“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස
එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං,
තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති
තං පටියෝදාපෙත්වා
සාධුකං පචාපෙත්වාති අත්ථො”
‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?
පිළිතුර: “සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ.
මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි.
බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක දැක්විය නො හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.
ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ.
“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස”. (බෞද්ධ ශබ්ද කෝෂය - 1644 වැනි පිටුව)
ත්‍රිපිටකයේ, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ කොටසද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කැමති තාක් භෝග නගරයෙහි විසු භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, පාවා නුවරට යමු’ යි, බොහෝ භික්ෂුණ් සමග පාවා නුවරට වැඩ චුන්දකර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වසන සේක. ‘භාග්‍යවතුන් වහන්සේ තම අඹ උයනෙහි වසති’ යි අසා චුන්දකර්මාර පුත්‍ර බුදුරදුන් වෙත ගොස් වැඳ පසෙක හිඳගත්තේය. උන්වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද සතුටු කර වුහ. සතුටට පත් චුන්ද භික්ෂුසංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට පසු දින දානය සඳහා ආරාධනා කළේය. උන්වහන්සේ නිහඬව එය පිළිගත් සේක. චුන්ද ඒ බව දැන වැඳ පැදකුණු කොට ගියේය. රෑ ගත වූ පසු චුන්ද සිය නිවසෙහි බොහෝ සුකරමද්දවත් ප්‍රණීත ආහාර පානත් පිළියෙල කරවා කල් දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර වූ සිවුරු පාසිවුරු ගෙන චුන්දකර්මාර පුත්‍රගේ ගෙට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන් සේක.
භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබ පිළියෙල කළ සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිළියෙළ කල අනිත් කෑම් බීම් වලින් භික්ෂු සංඝයා වළඳ වන්න’
‘එහෙමයි, ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර ඒ අන්දමින් වැළඳ වීය.
භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි’.
එය පිළි ගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී සිටි සේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය. මාරාන්තික දරුණු වේදනා පවතී. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් පීඩා නොගෙන ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, කුසිනාරාවට යමු’ යි වදාළහ. ‘එසේය, ස්වාමීනි’ යි ආනන්ද තෙර පිළිතුරු දුන්නේය.

No comments:
Post a Comment