සමහර අය සුදු පිරැවට ඇදලා රැපවාහිනියට ඇවිත් සාකච්ඡා පවත්වනවා බුදු රජාණන්වහන්සේගේ දර්ශනය විකෘති කරලා. අප ආහාරයට ගන්නා දේවල් වලින් පව් පින් ඇති වෙන බවත් මස් කන අය පෙර ආත්මයේ පෙරේතයෝ ,වනසත්තු සතුන් මරාගෙන කෑ අය බව කියනවා. සමහර චිවරධරයින්ද එවැනි අදහස් දක්වනවා.
බුදු රජාණන්වහන්සේ මස් අනුභව කල බව අපි කවුරුත් දන්නවා. ආහාර වලින් වර්ග හතරක් අභිධර්මයට අනුව තිබෙනවා.
මෙයින් කබලිංකාහාරය පමණයි දකින්න පුලුවන්. කබලිංකාහාරය යනු අනුභව කරන ආහාර වල ඕජාවයි. එයින් ශරිරයේ ආහාරජ රෑප ඇති කරන බවයි අභිධර්මයේ සදහන් වෙන්නේ.
එය මස් නම් එම මස් ලබාගත් සතා කවරකු විසින් හෝ මරණ අවස්ථාවෙදි සතාට ඇතිවන ද්වේශය රැධිරයට එකතු වි මස් වලට විෂ ඇති වන බව සමහර චීවර ධරයින් පවසනවා. එය අභිධර්මයට අනුව විය නොහැකියි.
කබලිංකාහාරයට ඇතුල් වන්නේ පථවි ,ආපෝ,තේජෝ, වායෝ යන මහා භුත හතරත්, වර්ණය ගන්ධය රස , ඕජාව යන පදාර්ථ හතරින් සමන්විත අවිනිබ්භෝග රූප අට පමනයි. මෙම අවිනිබ්භෝග රැප අට සහ ආකාශ ධාතුව යන මේ රැප නවය ප්‍රත්‍ය සතරෙන්ම හට ගන්නවා. කෑම් බීම් ආදියෙහි ඇත්තාවු ඕජා සඬ්ඛ්‍යාත ආහාරය ශරිරගතව ස්ථිතියට පැමිණි කල්හි එයින්ද රූප කොටසක් හට ගන්නවා. ඒවාට අහාර රෑපය යැයි කියනවා. ඕජාව යැයි කියනු ලබන ආහාර රෑපය ශරිරයේ ලේ මස් ආදියට අයත් සියලුම රැප කලාප වල තියනවා.
ආහාරජ රූප උපදවන්නේ පිටතින් ගත් ඕජාව, ශරිරයේම ඇති ඕජාව යන දෙවර්ගය එකතු විමෙන්. පිටතින් ගන්නා ඕජාවන් ශාරිරික ඕජාවේ උපකාරය නොලැබ රූප උපදවන්නට සමත් වෙන්නේ නැහැ.
පෙර සදහන් කල අවිනිබ්භෝග අට හෙවත් ශුද්ධාෂ්ඨක කලාප රසායනික විද්‍යාවේ සදහන් මුලද්‍රව්‍ය වලින් කාබන් හියිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් යන මුල ද්‍රව්‍ය විවිධ අනුපාත වලින් එකතු වි සැදෙනවා. මස් වල ඇති ප්‍රෝටින වන ඇමයිනෝ අම්ල , විටමින්, ඛනිජ ලවන, මේදය යන සියල්ල විද්‍යාවේ පදාර්ථ ලෙසත් බුදු දහමේ පථවි ආපෝ ,තේජෝ වායෝ යන පරමාර්ථ වලින් හදුන් වනවා.
මේ අනුව බුදු දර්ශනය අවබෝධ කරගත් ආර්යය පුද්ගලයා තමා මිනිසෙකු ලෙස නොව පංචස්කන්ධය ක් ලෙස සිතනවා. තමා ගන්නා හෝ ලබන ආහාරය පෙර සදහන් කල අවිනිබ්භෝග යන පරමාර්ථ වලින් සැදුන දෙයක් ලෙසට පමනයි සිතන්නේ. එම ආහාරය ප්‍රඥප්තියක් ලෙස හරකාගෙන් කුනිස්සා ගෙන් මාලුවාගෙන්, එලුවාගෙන් ලබාගත් මස් යන ප්‍රඥප්තිය ලෙස සිතන්නේ නැහැ.
ඉන්ද්‍රිය විසි දෙකකනින් (චක්ඛුන්ද්‍රිය සිට අඤ්ඤාතාවින්ද්‍රිය), ආයතන දොලහකින් (චක්ඛායතනය සිට ධම්මායතනය තෙක්), ධාතු දහඅටකින් (චක්කු ධාතුව සිට ධම්මධාතුව තෙක්) ඇති පරමාර්ථ සහ රෑපස්කන්ධය (රැප විසි අට), වේදනා ස්කන්ධය (වේදනා චෛතිසිකය), සංඥස්කන්ධය (සංඥා චෛතිසිකය), සංස්කාරස්කන්ධය (වේදනා සංඥා චෛතිසික දෙක හැර සෙසු චෛතිසික පනස) විඥානස්කන්ධය (චිත්තයන් අසු නමය) යන පරමාර්ථ ලෙස තමාව හදුන්වනවා.
මේ අනුව මස් නමැති ආහාර ප්‍රඥප්තිය නොසලකා මම යන ප්‍රඥප්තිය නොසලකා පදාර්ථ එක්විමක් පමණයි බුදු දර්ශනයට අනුව සිදුවන්නේ. උතුම් දර්ශනය අවබෝධ කර නොගත් අමන අය මමත්වය සපිරුනු ප්‍රඥප්තියක් මස් නමැති ප්‍රඥප්තිය ආහාරයට ගැනිම පිලිබදව තර්ක විතර්ක කරනවා.
සුදු ඇදගත් පමනින් මස් නොකැ පමනින් බුද්ධ දර්ශනයට අනුව කටයුතු කරන්න බැහැ. පන්සිල් කඩමින්, කුලමල සොයමින් (ගොත්ත මදය ජාති මදය), එක්දහස් පන්සිය දහයක් වන ක්ලේෂයන් කරමින් හැට දෙකක් වු මිත්‍යා දෘෂ්ටියන් වපුරමින් සිට මස් නොකැමෙන් ඇති ඵලය බුදු දහමට අනුව කෙතෙක් අනුකූලද යන්න සිතන්න
නලීන් ජේ එදිරිසිංහ

- කබලිංකාහාරය,
- ඵස්ස ආහාරය,
- මනෝසඤ්චේතනා ආහාරය,
- විඤ්ඤාණ ආහාරයයි.

No comments:
Post a Comment