හස්තය පිලිබඳව  මේ යුගයේ විස්තර කල යුතු නොවේ. තව දුරටත් මෙවැනි බෞද්ධ විරෝදී, සියුම්ලෙස සකස්කරන ලද ප්‍රචාර මෙම නාලිකාවේ පමණක් සිදු වන්නේ මන්දැයි විග්‍රහ කිරීමද අවශ්‍ය නොවේ.

අප අවධාරනය කර සිටින්නේ මොවුන් සත්ව අවිහිංසාව පෙන්වා මුදල් ගැරීම ගැන අප විරුද්ධ නැත. එය ඔවුන්ගේ ව්‍යාපාරයකි. ඔවුන්ගේ මේ ව්‍යාපාරය සඳහා නිර්මල බුදුදහම විකෘති කොට බෞද්ධයා නොමග යැවීම ගැනයි අපේ විරෝධය. ඔවුන්ගේ මේ මිත්‍යාදෘෂ්ඨික ව්‍යාපාරයට බුදු දහම ගාවා ගැනීම ගැනයි අපේ විරෝධය.

ප්‍රේත වශ්තුව මෙතනින් කියවන්න...
ප්‍රේත වස්තු විමාන වස්තු හැඳින්වීම මෙතනින් කියවන්න..  
අවධානයෙන් සිටින්න ...
නිර්මල බුදු දහම ආරක්ෂා කරන්න දායක වන්න...

ආගම්වාදය පතුරා අද්‍යාපනය පාදඩකරණය, මුස්ලිම් ප්‍රජාව අවමානයට ලක්කරමින් මුලාවේ දැමීම


අප දන්නා පරිදි දයාන් රාජපක්ෂ බෞද්ධයෙකි. මොහු මේ කරන්නේ කුමක්ද? පන්තිවලට ළමයින් මුස්ලිම් ළමුන් බඳවා ගැනීමට තම ආයතනය තුල පල්ලියක් සකස් කර දීමයි. එනම් මුස්ලිම් ප්‍රජාව ගොනාට ඇන්දවීමයි. මුස්ලිම් ප්‍රජාව ගොනාට ඇන්දවා ආර්ථික වාසි ලබාගැනීමට යාමෙන් ලංකේය අද්‍යාපන සදාචාරයට අත්වන ඉරණම ගැන මොහුට අදාළ නැත.

අද්‍යාපනය යනු කිසිඳු විටෙක ජාති,කුල ආගම්, ලින්ගභේදය, හෝ වෙන කිසිඳු බෙදීමක් නොකළ යුතු බවට ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති මොහු නොදනී. මෙය ජාතිවාදයට කත් ඇදීමක් බවේ මේ මිත්යදෘෂ්ඨිකයට අවභෝදයක් නැත. 

මුස්ලිම් ළමුන් එකතුවී ඔවුනට අදාළ යම්කිසි ආගමික කටයුත්තක නිරතවීම එකකි. එසේ වූවානම් ඊට බෞද්ධ ළමුන්ගේ සහයද ලැබීමට තිබුණි. මේ සිංහල බෞද්ධ ළමුන් අමු අමුවේ ජාතිවාදයට අද දැමීමකි. 

බුදුදහමේ  චිරස්ථිතිය වෙනුවෙන් මොහුගේ ආයතනය තුල පන්සල් අවශ්‍ය නැත. නිර්මල බෞද්ධ දරුවන් මෙවෛන් අමනෝඥ ක්‍රියා දෙස උපේක්ෂාවෙන් බැලීමට දනී. නමුත් බහුතරයක් වෙන බෞද්ධ ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාවට මොහු කලේ දැවැන්ත අපරාධයකි. මේ ක්‍රමානුකූලව ඔවුන් තුලට ජාතිවාදය ඇතුළු කිරීමට කරන ලද උත්සාහයක ආරම්භයකි. ජාතිවාදය අන් සියලු දේ මෙන්ම අද්‍යාපනය විකිනීමටද හොඳ වෙළඳ උපක්‍රමයකි.

මෙවැනි පටු බාල අලෙවි උපක්‍රම භාවිතා කරන ව්‍යාපාරිකයින් වෙතට සිංහල බෞද්ධ දරුවන් යවා ඔවුන්ගේ සිත් තුල ජාතිවාදයේ බීජ වගා කරවීමට කිසිඳු දෙමාපික් සූදානම් නැත. ඒ වෛරය ඇතිවීම තුල බෞද්ධ ප්‍රජාවට දිගු කාලීනව සිදුවන් හානිය නිසායි.     










සුකරමද්දවය නිවැරදිව

“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස 
එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, 
තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති 
තං පටියෝදාපෙත්වා 
සාධුකං පචාපෙත්වාති අත්ථො” 

‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ.


මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?

පිළිතුර: “සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. 

මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. 

බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක දැක්විය නො හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය. 

ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. 

“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස”. (බෞද්ධ ශබ්ද කෝෂය - 1644 වැනි පිටුව)

ත්‍රිපිටකයේ, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ කොටසද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කැමති තාක් භෝග නගරයෙහි විසු භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, පාවා නුවරට යමු’ යි, බොහෝ භික්ෂුණ් සමග පාවා නුවරට වැඩ චුන්දකර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වසන සේක. ‘භාග්‍යවතුන් වහන්සේ තම අඹ උයනෙහි වසති’ යි අසා චුන්දකර්මාර පුත්‍ර බුදුරදුන් වෙත ගොස් වැඳ පසෙක හිඳගත්තේය. උන්වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද සතුටු කර වුහ. සතුටට පත් චුන්ද භික්ෂුසංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට පසු දින දානය සඳහා ආරාධනා කළේය. උන්වහන්සේ නිහඬව එය පිළිගත් සේක. චුන්ද ඒ බව දැන වැඳ පැදකුණු කොට ගියේය. රෑ ගත වූ පසු චුන්ද සිය නිවසෙහි බොහෝ සුකරමද්දවත් ප්‍රණීත ආහාර පානත් පිළියෙල කරවා කල් දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර වූ සිවුරු පාසිවුරු ගෙන චුන්දකර්මාර පුත්‍රගේ ගෙට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන් සේක.

භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබ පිළියෙල කළ සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිළියෙළ කල අනිත් කෑම් බීම් වලින් භික්ෂු සංඝයා වළඳ වන්න’ 

‘එහෙමයි, ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර ඒ අන්දමින් වැළඳ වීය.

භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි’.

එය පිළි ගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී සිටි සේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය. මාරාන්තික දරුණු වේදනා පවතී. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් පීඩා නොගෙන ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, කුසිනාරාවට යමු’ යි වදාළහ. ‘එසේය, ස්වාමීනි’ යි ආනන්ද තෙර පිළිතුරු දුන්නේය.




Sunday, August 21, 2016

මස් මාංස අනුභවය හා ප්‍රාණඝාතය අතර නිවැරදි බෞද්ධ විරරණය

මේ පිලිබඳ නිගමනයකට පැමිණීමට පෙර මෙම ලිපිය සම්පුර්ණයෙන්ම කියවන්න.

මේ ලිපියේ පරමාර්ථය මස් මාංශ අහාරයට ගැනීමෙන් වැලැක්වීමට හෝ ඒ සඳහා පෙළඹවීමට අනුබල දීමක් නොවන අතර , අද බොහෝ දෙනෙකුන් මහා ප්‍රශ්නයක් කරගෙන තියෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමක් පමණි.

මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු වෙලා තියෙන්නේ, මස් මාංශ අහාරයට ගැනීම නිසා ; ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට අනුබල දීමක් සිදුවීම, සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා මෙන්ම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයි.

මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය ආදිය පරිශිලයන කිරීමෙන් ලබාගත හැකිවන අතර විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය ද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වනවා. නමුත් මෙම ලිපියෙන් ඉහත සඳහන් දේශනා මුළුමනින්ම ගෙනහැර දැක්වීමක් නොකරන අතර, අවැසි කෙනෙකුන් හට එම ග්‍රන්ථයන් පරිශීලනය කර කරුණු දැනගත හැක.

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක් සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.

කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.

1. පණ ඇති සතෙකු වීම

2. පණ ඇති සතෙකු බව දැනීම

3. මරන්නට කැමති සිත

4. මරන්නට උපායක් සැකසීම

5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත් සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.

1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම

2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම

3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.

4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය

5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.

6. ඍධිමය ප්‍රයෝගය - අමනුෂ්‍යයන් විසින් බියකරු වේශයක් මවාපෑමෙන් ආදියෙන් වන මරණය.

ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.

1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ.

2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ.

3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)

4. ආයුධය: යනු මරණය සිදුකල යුතු ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)

5. ඉරියවුව: මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)

6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.

දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්, ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක් කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා අය,බත් කටක් කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 

එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින් කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන් වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.

ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා. 

බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා.

මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.

තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි වෘතයන් ට අයත් බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත් වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.

1. මිනි මස්

2. අලි මස්

3. අශ්ව මස්

4. බලු මස්

5. සර්ප මස්

6. සිංහ මස්

7. ව්‍යාඝ්‍ර මස්

8. දිවි මස්

9. වලස් මස්

10 තරස් මස් (සමහර තැනෙක මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)

බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ. එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, 

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.

"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.

ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී 

"භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"

භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා. මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 

මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින් මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.

එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 

" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ, ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත් පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."

ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත් මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන් අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න. ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය. මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට ආහාරය ගැන නුවණින් සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.
මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.

මේ පිළිබඳව තවත් බොහෝ කරනා ඇති මුත් මේ ලිපිය සඳහා කරුණු දැක්වීම ප්‍රමාණවත් යයි හැඟෙනවා. මස් මාංශ අනුභව කිරීම හෝ නොකිරීම තනිකරම පුද්ගලික කාරණයක්. එලෙස අනුභව කළා කියා ඔවුන්ව ගර්හාවට ලක් කිරීම නොකළ යුතු අතර ශාක ආහාර පමණක් අනුභව කරන්නවුන් ඒ පිළිබඳව අනවශ්‍ය මාන්නයක්ද ඇති නොකර ගත යුතුය.

Friday, August 19, 2016

සෝතාපන්නවීම සඳහා නිවරදිව දුරුකළ යුතු සීලබ්බත පරාමාස Sīlabbata-Parāmāsa [Pali], Adherence to Virtue [English]



ලිපිය ගැන 

මෙම ලිපිය මගින් ගැඹුරු ධර්ම කොටසක් ඉතාම සරල ලෙස විස්තර කෙරේ. සෝතාපන්න වීම සඳහා බැහැර කලයුතු ප්‍රධාන සංයෝජන ධර්ම තුන වන්නේ සක්කාය දිට්ඨි ව්චිචිකිච්චා හා සීලබ්බත පරාමාසයි. ඔබ පන්සිල් රකින බෞද්ධයෙකු නම් සෝතාපන්න වීමට බැහැර කල යුතු  "සීලබ්බත පරාමාස" කොටස දැනටමත් බැහැර කර ඇතිවාට සැකයක් නැත. මෙම ලිපිය කියවීමෙන් හා අවබෝධ කරගැනීමෙන් පසු එම ප්‍රධාන ධර්ම තුනෙන් එක් කොටසක් මුළු මුනින්ම බැහැර කර තිබීම ගැන ඔබ නියත වශයෙන්ම සතුටුවනවා ඇත. 

පද නිරුක්තියෙන් පහසුවෙන් තේරුම්ගත හැකි සීලබ්බත පරාමාසය 
සෝතාපන්න වීම ඉතාම අපහසු කාර්යක් ලෙස බොහෝ බෞද්ධයින් වරදවා වටහාගෙන සිටි. සෝතාපන්න වීමට සීලබ්බත පරාමාසයෙන් බැහැර විය යුතය. ඔබ නොදැනුවත්වම සිලබ්බත පරස්මසයෙන් වැලකි ඇති කෙනෙක් බව දන්නාවද? සීලබ්බත පරමාසයෙන් ඔබ නොදැනුවත්වම වැලකි ඇති බව දැනගත් විට සෝතාපන්න වීම සඳහා තවදුරටත් වැළකිය යුතු වන්නේ සක්කාය දිට්ඨිය හා විචිකිච්චාවෙන් පමණි. මේ අත්භාවයෙදීම මාර්ඝඵල ලැබීමට මෙම ලිපියෙන් ලබන අවබෝධය අපමණ ශක්තියක් වනු ඇත. ඒ සඳහා සීලබ්බත පරාමාස යනු කුමක්දැයි නිවැරදිව දත යුතුය. සිලබ්බත පරාමාස නිවැරදිව පද නිරුක්තියෙන්ම තේරුම් ගැනීම පහසු වේ. එසේ කල යුතුමය. පද නිරුක්තිය එනම් උක්තය නිරාවරණය කරගත් විට වචන අර්ථය නිවැරදිව වැටහේ. ධර්මය අවබෝධ කර ගැනීම පහසුය. සීලබ්බත පරාමාසය දස සංයෝජන ධර්ම වලින් එකකි. 

පාලි හෙවත් පෙළ භාෂාව සැරියුත් මහා රහතන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දේ ධර්මය පහසුවෙන් කටපාඩමින් ලයාන්විතව මතක තබා ගැනීම සඳහායි. සන්ධි, නිපාත, උපසර්ග හා සාමාස ඇතුළුව ව්‍යාකරණ රීති 687 කට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් මාගධී වචන කිහිපයක් එකට එක් කොට පාලි වචන නිර්මාණය කොට තිබේ1. නිවැරදි අර්ථය ගැනීමට නම් පාලි වචනය නිර්මාණය වී ඇති මාගධී වචන කිහිපය වෙනකොට ගෙන අර්ථය සෙවිය යුතුය.

පද නිරුක්තිය නිවැරදිව වටහා ගත් විට සීලබ්බත පරාමාස පහසුවෙන් තේරුම් ගත හැකිවේ.   

 සීලබ්බත - පද නිරුක්තිය 
සීලබ්බත = සීල + සබ්බ + වත සීල + සබ්බ + වත = සබ්බ සිල වත 
සබ්බ = මුලුමුනින්ම , සම්පුර්ණයෙන්ම 
සීල වත = සීල වෘතය 
සබ්බ සිල වත = සම්පුර්ණ සිල් වෘතය

පරාමාස - පද නිරුක්තිය 
පරාමාස = පරම + ආස පරම = ඉතාම උසස් කොට සලකන 
ආස = ආහාරය 
පරම + ආස = ඉතාම උසස් කොට සලකන ආහාරය

එබැවින් පද නිරුක්තිය නිවැරදිව සැලකුවිට සීලබ්බත පරාමාස යනු "සම්පුර්ණයෙන්ම සිල් වෘතය පරම ආහාරය එනම් ඉතාම උසස්කොට සලකන අහාහරය කොට ගත් " යන අරුත දේ.

ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත ආදී විවද වෘත රකිමින් පව් නැසීමට උස්ත්සහා දැරූ විවිධ පුද්ගලයින් බුදුන් දවස මෙන්ම අදද දක්නට ලැබේ. ඔවුනට කෙලෙස් ප්‍රහාණය කිරීමට,කෙලෙස් ඉවත් කිරීමට ක්‍රමයක් නොමැත. ඔවුන් කෙලෙස් යටපත් කරයි. කෙලෙස් නොතවයි. කෙලෙස් ප්‍රහානය් නොකරයි. මරණෙන් පසු විවිධ මිත්‍යා දෘෂ්ටික දේව තලවල ප්‍රතිසන්ධිය ලබයි. සතර අපා ගතවීම වැළැක්විය නොහැක. සසර කෙළවර කර නොගනී. එබැවින් සෝතාපන්න වීමට වීර්ය වඩන ශ්‍රාවකයා සීලබ්බත පරාමාසයෙන් බැහැර විය යුතුය. සරල ලෙස සීලය ආරක්ෂා කොට ගෙන විදර්ශනා කොට ප්‍රඥාව වැඩිය යුතුය. ප්‍රඥාව යනු යතාවබෝධයයි. ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. පරම සත්‍ය අවබෝදයයි.

සෝතාපන්නවීමට උත්සහ කරන බෞද්ධයෙක් සීලය ආරක්ෂා කර ගත යුතය. නමුත් දැඩි ලෙස සීලයහි එල්බගෙන සීලය වෘතයක් ලෙස රැකීමට යාම සෝතාපන්න මාර්ගයට එළඹීමට බාදාවකි. රැකියාවක නිරත වෙමින්, ව්‍යාපාර කරමින්, ධනය, ගේදොර ඉඩකඩම්  එක්රැස් කරමින්, දු දරු සම්පතිය ඇතිව සමුර්ධිමත් දිවි පෙවතක් ඇතිව සෝතාපන්න මාර්ගයට එළඹිය හැකිවේ. ඔවුන් දත යුතු එකම දේ වන්නේ වස්තු සැප සම්පත් වල නො ඇලීමයි. ඒ සියලු දේ පරිහරණය සඳහා පමණක් තබා ගැනීමයි. ඒවා තමාගේ කොට ගෙන ලෝභය තණ්හාව ඇතිකර නොගැනීමයි. වස්තු සැප සම්පත් අතේ ඇති බෝලයක් බිම දමනවා මෙන් අත හැර දමා ඉන් මිදීම බුදු දහමේ කිසිවිටෙකත් ඉගැන්වීම නොවේ. තමා සතු වස්තු සැප සම්පත් වලට ඇලීම ඇති කෙනෙක් වනගත වී සිටියද සෝතාපන්න මාර්ගයට අවතීර්ණ නොවේ.

සෝතාපන්න මර්ඝයට එලබීමට නම් කලයුතු වන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්චා, සිලබ්බත පරාමාසයෙන් මිදීම පමණයි. එය අපහසු නොවේ. කල හැකිවේ. 

 Reference:

  1. Āsa,3 [Sk.āśa] food,only in cpd.pātarāsa morning food,breakfast Sn.387 (pāto asitabbo ti pātar-āso piṇḍapātass’etaṁ nāmaṁ SnA 374)See further ref.under pātar; and pacchā-āsa aftermath S.I,74.Can we compare BSk.Der.fr.āsa is āsaka with abstr.ending āsakattaṁ “cating",food,in nānā° various food or na + anāsak°) Sn.249.See also nirāsa,which may be taken either as nir + *āśa or nir + *āsā.(Page 113)
  2. Nirāsa,(adj.) [nis+āsā] not hungry S.I,12,23,141; A.I,107 sq.; Sn.1048 (anigha+),1078 (id.)
  3. silā : [f.] a stone. || sīla (nt.) nature; habit; moral practice; code of morality.
  4. sabba [adj.] all; every; whole; entire.
  5. Sabba (adj.)complete;  whole; entire; all, every D i.4; S iv.15; Vin i.5; It 3; Nd2 s. v., nom. pl. sabbe Sn 66; gen. pl. sabbesaŋ Sn 1030. -- nt. sabbaŋ the (whole) world of sense -- experience S iv.15, cp. M i.3. -- At Vism 310 "sabbe" is defined as "anavasesa -- pariyādānaŋ." In compn with superlative expressions sabba˚ has the meaning of "(best) of all," quite, very, nothing but, all round; entirely; ˚sangāhika thoroughly comprehensive SnA 304. -- In connection with numerals sabba˚ has the distributive sense of "of each," i. e. so & so many things of each kind, like ˚catukka (with four of each, said of a gift or sacrifice) J iii.44; DhA iii.3; sabbena sabbaŋ altogether all, i. e. with everything [cp. BSk. sarvena sarvaŋ Divy 39, 144, 270; 502] D ii.57; PvA 130; 131. -- abl. sabbato "all round," in every respect Pv i.111; J vi.76; & sabbaso altogether, throughout D i.34; Sn 288; Dh 265; PvA 119; Nd1 421; DhA iv.100. -- Derivations: 1. sabbattha everywhere, under all circumstances S i.134; Dh 83; Sn 269; Nd 133; PvA 1, 18, 107; VbhA 372 sq. sabbathā in every way; sabbathā sabbaŋ completely D ii.57; S iv.167. -- 3. sabbadā always Sn 174, 197, 536; Dh 202; Pv i.91 (=sabbakālaŋ C.); i.1014 (id.). sabbadā -- cana always It 36. -- 4. sabbadhi (fr. Sk. *sarvadha=vic̦vadha, Weber, Ind. Str. iii.392) everywhere, in every respect D i.251; ii.186; Sn 176; Dh 90; also sabbadhī Sn 952, 1034; Vin i.38; VbhA 377; Vism 308 (=sabbattha); Nd1 441, 443.   -- atthaka concerned with everything, a do -- all J ii.30; 74; DhA ii.151 (mahāmatta). -- profitable to all Miln 373 (T. ṭṭh). ofkammaṭṭhāna SnA ii.54; Vism 97. -- atthika always useful Miln 153. -- âbhibhū conquering all Sn 211; Vin i.8. -- otukacorresponding to all the seasons D ii.179; Pv iv.122; Sdhp 248. -- kammika (amacca) (a minister) doing all work Vism 130. -- kālaŋ always: see sadā. -- ghasa all -- devouring J i.288. -- ji all -- conquering S iv.83. -- (ñ)jaha abandoning everything S ii.284; Sn 211; Dh 353=Vin i.8. -- ññu omniscient M i.482; ii.31, 126; A i.220; Miln 74; VbhA 50; SnA 229, 424, 585; J i.214; 335; ˚tā (f.) omniscience Pug 14; 70; J i.2, 14; Nett 61, 103; also written sabbaññūtā; sabbaññutā -- ñāṇa (nt.) omniscience Nett 103; DA i.99; VbhA 197. Also written sabbaññū˚, thus J i.75; -- dassāvin one who sees (i.e. knows) everything M i.92. -- byohāra business, intercourse Ud 65; see saŋvohāra. -- bhumma universal monarch J vi.45. -- vidū all wise Sn 177, 211; Vin i.8; Dh 353. -- saŋharaka a kind of perfume "eau de mille fleurs" J vi.336. -- sādhāraṇa common to all J i.301 sq.
  6. parama: Highest, Most Excellent, superior,best, highest,at most;
  7. vata : alas. (nt.), a religious duty or observance;

කරණීය මෙත්ත සුත්‍රයට අනුව නිවැරදිව මෛත්‍රී වඩවන ආකාරය

සිව්පිලි සිම්බියාවත් භික්ෂූන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසංභිධා වශයෙන් ගෙන නිවැරදිව ධර්මය දේශනා කල යුතු බව බුදුරජානන් වහ්සේ වදාළ සේක. එය ලෝකෝත්තර වශයෙන් සුත්‍ර ධර්ම දේශනා කරන ආකාරයයි. පදපරම එනම් වචනයෙන් එනම් වචනයෙන් වචනය පරිවර්තනය කිරීම බුදුන් වහන්සේ තහනම් කල සේක. ධර්ම දේශනය කිරීමේදී තමාට හිතෙන දේ එනම් හිතළු හෝ තමාගේ පෞද්ගලික මත ප්‍රකාශ නොකළ යුතුය. මේසේ වචනයෙන් වචනය පරිවර්තනය කරන ලද විස්තර අපහට ඕනෑ තරම් හමුවේ. එම පදපරම ලෙස පරිවර්තනය කරන ලද සුත්‍ර කියවීමෙන් යම්කිසි ධර්ම දැනුමක් ලැබිය හැකි අතර නිවැරදි ලෙස නිවන් මාර්ගයට පිවිසීම පමා වනුන් ඇත. 

එබැවින් කරණීය මෙත්ත සුත්‍රයේ ගැඹුරු හරය ගෙනහැර දැක්වීමේදී පාලි වචන වල මාගධී පද නිරුක්තිය යොදා යොදාගෙන මෙහිදී විස්තර කරමු.   "මෙත්ත" යන මාගධී වචනයේ සිංහල වචනය මෛත්‍රිය යනුයි. 

මෙම සූත්‍රය ආරම්භ වන්නේ "කරණීයමත්ත කුසලේන" යනුවෙනුයි. මෙහි මත්ත යන වචනය මුලින්ම විග්‍රහ කර ගනිමු.

නිරුක්තිය: එම වචනයේ මාගධී පද නිරුක්තිය සොයා ගත යුතුය. මත්ත යනු මා + අත්ත යනුයි. මා යනු මාඝධි භාෂාවෙන් මිදීම යන්නයි. අත්ත යනු ත්‍රිලක්ෂණයේ එන අනත්ථ-අත්ථ ස්වාභාවයයි. අත්ථ ස්වභාවය යනු මම මගේ මට අයිති යනුවෙන් යමකට ඇලෙන ගැටෙන ස්වාභාවයයි. "කුසලේන" යනු කුසල කවරේද යත් යනුයි.  "කරණීය" යනු කලයුතු යන්නයි. දැන් අප නිරුක්තිය සකස් කොට ගෙන අවසානයි.


අර්ථය: එම වාක්‍ය ඛණ්ඩයේ වචන සියල්ල එකට ගෙන අර්ථය සකස් කරගත හැකිය. එවිට "කරණීය මත්ත කුසලේන" යනු එසේ එම අත්ථ ස්වාභාවයෙන් මිදීම සඳහා කලයුතු කුසලය කවරේද යත් යනුවෙන් අර්ථ ගැන්වේ.


ධර්මය: මෙම වාක්‍ය කණ්ඩය පදනම් වූ ධර්ම පරියාය අතිශයින් විශාලයි. නමුත් කෙටි විවරණයක් දීමට උත්සාහ කරමු. මාර්ගඵල ලැබීම සඳහා කල යුතු එකම කාර්ය වන්නේ පංච උපාදන්ස්ඛන්දය පිලිබඳ ත්‍රිලක්ෂණයට අනුව මෙනෙහි කිරීමයි. සිත වර්තමානයේ පිහිටුවාගෙන තමාගේ සිතට එන සෑම සිතුවිල්ලක්ම පිළිබඳව සිහිය පවත්වා ගැනීමයි. සිහිය පවත්වාගෙන එම සිතුවිලි ත්‍රිලක්ෂණයට අනුව මෙනෙහි කිරීමයි. එනම් යෝනිසෝ මනසිකාරයයි. එවිට මෙම වාක්‍ය ඛණ්ඩයේ එන "අත්ත " ස්වාභාවය එනම් මම මගේ මට අයිති යනුවෙන් නිරන්තරයෙන් අල්ලාගෙන හෝ ගැටෙමින් සිටින්නේ පංච උපාදානස්ඛණ්දයයි. මෙම අත්ත ස්වාභාවයෙන් මිදී කුසල් වැඩිය යුතු ආකාරය කරණීය මෙත්ත සුත්‍රය පුරාවට විස්තර වේ. 

පටිභාන හෙවත් පටිසංභිදා: රාග දේවේශ මෝහ යන බැමි නිසා නිසා සසර ගමන දිගුකරගන්නා ආකාරය විස්තර කිරීම පටිසන්භිදා ලෙස ගැනේ. 

කුසල් වැඩිය යුත්තේ කර්මය ඛය කිරීම සඳහායි. කුසල් වැඩිය යුත්තේ සිත පිරිසිදු කිරීමෙනි. සිත පිරිසිදු කරන්නේ රාග ද්වේශ මෝහ වර්තමාන අවස්ථාවේම ඉවත් කිරීමෙනි. ඒ සඳහා කල යුත්තේ ත්‍රිලක්ෂණයට අනුව අත්ත ස්වාභාවෙන් ඈත්වීමයි. එනම් මම, මගේ මට අයිති ලෙස සියලුදේ එනම් පංච උපාදානස්කන්ධය ගැනීම නිසයි කර්මය හට ගන්නේ. පංච සීලය හෝ අනෙකුත් ඕනෑම සීලයක් සිත පිරිසිදු කිරීමට ආධාරයක් වනවා මිසෙක සිත පිරිසිදු කල යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන්ම පමණි. එනම් තම සිතට එන සෑම සිතුවිල්ලක් පිළිබඳවම අවධානයෙන් සිට එම සිතුවිලි රාග ද්වේශ මෝහ වශයෙන් හඳුනාගෙන එයින් මිදීමයි. මෙම මිදෙන ක්‍රමය පබ්බ එනම් ක්‍රම 21 කින් දේශනා කර ඇත්තේ සතර සතිපට්ඨාන සුත්රයෙයි. උදාහරණයක් ලෙස කැලේ හෝ බාහිර පරිසරයේ ඉන්න සතුනට මෛත්‍රිය පැතිරීමෙන් නිවන් අවභෝද නොවේ. මෛත්‍රිය තියෙන්නේ පැතිරීමට නොව තමා තුල වැඩීමටයි. කරුණාව දයාව හා මුදිතාව තවෙකුට පැතිරිය හැකි වන අතර මෛත්‍රිය යනු තමා තුලට වැඩිය යුතු භාවනාවකි. එසේ කිරීමෙන් රාගයේ ද්වේශයේ මෝහයේ බැමි බිඳ හෙලා නිර්වාණය මේ භාවයේදීම ලැබිය හැකිවේ. අපේ බෞද්ධයා මෛත්‍රීය බාහිරයට පැතිරවීමට ගොස් මෛත්‍රී වැඩීමෙන් ලැබිය හැකි නිවන පමා කරගෙන සිටී. පටිසංභිදා ලෙස ධර්ම විවරණය කෙටියෙන් විවරණය කල අතර එය තේරුම් ගැනීමට උත්සාහ ගන්න. තවද එය කෙසේ කල හැකිද යන්න කරණීයමත්ත සුත්‍රය පුරාවට විස්තර වේ. මෙම සුත්‍රයේ මූලික හරය මීළඟට විස්තර කෙරේ.
----------------------------------------------------------------
මස් කැබැල්ලකට මෛත්‍රී කිරීමට තරම් අද ලාංකේය බෞද්ධයා බංකොලොත් වී හමාරය... ලොව ඉපදුන ඕනෑම සත්වයෙක් මරණයට පත්වේ. එය සිදුවන්නේ කර්මානුරූපීවයි. එක්කෝ ස්වාභාවිකව මරණයට පත්වේ. නැතිනම් පෙර කර්මයකට අනුව තෙවෙකෙක් විසින් මරනු ලබයි. කර්ම ඵල විශ්වාස කරන බෞද්ධයා එය දනී. පවත්ත මාන්සයේ සතෙකු නොදකී. කර්ම ඵල විශ්වාස නොකරන්නේ නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ඨියට වැටේ. කිසිඳු ආකාරයකින් නිවන් මගට නොපැමිණේ. බෞද්ධයා කිසිඳු විටෙක සතුන් නොමරයි. නමුත් සතෙකු මැරෙන්නේ කර්මානුරූපීව බව හොඳින් දනී."චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි - කර්මය නම් චේතනාවමයි" බුද්ධ වචනය නිරතරයෙන්ම සිත තුල රඳවා ගනී. තමාගේ චේතනාවකින් තොරව කවුරුන් හෝ විසින් මරණ ලද සතෙකුගේ පවත්ත මාංසය අනුභව කිරීමෙන් කිසිඳු පාපයක් නොවන බව දනී. ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලේ ඇත්තේ ආපෝ තේජෝ වායෝ, පඨවි එනම් ඝන, ද්‍රව, උෂ්ණ හා වායු ස්වාභාවයක් පමණක්ම බව දනී. අල ගෙඩියකත් ඇත්තේ එම සතර මහා ධාතුම බව දනී.  තවද නිර්මල බෞද්ධයා පවින් මුළුමුනින්ම වැළකෙන අතර පිනෙහි අන්තගාමීව නොඇලේ. මේ දෙකම නිවනට බාදාවක් බව දනී. සිත යෝනිසෝමනසිකාරයේ පවත්වා ගනිමින් කුසල් වඩයි. එනම් සිතට එන සෑම සිතුවිල්ලක් දෙසම අවධානය යොමු කරමින්ම සිටී. අකුසල් සිත් බැහැර කරයි. කුසල් සිත් වඩයි. 
----------------------------------------------------------------     
බොහෝ ධර්ම කථිකයින් කරණීය මෙත්ත සුත්‍රයේ සම්පූර්ණ හරයම ගෙනහැර දක්වන ප්‍රබලම වාක්‍ය කොටස වන "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා" යන්න සියලු සත්වයෝ සුවපත්වෙත්වා ලෙස ගෙනහැර දක්වයි. මේ අයුරින් "භවන්තු" යන වචනය මගහැර මෛත්‍රී වැඩීම සඳහා භාවිතා කරන ප්‍රධානම වාක්‍ය යොදා ගැනීම බොහොවිට දක්නට ලැබේ.
 "භවන්තු" යන පාලි වචනයේ මාඝධි නිරුක්තිය මුලින් සොයා ගත යුතුය. "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා" භවන්තු යන වචනය අතහැර දැමූ විට මෛත්‍රියට අර්ථයක් නැත. භවන්තු යනු භව + අන්ත යනුයි. සියලු සත්වයින් සුවපත් වන්නේ භවය අන්ත හෙවත් අවසන් කිරීමෙනුයි. මෙම භවය අන්තකල යුතු සත්වයින් අප ඇසුරුකොටගෙන අපේ කය ඇසුරුකොට ගෙන සිටින සත්ව කොටසයි. එසේ නොමැතිව අවට පරිසරයේ කැලේ ඉන්න සතුන් නොවේ. බුදුන් වහන්සේ විස්තර කරන මෙම සත්වයා කවරෙක්ද යන්න තේරුම් ගැනීම සඳහා කරණීය මෙත්ත සුත්‍රය ගැඹුරින් අවභෝද කොට ගත යුතය.
අත්ථ බවෙන් මිදීම සඳහා කලයුතු කුසලයනම් සියලු සත්වයින්ගේ භවය අන්ත කොට එනම් එම සත්වයන්ගේ භවය අවසන් කොට උන් සුවපත් කිරීමෙන් තමාගේ භවය නැවත හටගැනීමේ වැළකීමේ ක්‍රම වේදයයි. එනම් "සබ්බේ සත්ත භවන්තු සුඛිතත්තා" වේ. තාමගේ බාහිරයේ ඉන්න බල්ලෝ පුසෝ වැනි සතුන්ගේ භවය අන්ත කිරීමට අපට හැකිද?, එසේ කිරීමෙන් අපට නිවන් මගට එළඹිය හැකිද? ප්‍රශ්නාර්ථයකි. එය තේරුම් ගත යුතුයි. බුදුන්වහසේගේ ධර්මය නිවන් මගට අවතීර්ණ වීමට නම් තාමා තුලින් තම සිත තුලින් නිවන සොයාගත යුතුය. එසේනම් මෙම භාවය අන්ත කල යුතු සතුන් කවරෙක්දැයි කරණීය මත්ත සූත්‍රය ඇසුරින් ගැඹුරින් සෙවිය යුතුය. 
මෙම සියලු සවයින්  "තසා වා ථාවරා වා අනවසෙසා, දීඝා වා යෙ මහන්තා වා, මජ්ඣිමා රස්සඛාණුකථූලා, දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා, යෙච දූරෙ වසන්ති අවිදූරෙ, භූතා වා සම්භවෙසීවා" ලෙස කරණීය මත්ත සූත්‍රයේ විස්තර කරයි. නිවන් මගට එළඹීමට නම් බඹයක් තරම් වූ තම ශරීරය තුලින් ලෝකය දැකිය යුතු බව බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. බෞද්ධයා සතුන්ට කරුණාව දැක්විය යුතුය. නමුත් සතුන්ට විමුතිය සොයා දීමට පෙර තමා විමුක්ති මාර්ඝය සොයා ගත යුතු බවයි නිර්මල බෞද්ධ ඉගැන්වීම. එබැවින් නිවන් මගට අවතීර්ණ වීමට නම් තමා තුලවූ මෙම ලෝකය එනම් පංච උපාදානස්ඛාන්දය අනිච්ච දුක්ක අනත්ත දැකීම, එනම් ත්‍රිලක්ෂණයට අනුව ගැලපීමයි කලයුතු. 
ඉහත කී සතුන්ගේ භවය අන්ත කලයුතුනම් මෙම සතුන් තමන් ඇසුරුකොට ගෙන තමාගේ ශරීරය ඇසුරුකොට ගෙන සිටිය යුතුය. බහිරයේ ඉන්නා සතුන්ගේ භාවය අන්ත කිරීමට තමාගේ සිත බෙහයවීමෙන් නොහැකිය.  එබැවින් කව්ද මේ තමන්ස අසුරුකොටගත් සත්තු  ...?? එය කෙසේ සිදුවෙන්නේද?...කෙසේ සිදුකල හැකිද?.... මෙතැනයි අප ගැඹුරින් තේරුම් ගත යුතු... 
අභිධර්මයේදී බුදු රජාණන් වහන්සේ ජීවිත රූපය යනුවෙන් විස්තර කරන්නේ මෙම රූප කොටසයි. 
රාගය දෙවේශය හෝ මෝහය නිසා චිත්ත වීථි තුල භවය සකස් කරයි. භවය සකස්කළ විට ජාති වේ. එනම් නැවත උප්පතියක් සඳහා කළලය සකස් කරයි. එම කළලයට පරම්පරාවෙන් හා සසර පුරාවට ගෙනෙන ගති ලක්ෂණ රැගෙන යන්නේ මේ ජීවිත රූපය කියන ඉතා කුඩාම ශුද්ධ අශ්ඨක කොටසයි. උදාහරණ ලෙස ඔබට ඔබේ පියාගේ ගති ලක්ෂණ ඔබට පිහිටයි. සීයාගේ ගති ලක්ෂණ ඔබට පිහිටයි. පරම්පාරාවේ සිටි සෑම කෙනෙකුගේම ගති ලක්ෂණ නිහීන හා ප්‍රමුඛ වශයෙන් එනම් අඩු හා වැඩි වශයෙන් පිහිටයි. මේ අනුව ඔබ පරම්පරාවේ සියලු මනුස්ස වර්ගයා සතුව තිබූ ජීවිත රූප ඔබ සතුව තිබේ. එනම් පරම්පරාවට අයත් සියලු දෙනා ඔබ ඇසුරුකොටගෙන පවතී. එසේ පවතින්නේ ඔවුන් තුල තිබූ තන්හාව නිසයි. මෙන්න මේ ජීවිත රූප වලට අදාළ තම පරම්පරාවේ මනුස්ස වර්ගයා වෙත මෛත්‍රී වැඩිය යුතුය. ඔවුන්ගේ ජීවිත රූප නැවත සකස් කිරීම නවතියි. සසර පුරාවටද ඔබ විවිද සතුන් ලෙස උපත ලබා ඇත. තමාට නෑයෙකු නොවෙන කිසිඳු සත්වයෙකු මිහ්පිට නැත. මේ සියලු සත්වයින්ගේ ජීවිත රූප පෙර අයුරින්ම ඔබගේ කය ඇසුරුකොටගෙන සිටී. ඔවුන්ගේ ආශාව නිසා ඇතිවන ගති ලක්ෂණ ඔබට පහලවේ. මෙන්න මේ ගති ලක්ෂණ ඇති කරන ජීවිත රූප වලට අදාළ භවයන් අන්ත කල යුතුය. එම ජීවිත රූප වලට අදාළ රාග ද්වේශ මෝහ නැති වන ලෙස මෛත්‍රී වැඩිය යුතුය. මෙසේ තමා ඇසුරුකොට ගෙන සිටින සියලුම සත්ව රූප කොටස්ව වල භවය අන්ත වන ලෙස තමා තුලට මෛත්‍රිය වැඩීමෙන් එම රූප කොටස් වල භවය අන්ත කිරීම නිසා එම රූප කොටස් නැවත භවයක් සකස් නොකරයි. මෙම රූප කොටස් සියල්ල භාවය අන්ත කල විට නැවත ජාති වීමක් නොවේ. එනම් නැවත කයක් සෑදීම සිදු නොවේ. මෙයයි නිවන. කරණීයමත්ත සුත්‍රය මේ අයුරින් සංක්ෂිප්තව විවරණය කලහැකිය.