විද්‍යාව අනුව ආහාර විවධ වර්ග රාශියකට වෙනකොට තිබුනද බුදුදහම අනුව ශරීරයේ පැවැත්ම සඳහා ශුද්ධ අෂ්ඨක නිපදවිය හැකි ශක්තීන් වර්ග හතරක්ම පමණක් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ශක්තිය යන්න බුදුදහමේ විස්තර වන්නේ "වේග" යන මාඝධි වචනයෙනි.
එම "වේග" හෙවත් ශක්තීන් හතර නම්
එම "වේග" හෙවත් ශක්තීන් හතර නම්
- කාබලිංක ආහාර ශක්තිය
- චිත්තජ ශක්තිය
- කර්මජ ශක්තිය
- තේජෝ ශක්තිය යනුවෙනුයි.
කාබලිංක ආහාරය යනු එදිනෙදා අප උයා පිහාගෙන කන ආහාරයයි. ඉන් ලැබෙන ශක්තියෙන් ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය ශුද්ධ අෂ්ඨක නිපදවිය හැකිය. ඒවා ප්‍රෝටීන්, පිෂ්ඨ, මේධ, ලවන හා විටමින වශයෙන් බුදුදහමේ වෙනකොට නැත. මාංස හා ශාක ආහාර වශයෙන්ද වෙනකොට නැත. බුදුදහමට අනුව ශරීරය තුල හෝ මේ විශ්වය තුල මූලද්‍රව්‍ය කියා දෙයක් නොමැත. ඇති එකම දේ අපෝ,තේජෝ,වායෝ, පඨවි, වර්ණ, ඝන්ධ, රස හා ඕජා ලෙස ස්වාභාවයන් 8ක් පමණි. මේවා ශුද්ධ අෂ්ඨක ලෙස හැඳින්වේ. ඒවා ඇතිවේ. නැතිවේ. ඇතිවීම හා නැතිවීම ඉතාම වේගවත් නිසා පවතිනවායයි පෙනේ. ඒවා සංයෝග වන සංයුතිය මත සියලු පෝෂ්‍ය කොටස් ශරීරය තුල නිපදවේ. කාබලිංක ආහාරයට මෙම ශුද්ධ අෂ්ඨක නිපදවිය හැක. එය අප දන්නා විද්‍යාවට හසුවේ. නමුත් චිත්ත, කර්ම හා උෂ්ණත්ව ශක්තීන්ට ආහාර නිපදවිය හැකි බව බුදු දහම මීට වසර 2600 කට පෙර ගෙනහැර දැක්වූ මේ පැහැදිලි කිරීම පිලිබඳ අද ක්වන්ටම් භෞතික විද්‍යාව ලඟා වෙමින් සිටී.
චිත්ත යනු සිතයි. කර්මජ යනු කර්මයයි. තේජෝ යනු උණුසුමයි. චිත්ත ශක්තියට, කර්ම ශක්තියට හා උණුසුමට ශරීරය පවත්වාගැනීමට ආහාර සකස්කර ගත හැකිය. කාබලිංක ආහාරයේ ඇත්තේ ස්වභාවයන් අටක් පමණක්ම නිසා ශරීරයට අවශ්‍ය සියලු මූල ද්‍රව්‍ය ඒ ඒ ස්වාභාවයන් අට නිසි අනුපාතයන්ගෙන් සංකලනය වී ශරීරයට අවශ්‍ය මූලද්‍රව්‍ය නිර්මාණය කර ගනී.
සසර පුරාවට කර්ම චිත්ත හා තේජෝ ශක්තිය වැඩු යමෙකුට ප්‍රෝටීන, ලිපිඩ, ලවන,පිෂ්ඨ, විටමින ලෙස වෙන් වෙන් කොට ආහාර නොගත්තද අවශ්‍ය ආහාර සංඝටක ශරීරය තුල බිහි කර ගැනීමට හැකියාව ඇත. එබැවින් චිත්ත ශක්තිය හා කර්මශක්තිය වැඩි අයෙකුට මොන ආහාරය ගත්තද නිරෝගීව බොහෝ කල් ජීවත් විය හැකිය. එසේ චිත්ත හා කර්ම ශක්තිය නොමැති කෙනෙක් තමාගේ සසර පුරුද්ද පදනම් කොට ගෙන ආහාර ලබාගත යුතුය.
එබැවින් යමෙකුට නිරෝගී වෙන්න ශක්තිමත් වෙන්න මස් කන්නම ඕනෙත් නැහැ. නොකන්නම ඔනෙත් නැහැ. එය සාපේක්ෂයි. එබැවින් බුදු රජාණන් වහන්සේ "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කැමති කෙනෙක් කන්න, අකමැති කෙනෙක් නොකන්න. ජීවක සුත්‍රය" ලෙස ප්‍රකාශ කල සේක.
බුදු දහමට අනුව අපේ කය නිර්මාණය වෙලා තියෙන්නේ රූප වලින්. ඒකියන්නේ නාම රූප කියන කොටස් දෙකේ රූප කොටසින්. ඒ රූප වල විශේෂ කොටසක් තියෙනවා සසරපුරාවට ඔබ ඉපදී සිටි අපා, දෙපා, සිව්පා, බහුපා, කියන සියලු සත්ව කොටස් වල ගති පුරුදු ආත්මයෙන් ආත්මයට ගෙනයන "ජීවිත රූප" කියල. මේ ජීව්ත රූප පරම්පරාවෙනුන් ලැබෙනවා. සසර පුරාවට හා පරම්පරාවෙන්ම මස් නොකා පුරුදු වූ කෙනෙකුගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ජීවිත රූප වලින් වැඩි කොටසක් (එනම් ප්‍රමුක වූ ජාන) සකස් වෙලා තියෙන්නේ මස් කන්නේ නැතිව හිටියට ලෙඩ දුක් හැදෙන්න නැතුව ඉන්න පුලුවන් විදියට. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් නිර්මාංශ වෘතය පෙර අත්ම ගණනාවකදී පුරුදු පුහුණු කරපු යෝගියෙක් කියල. එවිට ඔහුගේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ මස් අවශ්‍ය නොවන ජීවිත රූප(ජාන) . එවිට ඔහුට මේ ආත්මයේදී මස් අවශ්‍ය නැහැ. නමුත් ඔහු පෙර ආත්මවලදී හොඳට මස් කාපු සාමාන්‍ය පුද්ගලයෙක් නම් මේ ආත්මයේදී ඔහුගේ ජාන වලට එනම් ජීවිත රූප පෝෂණය කරන්න මස් ඕනේ. ඔහුගේ මස් අවශ්‍ය නොවෙන ජීවිත රූප දුර්වලයි. ඒ කියන්නේ එම ජාන නිලීන වෙලා එනම් ක්‍රියාකාරිත්වය යටපත් වෙලා තියෙන්නේ. එවිට ඔබ මස් නොකා හිටියොත් එම වැඩිවශයෙන් තියෙන මස් වලින් පෝෂණය වන ජීවිත රූප දුර්වල වෙලා ලෙඩ වෙනවා. මේ ගැන ඔබ හොඳට අභිධර්මය අද්‍යනය කලොත් ඉගෙන ගන්න පුළුවන්. එකයි බුදුන් වහ්සේ දේශනා කලේ ඔබට මස් කන්න ඕනේ කියලා හිතෙනවනම් කන්න. නැතිනම් නොකා ඉන්න කියල. අන්තවාදී වෙන්න එපා කියල. ඒ කියන්නේ අවශ්‍ය වුන ඕනෑම මොහොතකදී නැවත කන්න මනස හැඩ ගැහෙන්න ඕනේ. හැබැයි ඔබ හිතන්නේ අපේ අතරේ ඉන්න වැඩි දෙනා පෙර අත්භාවයන් වල මස් කාපු අයද? නොකාපු අයද? සෘශි වරු යෝගීවරු වගේ අයද ලංකාවේ වැඩිපුර ඇත්තේ? මස් මාළු කාපු අයද?. ඉන්දියාවේ හින්දූන් අතර නම් පෙර ආත්මවල මස් නොකාපු අය වැඩිපුර ඉන්න පුළුවන්. යුරෝපයේ පෙර අත්භාවවල මස් කාපු අය වැඩි වෙන්න පුළුවන්. මේ කතාව පරම්පරාවටත් ගලපලා බලන්න ඕනේ. මොකද ඔබට පරම්පාරාවෙනුන්ත් ජාන හෙවත් ජීවිත රූප ඔබට එන නිසා. පෙර ආත්ම වල මස් නොකාපු අය මස් කෑවොත් පිළිකා වැනි රෝග හැදෙන්න පුළුවන්. ඒවගේම පෙර ආත්මවල හා පරම්පරාවේ මස් කාපු අය නොකා හිටියොත් පිළිකාව විතරක් නෙවෙයි හෙම්බිරිස්සාවේ ඉඳන් ඔක්කොම ලෙඩ හැදෙන්න පුළුවන්.
මෙවැනි සරල පැහැදිලි කිරීමක් බුදු දහම තුල අන්තර්ගතව තිබියෙදී යමෙක් නිර්මාන්ස වෘතය රැකීමට බෞද්ධයා පොලම්බවයි නම් එය වරදකි. සෑම දෙනාම මස් ආහාරය කොට ගත යුතු යයි පොළඹවන්නේ නම් එයද වරදකි. මේ අන්ත දෙකම මිත්‍යාදෘෂ්ඨියකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ යමෙකුගේ කීම අසා මස් මාළු නොකා සිටීම හෝ කෑම වරදක් නැත.
නමුත් යම් කාලයක් එසේ කරනවිට ඔබට කායික අපහසුතා දැනුන හොත් වහාම එම ප්‍රතිපත්තිය වෙනස් කරන්න. මෙම වෙනස දැනෙන්නේ ක්ෂණිකව නොවේ. දීර්ඝ කාලීනවයි. උදාහරණ ලෙස ඔබ නිර්මාංස වූවා යයි සිතන්න. ටික කාලයක් යනවිට ඔබට වැඩ කිරීමට කම්මැලි බවක් ඇතිවේනම්. නිතර නිතර හෙම්බිරිස්සාව, ඇදුම හා උනට ගොදුරු වේනම්. අතපය වේදනා ඇතිවේනම්. දත් අතර පරතරය වැඩිවී ඉදිරියට නෙරා යයිනම්. කොණ්ඩය යන්න පටන්ගනීනම්. බෙල්ලේ තෛරොයිඩ් ග්‍රන්ථි ඉදිමේනම්. ප්‍රෙෂර්, කොලොස්ටරෝල්, දියවැඩියාව ඇතිවේනම්. ලිංගික ආශාව හැකියාව අඩුවේනම්. ලිංගික ශක්තිය දුර්වල බව දැනේනම්. ප්‍රාණවත් වීම අඩුනම්. දරුවන් හැදීම අපහසු වේනම්. කරන දේ ඔහේ කරනවා මිස අලුතෙන් දේවල් කිරීමට ආශාවක් ඇති නොවේනම්. ආහාර අරුචිය ගැස්ට්‍රයිටිස් හා අසාත්මිකතා ඇතිවේනම්. අර්සස් ඇතිවේනම්.
ඉහතකී ඕනෙම රෝග ලක්ෂණ පහල වේ නම් නැවතත් මාංස අනුභව කොට වෙනසක් ඇතිවේදැයි මුලින්ම බලන්න. එවැනි රෝග ලක්ෂණ මතුවූ වහාම දොස්තරවරු පසුපස නොයන්න.
ඉහත කී සියලුම රෝගවලට බොහෝවිට මූලික හේතුව වැරදි ආහාර රටාවයි. මාංස අනුභවය පටන්ගත් විගසම මේ වෙනස එක්වර නොදැනේ. එසේ ක්ෂණික වෙනසක් දැකීමට අවශ්‍ය නම් යකඩ අධික ගව පීකුදු ග්‍රෑම් 150කට නොඅඩුව දින කිහියපයක් එක දිගට සතියක් පමණ ගෙන බලන්න. එයින් ඔබේ රෝග ලක්ෂණ පහව යයි නම් නිවැරදි ප්‍රමාන වලින් මාංස අනුභව කරන රටාවක් ඔබම නිර්මාණය කරගන්න.
ඒ අයුරින් ඔබ විසින් ඔබේ ශරීරය ඉල්ලන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට උත්සාහ කරන්න. පවත්ත මාංසය අනුභාවයෙන් කිසිඳු අකුසලයක් නොවේ.ප්‍රාණය නිරුද්ධ වූ මස් තුල සතකු නොදකින්න. පහත සබැඳිය කියවන්න.
මස්මාංස ප්‍රශ්න පිලිබඳ වැඩිදුර අද්‍යනය කරන අයෙකුට සුදුසු ලෙස ලියන ලද ත්‍රිපිටකයෙහි අද්‍යනය කලයුතු සියලු කොටස් මොනවාද යන්න එක් කොට ලියන ලද කෙටි සටහනක් මෙහි උපුටා දක්වමු.
ඉහතකී ඕනෙම රෝග ලක්ෂණ පහල වේ නම් නැවතත් මාංස අනුභව කොට වෙනසක් ඇතිවේදැයි මුලින්ම බලන්න. එවැනි රෝග ලක්ෂණ මතුවූ වහාම දොස්තරවරු පසුපස නොයන්න.
ඉහත කී සියලුම රෝගවලට බොහෝවිට මූලික හේතුව වැරදි ආහාර රටාවයි. මාංස අනුභවය පටන්ගත් විගසම මේ වෙනස එක්වර නොදැනේ. එසේ ක්ෂණික වෙනසක් දැකීමට අවශ්‍ය නම් යකඩ අධික ගව පීකුදු ග්‍රෑම් 150කට නොඅඩුව දින කිහියපයක් එක දිගට සතියක් පමණ ගෙන බලන්න. එයින් ඔබේ රෝග ලක්ෂණ පහව යයි නම් නිවැරදි ප්‍රමාන වලින් මාංස අනුභව කරන රටාවක් ඔබම නිර්මාණය කරගන්න.
ඒ අයුරින් ඔබ විසින් ඔබේ ශරීරය ඉල්ලන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට උත්සාහ කරන්න. පවත්ත මාංසය අනුභාවයෙන් කිසිඳු අකුසලයක් නොවේ.ප්‍රාණය නිරුද්ධ වූ මස් තුල සතකු නොදකින්න. පහත සබැඳිය කියවන්න.
මස්මාංස ප්‍රශ්න පිලිබඳ වැඩිදුර අද්‍යනය කරන අයෙකුට සුදුසු ලෙස ලියන ලද ත්‍රිපිටකයෙහි අද්‍යනය කලයුතු සියලු කොටස් මොනවාද යන්න එක් කොට ලියන ලද කෙටි සටහනක් මෙහි උපුටා දක්වමු.
Fully enlightened people do not take even කාබලිංක ආහාර meant by Buddha. How can it be
ReplyDeleteWhat is meant by කාබලිංක ආහාර in Thripitaka is not tangible foods but rather mental {Vignana) abilities to fabricate අපෝ,තේජෝ,වායෝ, පඨවි, to form 6 faculties to experience external world.(Refer Ahara Sutra). This process takes-place in our mentally created Ashwada Loka because of 3 qualities we inherited namely Raga, Dwesha and Moha.
Six faculties thus formed use quality called Contact (Passa) of already inherited Vipaka Kaya, as a food to form නාම රූප. In the case of Non alighten people, this නාම රූප gets distorted because of Raga, Dwesha and Moha. As a result Snaskara are formed which is not really exists. This mentally fabricated Sankara is called Abisankatha Sankara (Sanchethana). After that, process continue using Mano Sanchethana as foods, result in appropriates character or Bava to suit the initial Raga, Dwesha, Moha levels. According to the particular Bavas, we create (Jathi) our own mental pleasing worldly features such as home, cars, properties both living and materials. Because of not knowing this process known as Pati=ichcha-Samuppada, we expect this mental process satisfies our desired expectations. This expectation is called Nichcha feeling. However, the reality is the opposite or An-ichcha. This Ichcha expectation is like chasing a mirage for water. It is in fact mental sickness. One should get scared of a sickness. This scary nature of not knowing Anichcha is called Dukka. Chasing a mirage has no meaning. This quality of our misunderstanding is called Anatta.
In my view, the main reason behind the difficulty of understanding Buddhist message is the misinterpretation given to Anichcha as Anitya (Impermanency). Anitya is a quality any lay person can understand. On the other hand Anichcha is an experience which could be comprehended only in a form of wisdom. It is a Sangna. Real meaning of Anichcha is the feeling expressed by our ancestors as “Ane Anichche” when they get disappointed over a worldly issue.