Saturday, November 5, 2016

බුදු දහම ප්‍රාණ ඝාතයට ලගුකරන නිඝන්ටයින්ගේ බිහිදොර TNL නාලිකාව හා සාමනේර වහන්සේලා






බුදු රජාණන් වහන්සේ පන්සිල් ලෙස දේශනා කලේ කුරු ආගමේ සිට පැවතෙන පන්සිල් පද පහ නොවේ. ඊටද  නිවැරදි අර්ථකථනය ලබා දුන්හ.
නමුත් බුදු රජාණන් වහන්සේ ගේ පංච සීලය ලෙස ගැඹුරු දහමක් දේශනා කළහ. ඒ නම්


  1. ප්‍රහාන සීලය
  2. වේරමනී සීලය
  3. චේතනා සීලය
  4. සංවර සීලය හා
  5. අවිතික්කම සීලයයි.
මෙහි වේරමනී සීලය යනු පව් හතකින් හා අකුසල 3කින් වැළකීමේ සීලයයි. වැලකීම නිසා පවක් සිදු නොවේ. පිනක් හෝ කුසලයක්ද  සිදු නොවේ. එනම් වේරමනී සීලය බුදු දහමේ හරය වන පළමු නිර්වාණයේ එනම් සොතාපන්නයේ අංගයක් නොවන අතර සොතාපන්නයට සෘජු දායකත්වයක් නොදක්වයි. සොතාපන්න මගට කිසියම් සහයෝගයක් ඉන් ලැබේ. තවද ප්‍රාණ ඝාතය මෙහි එක සිල් පදයක් පමණි. අප යතාර්තවාදීව අවභෝධ කර ගත යුතු වන්නේ බෞද්ධයෙකු ලෙස නිවන් දැකීමට වේරමනී සීලය රැකීමෙන් පමණක් කිසිඳු ආකාරයකින් නොහැකි බවයි.
ප්‍රාණ ඝාතයක් තමා අතින් සිදු වුවද නිවන් දැකීමට එය බාදාවක් නොවන බවයි. මෙයින් කීමට උත්සාහ කරන්නේ ප්‍රාණඝාතය කිරීමට අනුබල දීම නොවේ. TNL බිහිදොරේ නිඝන්ටයින්  හා සාමන්ර  වහන්සේ නොකියන යතාතාර්ථය බෞද්ධයාට අවභෝධ කොට දීමයි. 


ප්‍රාණ ඝාතය කිරීම කොතරම් නිවනට බල නොපාන්නේද යන්න අංගුලිමාල තෙරුන්ගේ කතාවස්තුව දන්නා ඕනෑම කෙනෙකු දනී.   ආනන්තාරීය පාප කර්මය දක්වා එනම් තමාගේ අතින් මව හෝ පියා මරණයට පත් වුවද නිවන්  ලැබිය හැකිය. ඊට හොඳම උදාහරණය මුගලන් මහරතන් වහන්සේ ගේ කතා වස්තුවයි. උන්වහන්සේ අරිහත් වී නිවන් දකින්නේ තමා අතින් දෙමාපියන් මරණයට පත්වීම නිසා අවීචි මහා නරකයේ සිට පැමිණ මනු ලොව උපත ලැබීමෙන් අනතුරුවයි. මෙයින් උත්සාහ කරන්නේ ප්‍රාණ ඝාතයට අනුබල දීම නොවේ. මෙම NGO නිඝන්ට නඩය නිර්මල බුදු දහම ප්‍රාණ ඝාතයට ලගුකොට බුදු දහම යනු ප්‍රාණ ඝාතෙන් වැලකීම ලෙස හුවා දක්වා බෞද්ධයාගේ නිවන් මාර්ඝය වසා දමා බෞද්ධයා මස් කන නරක බෞද්ධයින් හා මස් නොකන හොඳ බෞද්ධයින් ලෙස දෙකඩ කරන NGO ක්‍රියාවලිය නවතා දැමීමයි. මස් මාංස ප්‍රධාන ආහාරය කොට ගත් අනෙකුත් ආගමිකයින් අතර අසමගිය වෛරය වැපිරීම තුලින් බුදුදහම පිරිහීම නතර කිරීමයි. බෞද්ධයින් යනු මස් මාළු නොකන ගිහි ජීවිතයේ කිසිඳු වින්දනයක් නොලැබිය හැකි බමුණන් කොටසක් ලෙස තරුණ පරපුරට දැක්වීම නිසා ටිකෙන් ටික බුදු දහමෙන් තරුණ තරුණයින් ඈත්වීමෙන් වැලකීමයි. මස් මාළු කන සියලු  දෙනා බුදුදහමෙන් ඈත්වීම වැළැක්වීමයි. මස්මාලු කන සියලු බෞද්ධ අබෞද්ධ සියලු දෙනා බුදු දහම වෙත ආකර්ශනය කරගැනීමයි. බුදු දහමින් ඈත්වීම වැලකීමයි. 

බිහිදොරට පැමිණි සමිත නම් වූ  මෙම සාමනේර වාහන්සේ අනෙකුත් සියලු ආගම් යාග හෝම ඇදහිලි පමණක් ඇති මනස සමග කිසිඳු ගනුදෙනුවක් නැති ඇදහිලි ලෙස පහත් කොට දක්වයි. ඔවුන් හා බෞද්ධයින් අතට වෛරය වපුරයි. නමුත් එය එසේ නොවේ. බුදු රජානන් වහන්සේ පහලවීමටත් පෙර සිට සිත දියුණු කරන ලද ශාස්ත්රූන් සිටි ආගම් කොතෙකුත් තිබුණි. අසිත තවුසා පවා එවැන්නෙකි. සිත දියුණු කොට ධ්‍යාන ලැබීමට බුදු දහම අවශ්‍ය නැත. අදටත් සිත් දියුණු කිරීමෙන් චේතෝ විමුක්තිය ලබා දෙන ආගම් අතිශය බහුතරයක් ඇත. හින්දු කතෝලික ආගම් එවැනි ප්‍රධාන ආගම්වේ. 

බිහිදොරට මෙතෙක් පැමිණි කිසිඳු සාමනේර වහන්සේ නමක් බුදු දහමත් අනෙකුත් ආගම් අතරත් ඇති වෙනස නිවැරදිව පැහැදිලි කලේ නැත.

බුදු දහම අනෙකුත් දහම වලට ඉහලින් සිටින්නේ සිත දියුණු කිරීම නිසා පමණක් නොවේ. සිත ටිකින් ටික දියුණු කරන අතරම මාර්ඝ ඵල ලැබීමේ ක්‍රම වේදය අවබෝධ කර දීම නිසයි. මාර්ඝඵල ලැබීමේ ක්‍රමවේදය ලොව පවතින කිසිදු ආගමක නැත. මෙයයි බුදු දහමේ මූලික වෙනස. මගඵල ලැබීමේ ක්‍රමවේදය පෙන්වා දීම බුදු දහම ප්‍රාණ ඝාතය ට ලඝු කිරීමෙන් කල නොහැක. ප්‍රාණ ඝාතය නොකර සිටීමෙන් පෙර පින් තිබුනොත් දිව්‍ය ලෝකයේ අසුනක් වෙන්කර ගැනීමේ හැකියාව නම් ඇත. එය බුදු දහමේ අරුත නොවේ.

නියම නිර්මල බෞද්ධයෙක් නම් ඉහතින් දක්වන ලද බුදුන්වහන්සේ දේශනා කරන ලද පංච සීලයම වටහාගෙන එහි ප්‍රායෝගිකව යෙදිය යුතුය. එනම් පන්සිල් පද පහ පමණක් නොවේ. තවද වේරමනී සීලයට සුරාමේරය අයත් නැත. සුරාව ගැන බුදුන් වහන්සේ දක්වන්නේ පරාභව සුත්‍රයේ හා මහාමංගල සුත්‍රයේ පමණි. ඒ කෙලෙස් 1500න් එකක් ලෙසද නොවේ. පිරිහීමේ කරුණක් ලෙසයි.

බුදු රජාණන් වහන්සේ කෙනෙකු ලොව පහළවන්න කුමක් සඳහාදැයි පහද දැක්වෙන ගාථා පාඨය කියවීමෙන් දැන ගන්නා නිර්මල බෞද්ධයා මෙම මිත්‍යා දෘෂ්ඨිකයින්ට නැවතත් හසු නොවනු ඇත.


නහි සීලවතන් හේතු - උප්පන්ජන්තී තතාගථා
අට්ඨාක්කරා තීනි පාදා - සම්බුද්ධෙන පකාසිතා
බුදුන් කෙනෙකු ලොව පහල වන්නේ සීලය ගැන
හේතු  පහදා දීමට නොව, අකුරු අටකුත් පද තුනකුත් පහදා දීමටය

අකුරු අට නම් - ච තු අ රි ය ස ච ච - වේ.
පද තුන නම අනිච්ච දුක්ඛ අනත්ත වේ.

බුදු දහමේ පදනනම ප්‍රාණ ඝාතයවත්  මස් මාංසයවත් නොවන බව මෙයින්ම පැහැදිලිය. නිර්මල බුදු දහමේ පදනනම චතුරාර්ය සත්‍යයි. තිලක්ඛනයයි. අන් සියලු ආගම් වලින් වෙනස් වන්නේ මාර්ඝ ඵල ලැබීමේ ක්‍රමවේදය නිසයි. නිවන් ලැබීමේ මග නම් පංච උපාදානස්ඛන්දය පිලිබඳ තිලක්ඛනයට අනුව ගැලපීමට පුරුදු පුහුණු කිරීමයි. සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය හා විනය පිටකයේ ඇතුලත් අසුහාරදහසක් වූ ධර්මස්ඛන්ධය අනුගත කර තිබෙන්නේ මගඵල ලැබීම සඳහායි. කේන්ද්‍රගත වන්නේ තිලක්ඛනය, චතුරාර්ය සත්‍ය හා පංච උපාදානන්ඛන්ධය වෙතයි. මෙහිදී පළමු නිර්වාණය වන සෝතාපන්න වීම සඳහා ප්‍රාණඝාතය හෝ මස් මාළු නොකෑම කිසිඳු බලපෑමක් නොකරයි. මෙයින් කියන්නේ ප්‍රාණඝාතයට අනුබල දීම නොවේ. කල යුත්තේ සක්කාය දිට්ඨිය, විචිකිච්චාව හා සීලබ්භත පරාමසයෙන් වැලකීමයි. සෝතාපන්න වූ විට ටිකෙන් ටික අනෙකුත් සියලු අකුසල සිත් දුරුකොට මීළඟ මගඵල ක්‍රමානුකූලව ආයාසයකින් තොරව ලැබීමට පටන් ගනී. නියත නිර්මාංසය සීලබ්බත පරාමාසයකි. නිවන පමා කරන්නකි. මස් කෑම හෝ නොකෑම අන්තවාදීව නොකළ යුතුය. මස් කැබැල්ලක සතෙකු දැකීම නියත මිත්‍යා දෘෂ්ඨියකි. ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලේ ඇත්තේ සතර මහා ධාතු පමණි. ඒ ගැන දැන ධාතු මනසිකාරය කිරීම නිවන් මගට ආධාරකයකි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කොට ඇත්තේ එබැවිනි. මේ සරල ධර්මයකි. මස් මාංස පිලිබඳ රස තන්හාව ඇතිනම් අනාගාමී මාර්ඝයෙදී එය අඩුවී අනාගාමී ඵලය ලැබීමෙන් සම්පූර්නයෙන් දුරුවේ. ඒ දස සංයෝජන ධර්ම වලට අනුව කාමරාඝ පටිඝ මුළුමුනින් දුරුවන්නේ අනාගාමී ඵලය ලැබීමෙන් පසුව නිසායි.    

චතුරාර්ය සත්‍යත් තිලක්ඛනයත් යන දෙක නිවැරදිව අසා දැන පුරුදු පුහුණු කර සිත ධමනය කරන ලද බෞද්ධයා මුළු බුද්ධ සාසනයම දනී.

සබ්බ පාපස්ස අකරනං - සියලු පව් නොකිරීම (සියලු පව් ප්‍රාණඝාතය පමණක් නොවේ)   

කුසලස්ස උපසම්ම්පදා - කුසල් වැඩීම 
සචිත්ත පරියෝ දපනං - සිත පූර්ණ වශයෙන් ධමනය 
ඒ තං බුද්ධාන සාසනං - බුද්ධ සාසනයයි. 
ලෙස දැක්වූයේ මෙයයි.

මේ ටික පුරුදු පුහුණු කිරීම පහසු නොවූවද මේ ටික කුරු ආගමේන් ලැබුන පන්සිල් පද පහටටත් ප්‍රාණ ඝාතයටත් ලඝු කොට මෙකල නිඝන්ටයින්  විනාහ කරන්නේ නිර්මල බුදු දහමයි.

මොවුන් කිසඳු සමාවක් දිය නොහැකි ආකාරයෙන් බුදු දහම පෙනි පෙනී විකෘති කරයි.

බිහිදොරේ කරුණු දක්වන ඉහත වීඩියෝවේ සමිත නම්වූ සාමනේර වහන්සේගේ දේශනාවට සාවදානව සවන් දෙන්න. ඉච්ච හා මච්චරිය ගැන පවසයි. මේ කියන්නේ පට්ට පල බොරුවකි.

ඉච්ච් යනු බුදු දහමේ ඉතාම ප්‍රබල ලෙස අර්ථ දක්වන ධර්ම පරියායකි. ඒ බුදු කෙනෙකු පමණක් දේශනා කරන තිලක්ඛනයේ ඉච්ච සුඛ අත්ථ එනම් අනිච්ච දුක්ඛ අනත්ථ යන තිලක්ඛනයේ ද්වතාවයයි. ඉච්ච යනු පංච උපාදානස්ඛන්ධය තමා වසඟයේ පවත්වා ගත හැකියි එනම් තමා කැමති ලෙස පවත්වාගත හැකියි සිතන පෘතග්ජනයා ගැන කියවෙන බුද්ධ වචනයයි.

අනිච්චානු(අන්+ඉච්ච) පස්සි විහරති නිච්ච(පංච උපාදානස්ඛන්දය තමා වසඟයේ පවත්වාගත හැකියි) සංඥා පජාහති

දුක්ඛානු පස්සී විහරති සුඛ සංඥා පජාහති
අනත්තානු පස්සී විහාරත් අත්ථ සංඥා පජාහති

යනුවෙන් දේශනා කලේ මෙම ඉච්චා අතුලත් තිලක්ඛනය ධර්ම පරියායයි.


ඉච්ච හා බැඳුනු මාහා ධර්ම පරියාය නිසා එය ධර්මධර භික්ෂුවකට කිසිඳු විටෙක වරදින වචනයක් නොවිය යුතුය. පටි+ඉච්ච+සංඋප්පාද යනු පටිච්ච සමුප්පාදයයි. එනම් හේතුඵල ධර්මයයි. මෙය බුදුදහමේ මූලිකම හරයයි.  මෙහි දේශනය කරන සාමනේර වහන්සේ මෙම මූලික බුද්ධ වචනයට සම්පූර්ණම වැරදි අර්ථයක් දේ. ඊර්ෂ්‍යාව ඉච්ච ලෙස දක්වයි. මෙය මුළුමුනින්ම බුදු දහම වරදවා මහජනතාවට ඉදිරිපත් කිරීමකි. විකෘති කිරීමකි. සංඝබේද සුත්‍රයට අනුව මීට වඩා ආනන්තරීය පාපකර්මයක් නොමැත. ඊර්ෂ්‍යාව නම් ඉස්ස යන්නයි. මෙය චෛතසිකයකි. මෙහිදී කරන ප්‍රකාශය අත්වැරදීමක් ලෙස ගෙන සමාව දිය නොහැකිය. ඊට හේතුව මුළු බුදු දහමම පදනම් වන තිලක්ඛනයේ වචනයක් වරදවා ප්‍රකාශ කර ප්‍රසිද්ධ මාධ්‍යක ඉදිරිපත් කිරීම කිසිසේත් සමාව දිය නොහැකි ධර්මය විකෘති කිරීමක් නිසායි. සාමනේර වහන්සේගේ ධර්මය තමා විසින් පුරුදු පුහුණු නොකරන බවට මහජනතාවට ප්‍රත්‍යක්ෂ කිරීමකි. මෙය තමා පුහුණු කිරීමකින් තොරව කටපාඩම් කරගත් ධර්මය දෙසුමකි.
මොවුන් මුළු බුදු දහමම ප්‍රාණ ඝාතයට ලඝූ කර බොරු දේශනා කරන විට මෙවැනි වැරදි සිදු වීම වැළැක්විය නොහැකිය.

තවද මුළු බුද්ධ දේශනාවම කුසල අකුසල මූල මත එනම් රාග ද්වේශ මෝහ හා වීතරාග වීතද්වේශ වීතමෝහ මත පදනම් වී ඇති අතර එය මෙම සාමනේර වහන්සේ පවසන පරිදි  ඉරිසියාව එනම් ඉස්ස මත හා මච්චරිය හෙවත් මසුරුකම මත පමණක් පදනම් වී නොමැත. මෙම දේශනාව අසන විට එවැනි අදහසක් මහජනයාට ඇතිවේ.

තවද පන්සලේදී ප්‍රඥාව ලබා දෙන බව කියයි. ප්‍රඥාව එසේ ලබා දිය හැක්කක් නොවන බව යන්තම් බුදු දහම දන්නා ඕනෑම කෙනෙක් දනී. එය සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වල එන ඉන්ද්‍රීය බල එනම්
ශ්‍රද්ධා බල
වීර්ය බල
සති බල පරතෝඝෝෂක ප්‍රත්‍යෙන් එනම් සත්පුරුෂ ඇසුරෙන් දැන  තමා විසින් වඩවා ගත් විට
සමාධි බල හා ප්‍රඥා බල ලෙස තමා තුල ඉබේම වැඩෙන ධමතාවයන් දෙකකි. ප්‍රඥා බල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අසා දැන ප්‍රගුණ කිරීමෙන්නි. එසේ ප්‍රඥාව ලබා ගත හැක්කේ සුතා, දතා, විචතා, පරිචිතා, මනසිකරෝතීවා හා විප්පටියුත්තා ලෙස චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කිරීමෙනි.

මෙවැනි සරල දේ වැරදියට දේශනා කිරීම ප්‍රධාන ජන මාධ්‍යකදී සුදුසු නොවන්නේ නිර්මල බුදුදහම ගැන මහජනයා වැරදි වැටහීමක් ලබන බැවිනි.


තවද මෙම දෙශානාවේ වැරදි රාශියකි. නමුත් ඒවා මෙහි නොකියන්නේ උඩබලාගෙන කෙල ගැසිය නොහැකි නිසාය.

මෙම නිඝන්ටයින්ගේ බිහිදොර වැඩසටහනට ධර්මධර භික්ෂූන් වහන්සේ නොපැමිණේ. කොහෙන් හෝ සොයා ගත් කට හැකර දේශපාලන සාමනේර වහන්සේලා පමණක් පැමිණේ. එසේ සිදුව ඇත්ත මොවුන්ගේ ධර්මය ප්‍රාණඝාතයටත් බුදු දහම පවට හා පිනටත් ලඝුකොට දැක්වීම සංඝ ප්‍රජාව පිළිනොගන්නා නිසාවෙනි.



නිර්මල බෞද්ධයිනි ප්‍රවේසම් වන්න. බෞද්ධ නොවූ අනෙකුත් ආගමිකයිනි බෞද්ධයින් සමග ගැටුම් ඇති කර නොගන්න. මොවුන්ගේ පටු අදහස නිමල බුදු දහම නොවේ. NGO ධන කන්දරාවයි. ක්‍රමානුකූලව පෝෂණය නැතිකොට තරුණ බෞද්ධ ප්‍රජාව විනාශ කිරීමයි. ආගමික සංහිඳියාව නැති කිරීමයි. 

No comments:

Post a Comment