පින හා පව දෙකම සසර දිගු කරනවා. බෝහෝ පින් කල විට දිව්‍ය ආත්මයන් ලබා ඒ කලාවූ සියලු පින් අවසන් වනතෙක් දිව්‍ය සැප සම්පත් ලබනවා. ඒ පින් අවසන් වන විට සමහර දෙවි වරුන්ට ඊළඟට කොහේද යන්නේ කියන එක දකින්නත් පුළුවන් වෙනවා. පින් සියල්ල අවසන් වූ විට සසර පුරා කරන ලද පව් ඉස්මතු වී යන අපාය පෙනෙන්න පටන් ගන්නවා.. මේක මනුස්සයෙක් ලෙස මියයනවාට වඩා දුකක් ලෙසයි දැක්වෙන්නේ. මේ අනුව පව් කලත් පින් කලත් අවසන් ප්‍රතිඵලය එකයි.... පිනක් කරන විට පින කිරීමට ඇති ආශාව නිසා එය චිත්ත සන්තානය තුල තැන්පත් වීම නිසයි එසේ සිදුවන්නේ. එවිට පින කියන්නෙත් රාගයෙන් අල්ලා ගැනීමක්. නමුත් කුසලය කියන්නේ තමා කරන ලද ඉතා විශාල පිනක් වුවත් චිත්ත සන්තානය තුල තැන්පත් කර නොගෙන තිරෝකුද්ද සුත්‍රයට අනුව එනම් "එත්තාවතාච අම්මෙහි" ගාථාවෙන් පින් නොමැති අයට අනුමෝදන් කොට එම පිනනිසා ඇතිවූ රාගයත් ඉවත් කරගන්න උත්සාහ දැරීම. මෙය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. රාගය මුලුමුනිම නැති වෙන්නේ අනාගාමි තත්වයේදී. ඉතින් පින කුසලයක් ලෙස සම්පූර්ණයෙන් ඉවත් කරන්න උත්සාහ දරුවට කමක් නැහැ. නමුත් එසේ සිදු නොවුනට ප්‍රශ්නයකුත් නැහැ. මොකද සෝතාපන්න වීමට එලෙස සෑම පිනක්ම කුසලයක් බවට පත් කිරීමිී අවශ්‍ය නැහැ. සෝතාපන්න වීමට අවශ්‍ය සීලබ්බත පරාමාස, විචිකිච්චා හා සක්කාය දිට්ඨියෙන් ඉවත් වීම පමණයි. එවිට නැවතත් අපායගාමි නොවන නිසා අපාදුක් විඳීමේ දුක නැතිවෙනවා. පින් කරන්න කුසලයට හරවන්න... නිවනම ප්‍රාර්ථනා කරන්න. ඊට මෙහා ඇති දේ ලැබේවි. ඒ ගැන නොසිතන්න...
No comments:
Post a Comment